තටු සිඳුනු සමනළී.....1

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
තටු සිඳුනු සමනළී.....1

ඉර පායලා ගිනි ගහන අව්වෙ වාහන තදබදේ නම් අඩුවක් නෑ.කොහොමටත් කලබල කාරී,ජනගහණය අධික නගරයක් විදියට නුගේගොඩ නගරය සලකන නිසා,නුගේගොඩට යන එන අයට මේක අමුත්තක් නෑ.සෙනසුරාදා දවසක් නිසා දේදුනු පාටින් ඇඳුම් ඇදගත්තු කොල්ලො කෙල්ලොන්ගෙන් පාර පිරිලා.තැන තැන කිචි බිචි ගගා මුකුළු කරන ජෝඩු එහෙමත් ඔය අතරෙ හිටියා.

මමයි,නිශායි,හසීයි මේ අරුමෝසම් ලෝකෙට අලුතෙන් ගොඩ බැස්සා වගේ,හිමින් හිමින් පාර දිගේ ඇවිදන් ගියා.එදා තමයි අපේ සංයුක්ත ගණිතයට පංතියකට යන පළවෙනි දවස.තුන් දෙනාම ඉතින් පළවෙනියටම උසස් පෙළට අද තමයි පංති යන්න පටන් ගත්තෙ.හසී මගේ හොදම යාලුවෙක්.මම පුංචිම කාලෙ ඉදන් දන්නවා.ඒත් ඉස්කෝලෙ හතේ පංතියෙ ඉදන් තමයි හසී මගේ ළගම ළග යාළුවෙක් උනේ.සහෝදරියක් තරම් ළං උනේ.නිසා නම් අඳුරගත්තෙ හසී හින්දා.නිශා හසීගෙ හොදම යාලුවෙක්.තුන් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට.තුන් දෙනාම සාමාන්‍ය පෙළ විභාගෙ ඉහලින්ම සමත්. පොඩි කාලෙ ඉදන් ගණන් හදන්න තිබ්බ ආසාව හින්දයි,සාමාන්‍ය පෙළ විභාගෙ ඉහළින්ම සමත් හින්දායි,උසස් පෙළට සංයුක්ත ගණිතය කරන්න තෝරගත්තෙ.


“අපි හොදටම පරක්කුයි හසී..බලන්නකෝ වෙලාව.දෙකට පංතිය පටන්ගන්නෙ.”
නිශා කෑ ගහන්න ගත්තා.


“දෙයියනේ…….!!ඔව්මයි..කොහෙද මේ බස් එක ආව නෙවෙයි බඩ ගෑවානෙ.”


හසී එහෙම කිව්වෙ තරහින් වගේ.අපි ආව බස් එක ඇත්තටම ආවෙ හුගාක් හිමින් නිසයි.


“ඉක්මණට යමු.තවත් පරක්කු වෙන්නෙ නැතිව..”මමත් එහෙම කියාගෙනම ඉක්මණ් ගමනින් යන්න පටන් ගත්තා.

අපි යනද්දිත් පන්තිය පිරෙන්න ළමයි ඇවිත්. ඉඳගන්න ඉඩක්වත් නෑ. සර් අපිට ඉසරහම තැනක් පෙන්නලා ඉඳගන්න කිව්වා.අපිත් ඉතින් පණ බයේ ගැඩි ගැහි වාඩි වුනා.


“අම්මෝ…බයේ බෑ..අනිත් දවසෙනම් කළින් ඇවිත් පිටිපස්සෙන් වාඩිවෙමු”


හසී ඇස් දෙකත් ලොකු කරන් කිව්ව විදියට ඇත්තටම මට හිනා ගියා.


“ඔව් ඔව් මේකිට ඉස්සරහා හිටියාම කොල්ලො බලන්න බෑනෙ.ඒකයි ඔය”
නිශා කෑ ගැහුවා.
“අනේ මේ…මට ඕනෙ කොල්ලෙක් නෑ…කොල්ලො බලන්නද පංති ආවෙ..මම ආවෙ ඉගනගන්න.”


