තටු සිඳුනු සමනළී.....1
ඉර පායලා ගිනි ගහන අව්වෙ වාහන තදබදේ නම් අඩුවක් නෑ.කොහොමටත් කලබල කාරී,ජනගහණය අධික නගරයක් විදියට නුගේගොඩ නගරය සලකන නිසා,නුගේගොඩට යන එන අයට මේක අමුත්තක් නෑ.සෙනසුරාදා දවසක් නිසා දේදුනු පාටින් ඇඳුම් ඇදගත්තු කොල්ලො කෙල්ලොන්ගෙන් පාර පිරිලා.තැන තැන කිචි බිචි ගගා මුකුළු කරන ජෝඩු එහෙමත් ඔය අතරෙ හිටියා.
මමයි,නිශායි,හසීයි මේ අරුමෝසම් ලෝකෙට අලුතෙන් ගොඩ බැස්සා වගේ,හිමින් හිමින් පාර දිගේ ඇවිදන් ගියා.එදා තමයි අපේ සංයුක්ත ගණිතයට පංතියකට යන පළවෙනි දවස.තුන් දෙනාම ඉතින් පළවෙනියටම උසස් පෙළට අද තමයි පංති යන්න පටන් ගත්තෙ.හසී මගේ හොදම යාලුවෙක්.මම පුංචිම කාලෙ ඉදන් දන්නවා.ඒත් ඉස්කෝලෙ හතේ පංතියෙ ඉදන් තමයි හසී මගේ ළගම ළග යාළුවෙක් උනේ.සහෝදරියක් තරම් ළං උනේ.නිසා නම් අඳුරගත්තෙ හසී හින්දා.නිශා හසීගෙ හොදම යාලුවෙක්.තුන් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට.තුන් දෙනාම සාමාන්‍ය පෙළ විභාගෙ ඉහලින්ම සමත්. පොඩි කාලෙ ඉදන් ගණන් හදන්න තිබ්බ ආසාව හින්දයි,සාමාන්‍ය පෙළ විභාගෙ ඉහළින්ම සමත් හින්දායි,උසස් පෙළට සංයුක්ත ගණිතය කරන්න තෝරගත්තෙ.
“අපි හොදටම පරක්කුයි හසී..බලන්නකෝ වෙලාව.දෙකට පංතිය පටන්ගන්නෙ.”
නිශා කෑ ගහන්න ගත්තා.
“දෙයියනේ…….!!ඔව්මයි..කොහෙද මේ බස් එක ආව නෙවෙයි බඩ ගෑවානෙ.”
හසී එහෙම කිව්වෙ තරහින් වගේ.අපි ආව බස් එක ඇත්තටම ආවෙ හුගාක් හිමින් නිසයි.
“ඉක්මණට යමු.තවත් පරක්කු වෙන්නෙ නැතිව..”මමත් එහෙම කියාගෙනම ඉක්මණ් ගමනින් යන්න පටන් ගත්තා.
අපි යනද්දිත් පන්තිය පිරෙන්න ළමයි ඇවිත්. ඉඳගන්න ඉඩක්වත් නෑ. සර් අපිට ඉසරහම තැනක් පෙන්නලා ඉඳගන්න කිව්වා.අපිත් ඉතින් පණ බයේ ගැඩි ගැහි වාඩි වුනා.
“අම්මෝ…බයේ බෑ..අනිත් දවසෙනම් කළින් ඇවිත් පිටිපස්සෙන් වාඩිවෙමු”
හසී ඇස් දෙකත් ලොකු කරන් කිව්ව විදියට ඇත්තටම මට හිනා ගියා.
“ඔව් ඔව් මේකිට ඉස්සරහා හිටියාම කොල්ලො බලන්න බෑනෙ.ඒකයි ඔය”
නිශා කෑ ගැහුවා.
“අනේ මේ…මට ඕනෙ කොල්ලෙක් නෑ…කොල්ලො බලන්නද පංති ආවෙ..මම ආවෙ ඉගනගන්න.”
හසී ත් අතෑරියෙ නෑ..නිශාට ගෝරනාඩු කලා.
“ කෝ අනේ මේ සර්??”
සර් එළියට ගිහින්.ළමයි කෑ ගහනවා..දගලනවා..ඔය අතරෙ පංතිය පුරාම කොළ ගුලි උඩින් යනවා.ඩෙස් උඩ බංකු උඩ වැටෙනවා.පිරිමි ළමයි ගෑණු ළමයින්ට කොළ ගුලි වලින් ගහනවා.ඔය අතරේ මගේ ඔළුවටත් කොළ ගුලියක් වැදුනා. ඒත් එක්කම මට ඒ කොළ ගුලිය ආව දිහා බැලුනා..
