ඩොලරය සහා රුපියල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මගෙත් අදහස ඒක තමයි. රටේ අනව්‍යය වියදම් ඔක්කොම කපා හැරලා පහල, සහ මද්‍යම පාන්තික මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මොකද ඉහල පන්තියේ මිනිස්සුන්ට නම් කොහොමත් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත් විමේ ගැටලුවක් නෑනේ.

    ලංකාවේ ආර්ථිකය අනුව වෙන්නේ සුපිරිම පන්තියට සහ දුප්පත් පන්තියට ඒ අතර ඉන්න මිනිස්සු කැඩී කැඩී යන එක.

    සුපිරිම සල්ලි කාරයන්ට අනිත් දුප්පත්, මද්යම පන්තියේ මුදල් ඇදෙනවා
    මද්යම පන්තිය දුප්පත් වෙනව
    අන්තිමට ඉහල සුපිරි සහ අන්ත දුගී විදිහට බෙදෙනවා

    නිකමට හිතහන් මද්යම පන්තික මිනිසෙක් බිස්නස් එකක් කරන්නේ එක්කෝ ලෝන් අරං එක්කෝ ෆිනැස් කරල වාහන අරං
    ඉතිං ගොඩක් උන්ට රෝලක් ගෙනියනවා ඇරෙන්න ගොඩ ඒමක් නෑ
    සල්ලි තියෙන එකා උගේ තැන්පත් දනය ආයෝජනය කරල බිස්නස් එක කරන්නේ
    උට තව සල්ලි එකතු වෙනව ලොස් එකක් නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් උබල අපි රට කරවන තැනට යවල තියෙන්නේ ඉහල පන්තියේ එවන්නේ. එහෙම එකේ උන් කරයිද පහල පන්තියේ එවන්ට ඕනේ දේවල්.උන් කරන්නේ උන්ට ඕනේ දේවල්. රට ගැන ආසාවක් ඇති එවන් බොහොම පොඩ්ඩයි ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අනිත් ඔක්කොම තමන්ගේ දියුණුව තමයි බලන්නේ.
    වරද තියෙන්නේ එතනට යවපු උන්වත් ගිය උන්වත් නෙමෙයි මචන්. අවුරුදු 5කට 6කට සැරයක් රටේ ප්‍රතිපත්ති එහෙම පිටින්ම කනපිට පෙරලන එක. ඒකයි රටට ආයොජන කරන්න මිනිස්සු බය. මේ ආන්ඩුව ආයොජකයන්ට දෙන සහන ඊලග එවුන් ආපුවහම කපනවා, ඉතින් දීර්ග කාලීන ආයොජනවලට මිනිස්සු බයයි. උදාහරනෙකට බලහන්, විශ්ව විද්යාල උන්ට දුන්නු නායකත්ව පුහුනුව දැන් අලුත් ආන්ඩුවෙන් කපලා. ඒ වෙනුවට ඉන්ග්‍රීසි උගන්වනවා. මම කියන්නේ නායකත්ව පුහුනුවවත් ඉන්ග්‍රීසිවත් හොදයි කියලා හො නරකයි කියලා නෙමෙයි. ජාතික ප්‍රතිපත්තියක් තිබ්බා නම් නායකත්ව පුහුනුව කියන සාදකේ ආන්ඩු මාරුවත් එක්ක රටට නොගැලපෙන්න විදියක් නැ.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපේ මිනිස්සුන්ගේ ගැටලුවත් ඔක තමයි මචන්.. යුරොපියන්, ඇමෙරිකන් ඔස්ට්‍රිලියන් උන්ගේ ස්ටැන්ඩර්ඩ් එකට ඉන්න බලනවා නමුත් එකෙක්වත් කැමති නැ ඒ ස්ටැන්ඩර්ඩ් එකට එන්න දුක් විදින්න. ඔක්කොටම ඔනේ ක්ශනික නූඩ්ල්ස් වගේ එක රැයින් පොසත් වෙන්න. සමහර් උන් ඉන්නවා අතේ තියෙන්නේ ලක්ශ 10ක් නම් ලක්ශ 30ක වාහනයක් ගන්න සෙට් වෙනවා, හැබැයි අන්තිමට පෙට්‍රල් ගහගන්න සල්ලි නැ. වාහනේ ගෙදර තියලා ඌ පරන පුරුදු බස් එකේම යනවා. ඒ වගේ සොබන වැඩ කරන උන් ඉන්නකන් ගොඩ යාමක් නැ. ඒ මිනිහා ඒ යට කරපු සල්ලියෙන් වියාපාරයක් කරලා ඒ ලැබෙන ආදායමෙන් වාහනේ ගත්තා නම් ඌ රටටත් සේවයක් කරලා තමනුත් දෙයක් උපයගෙන. අනික් රටවල් අද සැප විදින්නේ කාලයක් දුක් විදලා.

