Thank machan reply ekata... Diga unata kamak na details kiyewwa okkoma... mageth Yaluwek Nuwara Hospital eken thamai operation eka kara.... den 2 years...අඩේ මේක හෙන දිග උනා. ඉක්මන් විස්තරයක් ගන්න ඕනේ නම් මුල ටික විතරක් කියවන්න. මේකේ මගේ කතාවේ හුගක් හරිය තියනවා
අංක එකට කිසිම ලෙඩක් තිබ්බේ නැ . හැබැයි මගේ ඔලුවේ කරකිල්ලක් තිබ්බා. එක එච්චර ලොකු එකක් නෙමේ. මම අන්තිම පාර කටාර් යන්න සෙට් උනා ප්‍රොජෙක්ට් එකකට. එකේදී මම චෙච්කප් එකක් දාගත්තා. අන්න එකේදී තමා අහු උනේ. ක්රියටිනින් 1.5 ගානක් තිබ්බා. එක පොඩ්ඩක් වැඩි අගයක්. පස්සේ මම රටත් ගිහින් වැඩ ටිකත් කරලා ගෙදර අවා. අවරුදු දෙකක් විතර යනකන් කෙස් එකක් තිබ්බේ නැ . එහෙ හොදම ඩොක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා. එයා කිව්වේ ලොකු කෙස් එකක් නෙමේ සාමන්යෙන් අගේ බර වැඩි වෙනකොට ඔය ගාන ටිකක වැඩි වෙනවා කියල. පස්සේ මම බැලුවාම එකත් ඇත්ත. ඔය USA වගේ ඉන්න උන්ගේ ඔය ගාන යනවා. පස්සේ ඔහොම ඉන්නකොට එක පාර කන්න බැරි උනා . වමනේ යනවා ඊට පස්සේ මාව ජෙනරාල් එකේ නැවැත්තුව. ඔය නසාර් තමා බැලුවේ. ගිහින් දවස් 4 න වගේ මුත්‍රා යන්නෙම නැති උනා. ඊලග දවසේ දයලයිසිස් වලට දැම්මා. (නුවරින් බලල කිව්වේ එච්චර ඉක්මනට කිසිම විදිහකින් output එකක් zero වෙන්නේ න කියල. අරු මොකක් හරි ගේමක් දුන්නා එක 100% සුවර් ). ;පස්සේ මම මාස 1 යි දවස් 15 ක් විතර හිටියා. අපා දුකක් තමා වින්දේ. අන්තිමට මේක වෙන්න කොස් එක හොයාගන්න බැරි උනා. මගේ කකුලේ කැල්ලක් යැව්වා රට. එකෙනුත් මොකුත් නැ . අම්මා තාත්තා මල්ලි නංගි යාළුවො 5 දෙනෙක් තමා මාව බැලුවේ (විදෙස් දෙන්නෙක් හිටියා ). යාලුවෝ නෑයෝ කියන්නේ කව්ද මිනිස්සු කව්ද කියල හොදට කියල දෙනවා මේ ලෙඩෙන්.
මම නොගිය තැනක් නැ මේකන් ගොඩ යන්න පුලුවන්ද කියල බලන්න. සිංහල බෙහෙත් එහෙම කළා. වැඩක් උනේ නැ . මම හිත ගත්තේ කෘතීම විදිහට ජිවත් වෙනවට වඩා හොදයි මැරෙන එක කියල බද්ද කරන්න කැමති උනේ නැ . මම ඒ වෙනකොටත් හොදම සලරි එකක් අරගෙන හිටි කෙනෙක්. පොතේ තිබ්බ ඒවත් මම අනාත නිවාසෙකට දුන්නා. දීලා මරණෙට ලෑස්ති උනා. වෙන කරන්න දෙයක් මගේ ඔලුවට අවේ නැ . මම ජිවිතේ කල හොද ගොඩයි. ඉස්සර ඉදන් ඉගෙන ගන්න උන් ගොඩ දාල තියනවා. මගේ තියන හුගක් දේවල් නැති උන්ට දීලා තියෙනවා. එක නිසා මැරෙන්න බයක් තිබ්බේ නැ මගේ.