හසී ත් අතෑරියෙ නෑ..නිශාට ගෝරනාඩු කලා.


“ කෝ අනේ මේ සර්??”
සර් එළියට ගිහින්.ළමයි කෑ ගහනවා..දගලනවා..ඔය අතරෙ පංතිය පුරාම කොළ ගුලි උඩින් යනවා.ඩෙස් උඩ බංකු උඩ වැටෙනවා.පිරිමි ළමයි ගෑණු ළමයින්ට කොළ ගුලි වලින් ගහනවා.ඔය අතරේ මගේ ඔළුවටත් කොළ ගුලියක් වැදුනා. ඒත් එක්කම මට ඒ කොළ ගුලිය ආව දිහා බැලුනා..


දෙයියනේ….!!! ඒ මූණ අහිංසක ඇස්, මගේ හිත මොහොතකට නැවතුනා වගේ මට දැනුනෙ. අවුල් වුන කොණ්ඩෙ.ඒ මූණට ගෙනත් තිබ්බෙ අමුතුම ලස්සනක්.මගෙ දිහා බලලා හුරතලේට වගේ හිනා වුනා.. මාව අතරමං වුනා..
“අහිංසක මූණක් නම් තියනවා.ඒත් දගයෙක් වගේ..කොළ ගුලි ගහලා,තව හිනා වෙන්නත් එනවා.පිස්සු කොල්ලෙක්” මගේ හිත මටම කියාගත්තා. ඒත් එක්කම සර් ඇවිත්.


“කොහෙද බං ඔය බෙල්ල කඩාගෙන බලන්නෙ.මෙහෙ සර් ඇවිත්” හසීගෙ කෑගැහිල්ලෙන් මාව ගැස්සුනා.


“හා හා…මෙයා මේ බෙල්ල කරකව කරකව කොල්ලො බලනවා.” නිශා ත් මට විහිළු කළා.
“අනේ යන්න නිසා යන්න.මම මේ කොළ ගුලියක් ගැහුව හින්දයි බැලුවෙ.” මම නිදහසට කරුණු කිව්වා.


ඊටපස්සෙ පංතියෙ වැඩ පටන් අරගෙන කරගෙන ගියා..නිසාත් මාත් හසීත් උනන්දුවෙන් ඉගනගන්න මහන්සි වුනා.ඒත් මගේ හිතට මොකක්දෝ මංදා අමුත්තක් දැනුනා..ඒක පංතියෙ පළවෙනි දවස හින්දානම් නෙවෙයි කියලා මට හිතුනෙ.

පංති ඉවර වෙලා යන්න එළියට එනකොට මට මහා ලෝබ කමක් ඇති වුනා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ඒ සුදු මූණ ආයෙමත් එක සැරයක් බලාගන්න. එහෙම හිතාගෙන මම ඇස් දෙක කැරකෙව්වා පංතිය වටේම. ලේසි නෑ..ළමයි හාර පන්සීයක් අස්සෙ මගේ හිත නැවතුනු ඒ ඇස් හොයන්න..මම තවත් විපරම් කළා..එකසැරේම ඒ ඇස් ළග මගේ ඇස් නැවතුනා..ඔව්.. ආයෙමත් ඒ හුරතල් හිනාවත් එක්ක මගේ දිහාම බලාගෙන එයා පංතියෙ දොර ළග.මම බිම බලාගෙන හිමින් සැරේ එතනින් එළියට ආවා..හසී යි නිශා යි මටත් ඉස්සෙල්ලා එළියට ගිහින්.

“හරි නරකයි..දෙන්නත් එක්ක මාව දාල ගියා නේ??”මම නෝක්කාඩු කිව්වා.


“අපි දාලා ගියේ නෑ..ඔයා තමා වටපිට බල බල පරක්කු වුනේ..” හසී කිව්වා.


