තත්තට සනීප නෑ.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    #1. ඉන්ජෙක්ශන් එක - erythropoietin. ඒක හෝමෝනයක් වකුගඩු වලින් හැදෙන. ඒකෙන් වෙන්නෙ රතු රුධිර සෛල වර්දනය වැඩි කරනවා. වකුගඩු ලෙඩ වලදි ඒක හැදෙන්නෙ නැති නිසා ඇඟෙන්.

    #2. 6% ක් වැඩ කරනවා කිව්වේ වකුගඩු වලින් මුත්‍රා පෙරෙන ප්‍රමාණේ. ඒ කියන්නෙ දැන් තත්වේ අනුව End stage renal failure (ESRF) stage එකේ ඉන්නේ. Fitness තියෙනම් වකුගඩු බද්ද කරන එක තමයි option එක ඕක් 15% ට වඩා අඩූ උනාම.

    #3. ඩයලයිසිස් එකෙන් කරන්නේ 6% ක් විතරක් පෙරෙන නිසා ඒ මදි පාඩුව මැශින් එකකින් පෙරලා ඉවත් කරන එක. කාලයක් ඩයලයිසි කරනවනම් අතේ නහර වල පොඩො ඕරේශන් එකක් කරලා නහර දෙකක් එකට සම්බන්ධ කරන්න ඕනේ. ( ඒකට A-V fistula කියලා කියනවා)

    #4. මට පැහැදිලි නැති තැනක් තියෙනවා. ඉන්ජෙක්ශන් එක දුන්නා කියලා බෑ වකුගඩු වලින් ජරාව පෙරෙන එක වැඩි වෙන්නෙ නෑ. කොහොමත් ඔය දෙකම කරන්න ඕනේ.

    #5. තව vitamin D සහ කැල්සියම් පෙති ගන්න ඕනේ

    #6 Its not going to resolve dude. Damage is permanent and deteriorate further
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,279
    2,134
    113
    සෑහෙන අප්සෙට් වැඩක් උනා :( :frown:. අපේ තාත්තට කන්න බැරුව, ඇඟට පන නැතුව, මූනත් ඉදිමිලා තිබුනා. අපි ඉතින් ගියා අපේ ඩොක්ට ලඟට එයා කිව්ව තාත්තගෙ බ්ල්ඩ් ප්‍රෙශරුත් වැඩිවෙලා තියෙන හින්ද වකුගඩු අව්ලක් වගේ කියල. ගිහිල්ල කරගන්න කියල ටෙස්ට් වගයක් දුන්න. ඒක කරගෙන ගියාම කිව්ව වහාම වකුගඩු සම්භන්ද ස්පෙශලිස්ට් කෙනෙක් ලඟට යන්න තත්වෙ දරුනුයි කියල. අදම ඉතින් ගියා ස්පෙශලිස්ට් කෙනෙක් ලඟට. එයා කිව්ව වකුගඩු වැඩකරන්නෙ 6% විතරයි කියල. ඩයෑලසිස් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුලුවන්නන් ඒක තමයි හොඳම කියල කිව්ව. තව කිව්ව එහෙම කරන්න අමාරුයිනන් ඉන්ජෙක්ශන් එකක් තියෙනව ගහන්න කියල. ඒක මාසෙන් මාසෙට ගහන්න ඕනැ කිව්ව. ඇඟේ ලේ හොඳටම අඩුවෙලාලු තියෙන්නෙ. මම ඇහුව මේක ඉම්පෲව් වෙයිද කියල කාලෙත් එක්ක . එහෙම කියන්න අමාරුයි කිව්ව දිගටම ඉන්ජෙක්ශන් එක ගහන්න වෙයි කිව්ව. තව වයස වැඩි හින්ද(74) වකුගඩු බද්ද කිරීමක් කරන්නත් බෑ කියල කිව්ව. තාත්ත diabetes, blood pressure වලටත් බෙහෙත් ගත්ත. ඒව හරියට අරගෙන නෑ කියලත් බැන්න. එලකිරි එකේ කවුරුහරි ඉන්නවද මේව ගැන දන්න? පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද? මම දැන් මොකද කරන්නෙ??

