තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

    දන්න කෙනෙක් කියනවද තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර ලියාපදිංචිය කරන හැටි. ඒකට යන වියදම (ලියාපදිංචියට)

    ගොඩක් ස්තුති.

    Can anyone tell the procedure and cost for sole proprietorship and partnership business registration?

    Thank you!
     
    • Like
    Reactions: cshapegt

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා අයදුම්කරුවන්ට උපදෙස්

    01. නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්න.

    හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක්ද ඉදිරිපත් කළ යුතුය.
    ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
    02. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව 03. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.

    04. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි

    පෞද්ගලික අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායා පිටපතක් හෝ
    බදු අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ බදු ඔප්පුවේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්
    කුලී පදනම මත ලබා ගත්තේ නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ කුලී ගිවිසුමේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්
    තමාගේ ළග ඥාතියෙකුට හිමි ස්ථානයක් නම්, ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමි ඥාතියාගෙන් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායාපිටපතක්

    03. ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.

    ආහාරපාන නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශිත ලිපිය
    යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්
    වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
    ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය
    මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය
    දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය
    බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය
    බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය
    පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය
    මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය
    පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්
    අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා)
    විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති)
    සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ
    රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව
    ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව
    හවුල් ව්‍යාපාරයක් සඳහා ගිවිසුම

    ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු

    ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරනු ලබන සාමාන්‍ය ගාස්තුව රු. 500/- කි. (සහතිකය නිකුත් කිරීම සතියක් තුළදි)
    ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා එක්දින ගාස්තුව රු.1500/- කි.
    ව්‍යාපාර නාමය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරික ස්ථානය, අයිතිය සංශෝධනය සඳහා සාමාන්‍ය ගාස්තුව රු.250/- කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දිනකදි නම් රු.1250/- කි.
    ව්‍යාපාරය නතර කිරීමේ සහතිකය එක් දිනකදි ලබා ගැනීමට ගාස්තුව රු.300/- කි. මෙය ලබා ගැනීමට ව්යාපාරය නතර කළ බවට ග්රාම නිලධාරි සහතිකය සමග මුල් ව්යාපාර නාම සහතිකය ඉදිරිපත් කළ යුතුය.
    ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අස්ථානගත වීමකදි ඒ බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපිය සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සත්‍ය පිටපතක් ලබාගත හැකිය.ඒ සඳහා ගාස්තුව රු.25/-කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දින නම් රු.150/- කි.

    එක් දින ෙස්වය ක්‍රියාත්මක වන්ෙන් සඳුදා හා බදාදා දිනයන් වලදී පමණි.

    දඩ අය කිරීම.

    ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් රු.2500/- උපරිමයක් (ආසන්නම වර්ෂයට) හා ඊට වැඩිවන සෑම වර්ෂයක් සඳහාම ඉහත දඩ මුදලට අමතරව වර්ෂයකට රු.500/- බැගින් අය කෙරේ.
    ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය, ව්‍යායාපාරය සංශෝධනය කර මසක කාලයක් ඉක්මවා ඇත්නම් ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් අය කෙරේ.
    (ඉහලට)

    තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය
    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය
    ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය
    ව්‍යාපාරයේ නම‍ වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය
    ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය
    වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචන් මම මිට ටික කලකට කලින් තනි පුද්ගල වියාපාරයක් විදියට මගේ business එක register කලා. දැන් registration එක එච්චර අමාරු නැ බන්........උබ පලයන් උබ වියාපාරය කරන ප්‍රදේශය අයත් ප්‍රාදේශීය සභාවට.......ගිහින් අහපන් ආයතන අංශය කොහෙද කියල......එතනට ගිහින් කියපන් උබට තනි පුද්ගල වියාපාරයක් register කරන්න ඕනේ කියල........

    එතකොට උබට form එකක් දෙවි....එක පුරවල දීපන්....ඊට පස්සේ උබට කියයි පොඩ්ඩක් ඉන්න කියල......
    ටිකකින් උබට කතා කරලා උබ දීපු විස්තර දල තව form එකක් දෙවි ග්‍රමසේවකට කියල sign කරගෙන් එන්න කියල..........

    ග්‍රාමසේවක උබ අදුරනවා නම් වැඩේ ලේසි නැත්නම් ග්‍රාමසේවක උබ වියාපාරය කරන තැනට ඇවිත් බලල තමයි sign කරන්නේ.......

    එක නිසා මුලින්ම උබ පලයන් ග්‍රාමසේවක ගාවට ගිහින් විස්තරේ කියලා.....
    1. උබ බිස්නස් එක කරන තැන ඔප්පුවේ copy එකක් අරන් පලයන් එක ග්‍රාමසේවකට දීලා සහතික කර ගන්න්න ඕනේ....
    2. බිස්නස් එක කරන තැන ඔප්පුව අයිතිය උබට නැත්නම් අයිතිකරුට කියල ලියුමක් ගන්න ඕනේ...උබ වියාපාරය කරනවට විරුද්ධ නැ කියල......මේකත් ග්‍රාමසේවක හරි සාමවිනිසුරු කෙනෙක් ගව හරි තමයි කරන්නන ඕනේ.....එකත් සනාථ කර ගන්න ඕනේ.......

    මම නම් ප්‍රදේශය සබාවට යන්න කලින් ඔය 1 යි 2 යි කරගෙන තමයි ප්‍රදේශය සබාවට ගියේ.......

    3. ප්‍රාදේශීය සභාවෙන් උබට දීපු form එකත් sign කරගෙන ආපහු ප්‍රාදේශීය සබාවට ගිහන් දීපන්......

    මට නම් දවස් 3ක් ඇතුලත් br එක ලැබුණ බන්........එක තීරණය වෙන්නේ උබලගේ ප්‍රාදේශීය සබාවේ වැඩ කරන විදිය අනුව තමයි.........
    උබ ඔය 3. form එක දුන්නට පස්සේ ප්‍රදෙශියසභාවෙන් එනවා උබ බිස්නස් එක කරන තැන බලන්න.......
    එතනින් ok නම් උබට කියයි සල්ලි ගෙවන්න කියල.....උබ වියාපාරයේ වාර්ෂික අදායම දන ගැන අනුව ගෙවන්න ඕනේ ගන වෙනස් වෙනවා බන්......

    අහ තව එකක් තියන බන් ලංකාවේ නිතිය අනුව වියාපාර සදහා බාවිතා කරන්න බැරි වචන වගයක් තියෙනවා...ලංකාව කියන අදහස එන නම් බාවිතා කරන්න බැරිලු.......මට e ප්‍රස්නේ අව බන් මම ceylon කියන නම කොටසකට දල තිබුන......මේගැන මමත් හරියට දන්නේ නැ බන් A/L commerce කරපු එකෙක් ගෙන් අහපන් මචන් ඒ ගැන.....උබ ඒ ගැන දන ගත්තොත් මටත් කියපන් හොදේ
     
    • Like
    Reactions: sgrdk1 and isuru143

    Thanks you!

    Rep Added!
     
    Thanks bro!

    Rep ++