අපේ මල්ලි බදින්න මගෙන් කැමැත්ත ඉල්ලුව. මම හරිම සතුටෙන් කැමැත්ත දුන්නා.(මගේ ලෙඩේ අස්සේ බදින්න උණු එක ). ඒ වේදීන් එකට මාව වහනෙක නිදි කරවාගෙන ගියේ. එකේදී අපේ අම්මා කිව්වා මට ඇහුනා අපේ ලොකු පුතාත් මෙහෙම හිටියා නම කියල. පස්සේ මම එක ගැන හිතුවා. අම්මා මට හරි ආදරෙයි. මොකද මම ලොකු පුතා සාහ සමාජයේ හරිම වැදගත් විදිහට කිසිම අවනම්බුවක් ඒ දෙන්නට වෙන්නේ නැතුව ජිවත් උන නිසා. පස්සේ අම්මලාගේ හිත හදන්න මම කැමති උනා බද්ද කරන්න.ඒ අස්සේ තාත්තගේ නුවර යාලුවේ තමා මේ වැඩේ අපේ තාත්තට කියල තියෙන්නේ. ඒ මාමා තමා අද මම මෙහෙම ජිවත් වෙන්න හේතුව. පස්සේ ඒ මමමා ව්හනෙන් ඇවිත් මාව දාගෙන් ගිහින් නුවර ඔක්කොම වැඩ ටික කළා. මම ගියේ දෙසැම්බර් මාර්තු වෙනකොට මගේ බද්ද කිරීම කරලා ඉවරයි.
එකත් උබලට කියන්නම් ඕනේ නම් මාව තියටර් එකට ගන්නකොට පට්ට ලස්සන නර්ස් කෙනෙක් මගේ ලග හිටියේ.. මගෙන් විස්තර ඇහුවා. හරියට යාලු වෙලා ඉන්න කෙල්ල වගේ බන්. මට දුක හිතුනා. වෙඩි වැදිලා තියේද ඇහුව ඇගේ යකඩ කැලි තියේද ඇහුවා.පස්සේ යන්තම් මතකයි ගර්ල් කෙනෙක් ඉනන්වද ඇහුව එච්චරයි. ඇහැරිලා බලනකොට ICU එකේ. අපේ අම්මා ඉස්සරහ ඇදේ ඉන්නවා. අව්ලක් නැ . මම හිතුවේ මැරිලා කියල (හම්මෝ ඒක ). ඇගක් තියේද කියල දැනුනේ නැ. (මෝෆින් හයි ඩොස් එකක් ගහලා නිසා ) . පස්සේ මම හෙල්ලෙන්න බැලුවම තමා දැක්කේ යුරින් බැග් එකක් එල්ලලා මගේ සයිඩ් එකෙන්. තව එකක් ඒ ලගින්ම තියනවා. (පැයට 1L ඉන් කරලා බලනවා out එක. අමතර එකක් එල්ලලා තියනවා මොකද යනවා වැඩි නිසා.) එක දැක්කම තමා සතුටක් අවේ. මොකද අවරුද්දකින් මුතා ගිහින් තිබ්බේ නැ . මාව නිකන් වෝඩ් එකට දැම්මා පැය 12 න් . මොකද කිසි කම්ප්ලිකේෂන් එකක් තිබ්බේ නැති නිසා. එදා රැ නිදාගත්තා. උදේ 5 ට ඇහැරුනා. මචන් මගේ මයින්ඩ් එක හරිම ක්ලියර්. හැම දේම පැහැදිලව පේනවා.(රුදිරයේ ඇමෝනියා නිසා ලේ විෂ වීම මොලේට බලපානවා. , අමුතු හින පේනවා, ඉක්මනින් තරහා යනවා., කෙනෙක්ව මරන්න පුළුවන්. ක්ෂණික දර්ශන පේනවා ඇස් ඉස්ස්සරහ).