දෙයියනේ….!!! ඒ මූණ අහිංසක ඇස්, මගේ හිත මොහොතකට නැවතුනා වගේ මට දැනුනෙ. අවුල් වුන කොණ්ඩෙ.ඒ මූණට ගෙනත් තිබ්බෙ අමුතුම ලස්සනක්.මගෙ දිහා බලලා හුරතලේට වගේ හිනා වුනා.. මාව අතරමං වුනා..
“අහිංසක මූණක් නම් තියනවා.ඒත් දගයෙක් වගේ..කොළ ගුලි ගහලා,තව හිනා වෙන්නත් එනවා.පිස්සු කොල්ලෙක්” මගේ හිත මටම කියාගත්තා. ඒත් එක්කම සර් ඇවිත්.
“කොහෙද බං ඔය බෙල්ල කඩාගෙන බලන්නෙ.මෙහෙ සර් ඇවිත්” හසීගෙ කෑගැහිල්ලෙන් මාව ගැස්සුනා.
“හා හා…මෙයා මේ බෙල්ල කරකව කරකව කොල්ලො බලනවා.” නිශා ත් මට විහිළු කළා.
“අනේ යන්න නිසා යන්න.මම මේ කොළ ගුලියක් ගැහුව හින්දයි බැලුවෙ.” මම නිදහසට කරුණු කිව්වා.
ඊටපස්සෙ පංතියෙ වැඩ පටන් අරගෙන කරගෙන ගියා..නිසාත් මාත් හසීත් උනන්දුවෙන් ඉගනගන්න මහන්සි වුනා.ඒත් මගේ හිතට මොකක්දෝ මංදා අමුත්තක් දැනුනා..ඒක පංතියෙ පළවෙනි දවස හින්දානම් නෙවෙයි කියලා මට හිතුනෙ.
පංති ඉවර වෙලා යන්න එළියට එනකොට මට මහා ලෝබ කමක් ඇති වුනා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ඒ සුදු මූණ ආයෙමත් එක සැරයක් බලාගන්න. එහෙම හිතාගෙන මම ඇස් දෙක කැරකෙව්වා පංතිය වටේම. ලේසි නෑ..ළමයි හාර පන්සීයක් අස්සෙ මගේ හිත නැවතුනු ඒ ඇස් හොයන්න..මම තවත් විපරම් කළා..එකසැරේම ඒ ඇස් ළග මගේ ඇස් නැවතුනා..ඔව්.. ආයෙමත් ඒ හුරතල් හිනාවත් එක්ක මගේ දිහාම බලාගෙන එයා පංතියෙ දොර ළග.මම බිම බලාගෙන හිමින් සැරේ එතනින් එළියට ආවා..හසී යි නිශා යි මටත් ඉස්සෙල්ලා එළියට ගිහින්.
“හරි නරකයි..දෙන්නත් එක්ක මාව දාල ගියා නේ??”මම නෝක්කාඩු කිව්වා.
“අපි දාලා ගියේ නෑ..ඔයා තමා වටපිට බල බල පරක්කු වුනේ..” හසී කිව්වා.
මගේ වරද හින්දා මාත් කරබාගත්තා..අපි තුන් දෙනා එහෙම්ම රොටරියෙන් එළියට ආවෙ..අපේ පළවෙනි උසස් පෙළ පංතිය සතුටු දායක මට්ටමක තිබුනු නිසා.ඒ සතුටට අමතරව තවත් අමුතු අහිංසක සතුටක් මගේ හිතේ කොනක හැංගිලා තිබ්බා..
එදා හවස මම ගෙදර ඇවිත් මගේ දින පොතේ කුරුටු ගෑවා.ඒ කුරුටු ගාපු කවිය අද වෙද්දි මගේ ජිවිතේ හුගාක් වෙනස් කරයි කියලා හිතුවේ නෑ එදා මම.
ඔය මූණ දැක්කහම..
මගේ හිත මේ තරම් තිගැස්සෙන්නෙ ඇයිද මන්දා....
ඔයාගෙ අහිංසකම හිනාවට
මගේ හිතේ හැම දුකක්ම අමතක වෙනවා....
සත්තයි......
මට මොහොතකට හුස්ම ගන්නත් අමතක උනා....
මම හිතුවා මගේ හුස්ම නවතිවී කියලා.......
ඔව්…ඔයා කොහෙන්දෝ ඉඳන් ඇවිත්
මට මාවත් අමතක කළා……
එදා ඉදන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙන්න ගත්තෙ..හරිම ඉක්මනට……