    1. Blood pressure eka hariyata maintain karanna. Nattam goda eemak naa..
    2. Protein, salt, potassium control karanna wei. Doctor ekenk gen ahala balanna
    3. Chetosan, Astragalaus suppliment ewa gana hoyala balanna
    4. Water intake ekat control karanna wei..
    5. Nefrosave gana poddak balanna
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    #1. ඉන්ජෙක්ශන් එක - erythropoietin. ඒක හෝමෝනයක් වකුගඩු වලින් හැදෙන. ඒකෙන් වෙන්නෙ රතු රුධිර සෛල වර්දනය වැඩි කරනවා. වකුගඩු ලෙඩ වලදි ඒක හැදෙන්නෙ නැති නිසා ඇඟෙන්.

    #2. 6% ක් වැඩ කරනවා කිව්වේ වකුගඩු වලින් මුත්‍රා පෙරෙන ප්‍රමාණේ. ඒ කියන්නෙ දැන් තත්වේ අනුව End stage renal failure (ESRF) stage එකේ ඉන්නේ. Fitness තියෙනම් වකුගඩු බද්ද කරන එක තමයි option එක ඕක් 15% ට වඩා අඩූ උනාම.

    #3. ඩයලයිසිස් එකෙන් කරන්නේ 6% ක් විතරක් පෙරෙන නිසා ඒ මදි පාඩුව මැශින් එකකින් පෙරලා ඉවත් කරන එක. කාලයක් ඩයලයිසි කරනවනම් අතේ නහර වල පොඩො ඕරේශන් එකක් කරලා නහර දෙකක් එකට සම්බන්ධ කරන්න ඕනේ. ( ඒකට A-V fistula කියලා කියනවා)

    #4. මට පැහැදිලි නැති තැනක් තියෙනවා. ඉන්ජෙක්ශන් එක දුන්නා කියලා බෑ වකුගඩු වලින් ජරාව පෙරෙන එක වැඩි වෙන්නෙ නෑ. කොහොමත් ඔය දෙකම කරන්න ඕනේ.

    #5. තව vitamin D සහ කැල්සියම් පෙති ගන්න ඕනේ

    #6 Its not going to resolve dude. Damage is permanent and deteriorate further

    #2. 6% ක් වැඩ කරනවා කිව්වේ වකුගඩු වලින් මුත්‍රා පෙරෙන ප්‍රමාණේ. ඒ කියන්නෙ දැන් තත්වේ අනුව End stage renal failure (ESRF) stage එකේ ඉන්නේ. Fitness තියෙනම් වකුගඩු බද්ද කරන එක තමයි option එක ඕක් 15% ට වඩා අඩූ උනාම.
    ඔය 6% කියල දැන ගන්නෙ මොන ටෙස්ට් එකෙන්ද? eGFR නෙමෙයිද?

    #5. තව vitamin D සහ කැල්සියම් පෙති ගන්න ඕනේ
    මේකට හේතුව මොකද්ද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය 6% කියල දැන ගන්නෙ මොන ටෙස්ට් එකෙන්ද? eGFR නෙමෙයිද?
    eGFR තමයි. Serum creatinine එකක් කරලා ඕක කැල්කියුලේට් කරගන්න පුලුවන්
    #5. තව vitamin D සහ කැල්සියම් පෙති ගන්න ඕනේ
    මේකට හේතුව මොකද්ද?
    විටමින් D final product එක හැදෙන්නෙ කිඩ්නි එකෙන්. කැල්සියම් උරාගන්න බඩවැලෙන් විටමින් D ඕනේ. විටමින් D හැදෙනවා අඩුයි වකුගඩු කේස් වලදි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,852
    113
    මට උඹේ දුක තේරෙනවා. මෙහෙමයි. සමහර දේවල් තියනවා අපිට කරන්න ලොකු දෙයක් නැති. ඒ හින්ද දොස්තර කෙනෙක් කියන දෙයක් විතරයි කරන්න පුළුවන්. අපි වෙන කොච්චර ට්‍රයි කරත් ඇත්ත තත්වය ඕකයි. කොහොම උනත් ඒ කියන ප්‍රතිකාර කරන්න උපකාරයක් කරන්න අපිටත් එකතු වෙන්න පුළුවන් වෙයි සල්ලි වලින් නම්. ඒ ඇරෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරලා ඒ කියන විදිහට කරපන්. මාත් උඹේ තත්වේ හිටියා දැන් අවුරුදු කීපෙකට කලින්.