    මහින්ද අප්පචිචිත් කලේ ඕකමනේ, aduma gaane eka loku factory ekak haduwanan mattala hadapu salli walin.
     

    dickensian

    Well-known member
  • ලංකාවේ ආර්ථිකය අනුව වෙන්නේ සුපිරිම පන්තියට සහ දුප්පත් පන්තියට ඒ අතර ඉන්න මිනිස්සු කැඩී කැඩී යන එක.

    සුපිරිම සල්ලි කාරයන්ට අනිත් දුප්පත්, මද්යම පන්තියේ මුදල් ඇදෙනවා
    මද්යම පන්තිය දුප්පත් වෙනව
    අන්තිමට ඉහල සුපිරි සහ අන්ත දුගී විදිහට බෙදෙනවා

    නිකමට හිතහන් මද්යම පන්තික මිනිසෙක් බිස්නස් එකක් කරන්නේ එක්කෝ ලෝන් අරං එක්කෝ ෆිනැස් කරල වාහන අරං
    ඉතිං ගොඩක් උන්ට රෝලක් ගෙනියනවා ඇරෙන්න ගොඩ ඒමක් නෑ
    සල්ලි තියෙන එකා උගේ තැන්පත් දනය ආයෝජනය කරල බිස්නස් එක කරන්නේ
    උට තව සල්ලි එකතු වෙනව ලොස් එකක් නෑ.

    yeah the major interrogation is with the capital..
    sri lanka is a country where you can earn a lot only with advertising..
    no matter how the product is, still you can earn with the publicity..
    if you are having the pivotal capital.. then you are done..;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,428
    113
    රටක දේශපාලන සහ ආර්ථික දිශානතිය තීරණය කරන්නේ බුර්ෂුවා පන්තිය කියල ජාක්ස් ඩෙරීඩ කියල තියන එක හරි නේ බං ඉතිං.......
    ඕස්ට්‍රේලියාව දිහාට චුතවෙන්න අදහසක් නැද්ද?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕස්ට්‍රේලියාව දිහාට චුතවෙන්න අදහසක් නැද්ද?:dull:
    අනේ මංද බං.....:dull:මේ රට ගැන නම් නප්පියට ම කළකිරිල ඉන්නේ....
    මම ඒහේ ඩෙන්ටල් කවුන්සිල් එග්සෑම් එකත් කරන්න පටන් ගත්තා...
    නමුත් අපේ බිරින්දෑ අහනව ඉතිං මොකක්ද ඔය තරම් ආර්ථාක ප්‍රශ්න තියනව ද, දෙයියනේ කියල ඉන්නව නේ, මොකටද නිකං ඔය ආසාවල් පිටිපස්සේ දුවන්න ගිහින් විදවන්නේ කියලා...
    ඒකත් ඇත්ත තමා ඉතිං.....:dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද අප්පචිචිත් කලේ ඕකමනේ, aduma gaane eka loku factory ekak haduwanan mattala hadapu salli walin.
    රටේ මිනිස්සු හරියට එක අවුරුදු 5ක් මහන්සිවෙලා වැඩ කලොත් මේ රට ගොඩ ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානේ, සිරියාව ඉරාකේ වගේ තැනකට තල්ලු වෙච්ච රටක් නෙමෙයිනේ මේක. මේක ඇතුලේ ඉන්න උන්ම වල ඉහගෙන කන්න ගිහින් තමා මේ තත්වේ ඇති වෙලා තියෙන්නේ. රටට ආදායම් ගෙනාවොත් දවසක ලැම්බොගිනි ගන්න බැරි උනත් අඩු තරමේ හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම කාර් එකක්ල් ගන්න ආදායමක් ස්තිරව හදලා දෙන්න බැරි කමක් නැ. මම හිතන්නේ මේ අලුත් ආන්ඩුවේ තියන කර්මාන්ත කලාප, කෘශිකර්මාන්ත කලාප කියන සන්කල්පේ වටිනවා. ඊඉකෙන් අපිට පුලුවන් මුලු බාන්ඩයම නිමි නිපැයුමක් හැටියට වෙලදපොලට දෙන්න. එතකොට වෙලදපොල මත තීරනය වෙන තරගකාරී මිලක් ලැබෙනවා, අමුද්‍රව්ය වශයෙන් පිට රට පටවනවට වඩා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන තියන සිද්දිය මේකයි......ඩොලර් එකේ මිල තීරණය වෙන්නේ අනික් ඕනෙම දෙයක් වගේ ඉල්ලුම සැපයුම මතයි දැන් වෙලා තියෙන්නේ පිට රටවලින් බඩු ගන්න අපි ඩොලර් වලට ලොකු ඉල්ලුමක් හදල තිබ්බට ඊට සාපේක්ෂව අපේ බඩු ගන්න පිටරටවලින් ප්‍රමාණවත් ඩොලර් සැපයුමක් නැති එකයි