මගේ වරද හින්දා මාත් කරබාගත්තා..අපි තුන් දෙනා එහෙම්ම රොටරියෙන් එළියට ආවෙ..අපේ පළවෙනි උසස් පෙළ පංතිය සතුටු දායක මට්ටමක තිබුනු නිසා.ඒ සතුටට අමතරව තවත් අමුතු අහිංසක සතුටක් මගේ හිතේ කොනක හැංගිලා තිබ්බා..

එදා හවස මම ගෙදර ඇවිත් මගේ දින පොතේ කුරුටු ගෑවා.ඒ කුරුටු ගාපු කවිය අද වෙද්දි මගේ ජිවිතේ හුගාක් වෙනස් කරයි කියලා හිතුවේ නෑ එදා මම.



ඔය මූණ දැක්කහම..
මගේ හිත මේ තරම් තිගැස්සෙන්නෙ ඇයිද මන්දා....
ඔයාගෙ අහිංසකම හිනාවට
මගේ හිතේ හැම දුකක්ම අමතක වෙනවා....
සත්තයි......
මට මොහොතකට හුස්ම ගන්නත් අමතක උනා....
මම හිතුවා මගේ හුස්ම නවතිවී කියලා.......
ඔව්…ඔයා කොහෙන්දෝ ඉඳන් ඇවිත්
මට මාවත් අමතක කළා……

එදා ඉදන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙන්න ගත්තෙ..හරිම ඉක්මනට……
 
  • Like
Reactions: ~Titi~

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
you have a good talent to write stories I suggest you to do some porn/erotic stories.
they have a good demand in these days.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
remove dis man....dont show ur ignorance.....

no you ought to remove your comment, it's a hindrance to freedom of speech.
what I said was a suggestion, what you said was a threat.
beside threats are against the rules in EK.
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ha ha...suggestion...:lol::lol:

meSXv.jpg

lol gtfo man.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
dont insult her..and to her skills...dat u dont have..man......

I've never insulted anyone. beside who are you to concuss me? it's not your task to perform in here.
like I said it was a suggestion. how come you grasp a suggestion as a humiliation? or perhaps you are a religious extremist who take everything outside of your narrow mind as a humiliation? I don't give a f8K about you. if u done commenting move along :lol:
 
Last edited:

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,nice,,,,,,,nice,,,,,,nice,,,,,,
    :cool::cool::cool::cool::cool:

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සනයි....
    කෝ කතාවේ ඉතුරු ටික ...? +3
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0

    “කොහොම හරි එක පාරින්ම විභාගෙ පාස් වෙයන් මගෙ දුවේ.. ඔය විඳින දුක එක සැරයයිනෙ එතකොට..”


    “ඔව් අම්මා. කොහොමහරි එක සැරෙන්ම ගොඩ යන්නයි මාත් බලන්නෙ. අමාරුයි තමා. ඒත් උත්සාහ කරනවා පුළුවන් තරමක්.බැරි ව්එන එකක් නෑ..”



    “බුදු සරණයි මගෙ දුවට!!!!”

    උදේ පාන්දර ඉස්කෝලෙ යන්න කලින් බුදු පහන පත්තු කරලා අම්මට වඳින්න යද්දි අම්මා කියපුවා මට හදිස්සියෙම මේ වෙලාවෙ මතක් වුනා.අපේ පංති භාර මිස් තමා භෞතික විද්යාව උගන්වන්නෙ.මිස් දෙමවුපියොන්ගෙ දුක් මහන්සිය ගැන මතක් කරලා , විභාගෙ පාස් වෙන එක කොයිතරම් වැදගත්ද කියල මතක් කරලා දේශනයක් දෙද්දි මට ඉබේටම වගේ මතක් වුනේ අම්මාවයි.සමහර වෙලාවට මිස් කියන කතා වලින් පුදුම හයියක් එනවා හිතට ඉගනගන්න.