ඊට වඩා ලොකුම කෙස් එක අවරුදු 2 කින් ආපු ලොකුම බඩගින්න. මචන් ලා උදේ 5 ට කන්න දේවල් නැනේ. 7 ට බලන්න එන්නේ. මගේ ලාච්චුව බැලුවම අම්මල බිස්කට් පැකට් දෙකකුයි කෙසෙල් ගෙදියකුයි. කැවා යකෝ අවරුදු 7 කින් නොකාපු එකෙක් වගේ. පස්සේ තව බඩගිනි. මම එහා පැත්තේ හිටි එකාගෙන් ඉල්ලගෙන තව කව. 7 ට බත් එකක් ගෙනාව එකත් කවා. මදි. කඩෙන් බත් එකක් ගෙනත් කාල තමා නැවතුනේ. ජිවිතේ සතුටින්ම කාල තෘප්තිමත් උන දවසක් එක.
අම්මව නම් දවස් 3 න යැව්වා. මාව 11 ක් තියාගත්තා. අපි අපේ ලොකු මාමලාගේ කට්ගස්තොට ගෙදර හිටියේ. ඉන්නකොට අර ට්‍රාන්ස්ප්ලන්ට් කල සයිට් එක ඉදිමුනා. කිසිම රිදිල්ලක් නැ . පස්සේ ව්විල්ලා පෙන්නුවා. මාව ට්‍රාන්ස් කලේ හරිස්චන්ද්‍ර කියල
දෙවි කෙනෙක් වගේ කෙනෙක්. අවරුදු 58 වයස අතේ කිසිම වෙව්ලිල්ලක් නැ . සුපිරිම වැඩ කරුවෙක් තමා. එයා අවා. අල්ලලා බැලුවා. කිව්වේ ද්‍රෙන් කරන්න වෙයි ඇතුලේ ලික්විඩ් තියෙන්නේ වගේ කියල. ඉන්ජුක්ෂන් කටුවක් ගහල ඇදලා බැලුවා එන්නේ නැ කිසිම දෙයක්. ඒ පාර පොරගේ මුණ දැක්කාම මම බය උනා සිරාවටම. එක පාර වෝඩ් නර්ස් කතා කළා මයා මිනි එකට දාල ලෑස්ති කරන්න කිව්වා. හැම වෝඩ් එකකම එක රුම් එකක් තියනවා ඔය පොඩි පොඩි තුවාල එහම බලලා බෙහෙත් දාන. එකට ගත්තා. තව එයා යටතේ ඉන්න දොකාල 3 දෙනක් මගේ ළග . එක්කෙනෙක් මගේ අතෙන් අල්ලාගෙන. "බය වෙන්න එපා " කියල විතරයි කිව්වේ. පොරගේ අගේ දාඩිය දානවා. මම දැනගත්ත කෙස් එක දරුනියි කියල. පස්සේ එතන තියාගෙන අර අගල් 11 ක් දිග කැපුම ලෝකල් වත් නොදා අමුවෙන් කැපුවේ. එදා අපෙ අම්මත් දැනගත්තා මගේ දරාගැනීමේ හැකියාව කොහොමද කියලා. කපලා මටම කිව්වා පුතා බය වෙන්න එපා ලෙ කැටි දෙකක් හිර වෙලා මම අයින් කළා ඔක්කොම හොදයි කියල. (වෙලා තියෙන්නේ අර බද්ද කල තැනකින් ලේ බින්දු බින්දු ගිහින් කැටි ගැහිලා. එක උනේ මම ටොයිලට් එකට යනකොට තටබලා වෙර ගත්ත නිසා. ). එතන මහන්නේ නැතුව ද්‍රෙන් වෙන්න බටයක් දාල ප්ලාස්ටර් ගහලා ඒවා දවස් දෙකක් බලන්න කියල. පස්සේ මහලා දැම්ම.
ඔහොම මාස 3 ක් විතර නුවර ඉදලා අපි ගෙදර අවා. මාසේ ගානේ ක්ලිනික් ගියා. පොඩි පොඩි කම්ලිකේෂන් තියනවා. එත් කොලිටි ලයිෆ් එකක් ගෙවනවා. විෂබීජ වලින් තමා කෙස් එක තියෙන්නේ. මල ගෙවල් වල යන්නේ නැ . ජලාශ වල පුල් වල නාන්නේ නැ. මම මේකෙන් පස්සේ තම මැරී කලේ . කිසිම අව්ලක් නැ . අව් 2 යි මාස් 5 ක ළමයෙක් ඉන්නවා මට.
