මගෙ අධ්‍යයනයට අනුව මචන්, ව්‍යාපාරයක් කියන එක වැඩි දියුණු වෙනව මචන්. එතකොට හැම දේම තනියම කරන්න බෑ මචන්. මමත් උඹ වගේ තමයි. අනිත් උන් වැඩ කරන විදිය සෙට් වෙන්නෙ නැති තරම්. ඒත්, බිස්නස් එක තනියම ගේන්න පුලුවන් තැනක් එනව මචන්. මොකද කාලය තමයි හැමදේම. අපි හැමෝටම තියෙන්නෙ පැය 24යි. ඒකෙදිත් වැඩ කරන්න පුලුවන් කියල ඔලුවට හිතෙන සහ දැන් නම් බ්‍රේක් එකක් ඕනයි කියල හිතෙන වෙලාවල් තියෙනව මචන්. එතකොට තනියම යන්න පුලුවන් තරමක් එනවා. හැබැයි අවුරුදු ගාණක් ගිහිල්ල හරි විශ්වාසවන්ත එකෙක් සෙට් වුණාම, ඒක හොඳයි මචන්.
හවුලෙ කැඳත් එපා කියල තියෙන බව ඇත්ත. ඒ කියන්නෙ ගැළපෙන්නෙ නැති, ගළපගන්න බැරි වුන් එක්ක. හැබැයි හොඳට තේරුම් අරගෙන SWOT ANALYSIS එකක් කරල සෙට් වුණොත් වැඩේ ගොඩ.
මම ඔය ෆිල්ම් එක ගැන කිව්වෙත් ඒකමයි මචන්. ටීම්වර්ක් කියන එක තමයි අපිව ඉන්න තැනින් එලියට ගෙනියන්නෙ. කේට් වැඩේ අත අරිනවා. ඇයි? කලින් වතාවෙ වැරදුන හින්ද. අපිත් අත් ඇරල දාන්න ඕන තැන් වලදි අල්ලගෙන ගේම ගහනවද කියල උඹට හිතෙයි. ඒත්, ටයිලර්ගෙ ආගමනයත් එක්ක කේට්ගෙ හීනය හැබෑ කරගන්න පාර හැදෙනවා. හාවිත් ඒ වගේම තමයි. හැබැයි කේට් කාටර් නිව්යෝක් වලටම වෙලා උන්න නම්.........
මටත් හුඟාක් රෑවල් වල නින්දට යන්න වෙන්නෙ ව්සඳගත්ත බග් එකක් එක්ක මචන්. කොහොමහරි ඒක අන්ත් දවසෙ හරි පස්සෙ හරි ගොඩ දානවා. ඒත්, සෙකන්ඩ් ඔපීනියන් එකක් තිබ්බ නම්, මම තනියම ගෙවන කාලය ප්‍රශ්නය විසඳගන්න අඩු කරගන්න පුලුවන් වෙනව මචන්. ඒ වගේම ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න පුලුවන් වෙනවා.
කොහොම වුණත් උඹ වෙනස් විදියට හිතල උඹේම ගේමක් ගහන එකෙක් වගේ පේනවා. පටන් ගන්න තැනක උන්නත්, පාලමේ මැදට ඇවිල්ල උන්නත්, අනාගතය ජය ගන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මචන්!