    “ඒයි මධූ …… උඹ දවල් හීන බලනවද???”

    ශමල්කාගෙ කෑගැහිල්ල නිසා මම ගෙදරින් මිදිලා ආයෙමත් ඉස්කෝලෙට ආවා.

    “නෑ ශමල්කා. මං මේ කල්පනා කලේ අපි මේ A/L විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ නේ??සෑහෙන්න මහන්සි වෙන්න වෙයි”

    “අහ් ඒකට මේ මිස් බණ කියන වෙලේ දවල් හීන බලලා හරියනව්ද බං?? අපි හොඳට වැඩ කරමු.”

    ශමල්කා එහෙම කිව්වෙ ඇත්තටම හිතට හයියක් අරන්.මටත් ඒ වචන ටික හයියක් වුනා.මම දිග හුස්මක් අරන් පොත් ටික අස් කරලා බෑග් එකට දාගත්තෙ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක වදින මොහොතෙමයි.මුළු පංතියම එකම කළබලයක්.ගෙදර දුවනවට වඩා ටියුෂන් පංතියට දුවන්නයි හැමෝගෙම කළබලේ තිබ්බෙ.

    “මධූ… දුවන්න ලෑස්තිවෙලා ඉන්න.බස් එකට නැගලා සීට් එකක් අල්ලගන්න ඕනෙ.”

    හසී අපේ පංතිය දොරකඩට ඇවිත් කෑගැහුවා.

    පොඩි කාලෙ ඉඳන් එකටම හිටපු,දුක සැප බෙදගත්ත දන්න කියන ළගින්ම හිටපු හොඳම යාළුවො ටික ඔක්කොම එහා පංතියෙ තමයි ඉගනගත්තෙ.ඔක්කොමලා සංයුක්ත ගණිතය කළත් අපිට පංති දෙකක ඉගනගන්න වුනේ මගේ අවාසනාවකට කියලයි අදටත් මං විශ්වස කරන්නෙ.පොඩි කාල් ඉඳන්ම එකට උන්නු දන්න කියන යළුවො ටික ළගින් නැති අඩුව ඒ තරමට මට දැනුනු අවස්ථා තිබුන නිසා.
    ගාථා ගායනා කරලා,ඉස්කෝලෙ අරෙන බෙල් එක වැදුනා විතරයි කඩි ගුලක් ඇවිස්සුන වගේ පොදි කන ළමයි අතරේ මාත් හනි හනිකට පංතියෙන් පැනගත්තෙ බස් එකට දුවන්න.ඒ වෙනකොටත් මගේ අතිජාත යාළුවො සෙට් එකම මටත් කළින් පංති වලින් පැනගෙන ඉවරයි. හංසි,හසී,නිශා,දිලූ, තමාෂි තරගෙට වගේ දිව්වා.

    ඒත් අපි බස් එකට යන මොහොත වෙද්දිත් ඔක්කොම සීට් පිරිල ඉවරයි. අපිට වඩා ඉක්මණට ආපු ළමයි ඒවගෙ වාඩි වෙලා.සුපුරුදු පරිදි එදත් අපි හිටගෙන.


    “ ඉඳගෙන යනවා වගේද මෙහෙම හිටගෙන පැද්දි පැද්දි ,හුළං වැදි වැදි යද්දි. කොච්ච්ර ජොලිද…”

    හංසි කවදත් වගේ සුපුරුදු කටකාරකම ඉස්සරහ දැම්මා.දිලූ සහ තමාෂි නුගේගොඩ පංති තිබෙන දිනවලට අපේ බස් එකේ යන්න එන එක කොහොමත් විනෝදෙන් යන අපිට තවත් විනෝදජනක වුනා.

    “ ඒක නෙවෙයි හසී…කොහොමද combined maths class එක??”

    “හම්මා…… කියලා වැඩක් නෑ… නියමායි..”