වැදගත්ම දෙයක් කියන්න ඕනේ. මේක වෙනකොට මගේ හදහන කියන එක රට වටේ ඉන්න හැම එකාටම පෙන්නලා. අපේ අම්මා , ලොකු මාමා නෑයෝ ඔක්කොම දන්නා හැම තැනටම. ඒ හැම තැනම කියල තියෙන්නේ 2013 අලුත් අවරුදු කන්න වෙන්නේ නැ කියල. මම හිස්පිටල් ඉන්නකොට දවසක් අමාරු වෙලා හොදටම. කෝල් කරලා ගෙදරට. අපේ ගෙදර් හට් හිටන් ගහලා බන් මල ගෙදරට. ඔන්න හදහන් කාරයන්ගේ හැටි. එකක් කියන්න ඕනේ. අපේ ගමේ ඉන්නව් කොලබ කැම්පස් එකේ උගන්නන කෙනෙක්. එයා හදහන් බලනවා. එයා කිව්වා අපේ අමම්ට සහතික කරලා මේ ළමයට ඉස්සරහ හොදටම හොදයි. ඉතා වසනවත්න දරුවෙක් ඉන්නවා එක ඉර හද වගේ සුවර්. අපේ අම්මා කුණුහරපෙන් බැන බැන ඇවිත් ඒ මනුස්සයට. අයි එක 1000% විශ්වාශ කරන්න පුළුවන් දෙයක් නෙමේ මම හිටි විදිහට. අද මොකද වෙලා තියෙන්නේ? හම්මෝ .
දැන් මගේ ලොකු ප්ලැන් නැ . සල්ලි ඉතුරු කරනවා පුතාගේ අනාගතේට. එයාට ඕනේ නම් vip විදිහට රටකට යන්න ඕනේ කරන සියලු දේ දැනටමත් හරි.රට ඉන්න මගේ යාලුවෙක් මට උදව් කළා දිගටම. එයා ඕනේ වෙලාවක රෙඩී ළමයා ගන්න හදිස්සියක් උනොත්. ආ මම රට වැඩ කල තැන් වල කස්ටමර් ලා මට උදව් කළා මාර විදිහට. සල්ලි වලින් තමා හුගක්ම. south ඇෆ්රිකන් වැඩ කරන කාලේ හිටි යාලුවෙක් මාව බලන්න අවා ලංකාවට. හරිම සතුරුයි ඒ වගේ උනාම. නෑයෝ යාලුවෝ අහක බලද්දී ඒ වගේ 10 කට අඩු ගානක් තමා මාත් එක්ක හිටියේ. උන් ගැන මම දැඩි අවදානෙන් ඉන්නේ. මගේ ඕනේ දෙයක් දීලා උන්ව ඕනේ කරදරේකින් බේරගන්න මම බැදිලා ඉන්නවා. ඒ වගේම උන්ගේ ඕනෙම දෙකට මම ඉන්නවා. ඒ ඇරෙන්න අනික් එකෙක් දිහා මම ඇහැක් ඇරලා බලන්නේ නැ . ලෙඩක් දුකක් හැදුනොත් විතරක් බලනවා(බුදු වදන නිසා ).
ඕක තමා මගේ කතාව. උබලාට මොකක් හරි වෙනසක් ඇගේ තියේ නම් ඉක්මනට බොඩි චෙක් අප් එකක් කරගන්න. කරගෙන ලේදක පොඩි හයි සයින් එකක් තයේ නම් ඒ වෙලේම බෙහ්ත් අරන් කඩා ගන්න. ඒ වගේම ලෙඩකදී ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අත් හැරගන්න පුළුවන් ගානට ජිවිතේ ගනියන්න. එහෙම උනාම මොක උනත් එකයි නේ. මේකේ ඉන්න හුගක් අය කොල්ලෝ නිසා එහෙම තමා. එත් උබලා අර වගේ අමාරු උනාම කල හොද නරක ඔලුවට එනවා. මගේ නම් නරක එකයි අවේ. මම අම්මට බැනලා තියනවා දෙපාරක්. එක විතරයි. (එකත් අපේ නැඟී ගේ කසාදෙ කෙස් එකක්.).
Uge mulinma niyapothu kalu wenna patan gaththalu... eka eka kenaata eka eka widihata thiyanva ban..
Mamath eGFR ekak balanawa yearly...