    මහබැංකුව පහුගිය කාලේ කරේ තමන්ගේ විදේශ සංචිත වෙළඳපොළට දාල සැපයුම කෘතිමව ඉහල දාපු එකයි එතකොට තමයි මිල පාලනය උනේ නමුත් මේක තාවකාලික පැලැස්තරයක් විතරයි.....අපිට ආනයන වලදී ලැබෙන ලාභය අනික් අතින් විදේශ සංචිත වලින් කැපිල යනවා ඒ මිසක් ඕකෙන් රටට ලාභයක් වෙන්නේ නැහැ

    අනික් අතට ඒක විෂම චක්‍රයක් ඩොලර් එක ඉහල ගියාම හරිනම් ආනයන අදිරිමත් වෙලා අපනයන දිරිමත් වෙලා යම් තුලනයකට එන්න ඕනේ නමුත් මහබැංකුවේ මැදිහත්වීම නිසා වෙන්නේ ආනයන තව තවත් දිරිමත් වෙලා ඩොලරය තවත් ඉහල ගිහින් මහබැංකුවට තවත් ණය අරන් සල්ලි පොම්ප කරන්න වෙන එකයි......මේක ඉවරයක් නැති විෂම චක්‍රයක්

    ඒක නිසා මම හිතන්නේ අමාරු උනත් මේ අරන් තියන තීරණය තමයි නිවැරදි තීරණය කියල
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    $ හොයන අයට හොදයි.. $ හොයන ගොඩ දෙනෙක්ට සල්ලි තියෙනවනේ.. එහෙම හොයන අය ගොඩක් අඩුයි..

    ඒත් රටට හොද නෑනේ.. දුප්පත් මිනිහා අසරන වෙනවනේ..
    අපේ රටේ අමුද්‍රවය තුට්ටු 2ට රට පටවන්නේ නැතුව ඒවලින් යම් යම් බාන්ඩ නිශ්පාදන කරලා අපනයනය කලා නම් රටට හොදයි..

    අගය දවසින් දවස වෙනස් වීම නිසා යම් යම් ශේස්ත්‍ර වල අස්තාවර බවක් ඇතිවෙන්න පුලුවන්.. උදාහරනයකට වාහන ආනායනය.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මහින්ද අප්පචිචිත් කලේ ඕකමනේ, aduma gaane eka loku factory ekak haduwanan mattala hadapu salli walin.

    eyata one wune eyage loku nama, mahinda rajapakse international kiala hadanna ne, ekai eyage prashne une, dan okata enne ali witharai, eyage boru sobana weda hinda lankawe minissunge thamai mudal apathe giye, lankikayage mudal.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    $ හොයන අයට හොදයි.. $ හොයන ගොඩ දෙනෙක්ට සල්ලි තියෙනවනේ.. එහෙම හොයන අය ගොඩක් අඩුයි..

    ඒත් රටට හොද නෑනේ.. දුප්පත් මිනිහා අසරන වෙනවනේ..
    අපේ රටේ අමුද්‍රවය තුට්ටු 2ට රට පටවන්නේ නැතුව ඒවලින් යම් යම් බාන්ඩ නිශ්පාදන කරලා අපනයනය කලා නම් රටට හොදයි..

    අගය දවසින් දවස වෙනස් වීම නිසා යම් යම් ශේස්ත්‍ර වල අස්තාවර බවක් ඇතිවෙන්න පුලුවන්.. උදාහරනයකට වාහන ආනායනය.

    Wideshiya minimen hoyana aya hugak innawa, eken 80%kma Meda peradiga ratawal walin.

    US$ walin upayana aya athi .3k wage e athara.

    Me minissunta kohethma wattamak labenne nehe, e mudal apahu welendata yay, kiri piti, thel, arawa mewa wedi unama.

    hebei meken hugak duk widinne duppath minissu saha meda pathiye aya.