    “ෂුවර් එකට මේකි පැනගෙන යන්නෙ කවුරුහරි ඇති බලන්න.”
    තමාෂි පටන්ගත්තෙ හොඳකට නෙවෙයි කියල මට හිතුනා.


    “අනේ… අපිටනම් කවුරුත් නෑ බලන්න.. ඔය සමහරුන්ටනම් ඉතින් ගිය දවසෙම පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදිලාලු”

    නිශා ඇස් කරකව කරකව කිව්ව විදියට හැමෝගෙම කුතුහලය ඇවිස්සුනා කියලා මූණු බැලුවහම පෙනුනා.නිශා මේ වටින් ගොඩින් කියන්න එන්නෙ එදා මං කොළ ගුලි ගහපු අහිංසකයා ගැන උනන්දු වුන එක ගැනවත්ද.. එහෙම වුනොත්නම් ඉඳලා හමාරයි. මුංගෙ කටවල් ගැන නොදන්නවයැ මම.

    “කාටද බං ඒ?? පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදුනෙ?? මේ අපේ… ම…ධූ… ටවත් ද??”
    හරි..හිතුවා වගේම හරි.. දන් ඉතින් ඉඳලා ඉවරයි.

    “ මොනා…. මට?? මටනම් එහෙම විශේෂයක් නෑ… පංතිය හොඳයි.. නියම සර්.. හොදට උගන්වනවා”
    වෙලාවෙ හැටියට මාත් කටට ආව එකක් කියගත්තා. ඒත් හසීගෙන් බේරුමක් වුනේ නෑ.අන්තිමට මට එදා සිද්ධ වුනු සිද්ධිය කියන්නම වුනා.

    “එහෙනම් ඒකත් ජස සිරි මංගලම් කිව්වාලු”

    “ ඔන්න ඔන්න ඕකනෙ බැරි මොකක්හරි කියන්න.ඕගොල්ලො හිතන්නෙම අනිත් පැත්ත. මං කිව්වෙ ඒ පිරිමි ළමයා හරිම අහිංසක පාටයි කියලනෙ.”

    “හා හා අපි බලමුකෝ… ඉස්සරහට.. අපිත් ඉන්නවනෙ නංගී…දවසක පෙන්නන්නකෝ අපිටත් ඔය අහිංසක කොලු පැටියාව”

    තමාෂි මගේ කනෙන් අදින ගමන් කිව්වා.

    “ඒයි තමාෂි බහින්නෙ නැද්ද ??? නුගේගොඩත් පහුවෙනවා මුන්ගෙ කතා අහන්න ගිහින්…”

    දිලූයි තමාෂියි අපෙන් සමු අරන් බහින්න සූදානම් වුනේ නුගේගොඩින්. බස් එක නුගේගොඩින් පහුවෙනවාත් එක්කම ,දෙයියනේ …අහිංසකයා…. මේ එයා නේද??? ඔව් එයාමයි…මේ එයාමයි…..ඒ කියන්නෙ එයාට අද පංතියක්.. රොටරිය පැත්තටනෙ යන්නෙ.

    “හසී… බලන්න.. අර අර.. අර බෝයි… “

    “මොකාද බං කෝ??? කෝ??”

    “අර කොළ ගුලි ගහපු අහිංසක බෝයි අනේ…”

    “ඈ…ඔව් නේන්නම්… ඒකා නේන්නම්….හම්මා…. කෙල්ලගෙ ලක් එක බලාපල්ලකෝ…දැන් ඉස්කෝලෙත් දැනගත්ත නේ… නියමයි. අපි බලමුකෝ මේ සෙනසුරාදට..”
    මගේ ඉහේ මලක් පිපුනා වගේ..හිත පුරාම අමුතු සතුටක්… කියගන්න තේරෙන්නෙ නෑ….බලමුකෝ..මේ සෙනසුරාදට එයිනෙ… සෙනසුරාදට තව දවස් දෙකයිනෙ………