GPT5 එකට Elon Musk ලා කොක්ක දමයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    image.png


    Apple ලා mac එක හැදුවේ garage එකකය ඒක හැදුවේ ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක්ය කියලා කියනවනෙ. ඕකෙ හුඟක්ම ටෙක්නිකල් පාට් ටික කරේ වොස්නියැක්, ජොබ්ස් කරේ අයිඩියාස් දෙන එක විතරයි වගේ කතාත් කියනවා. ඔව්වයෙ ඇත්ත නැත්ත අපි නොදන්නව උනාට එදා ඉඳලම වොස්නියැක්ට ටෙක් ලෝකෙ ඇතුළෙ මාර තැනක් තියෙන්නෙ. වොස්නියැක් ටෙක්වලට අමතරව ඇක්ටිවිස්ට් කෙනෙක් විදියටත් ෆේමස්. වොස්නියැක්ලගෙ අලුත් වැඩක් තමයි "Pause Giant AI Experiments” කියන්නෙ.

    මොකක්ද මේ ?

    මේක petition එකක් chatGPT5 වගේ එව්වා experiment කරන්න එපාය කියලා. මෙයාලා කියන්නෙ AI වලට අදාළව rules and regulations ප්‍රතිපාදනය නොකර අපි මේ කරගෙන යන විදියට පර්‍යේෂණ කරගෙන ගියොත් ශොට් එක හම්බෙනව කියලා. මේක ඇවිල්ලා "Open Letter” එකක්. ඒ කියන්නෙ මෙයාලා මේ ලෙටර් එකෙන් කවුරු හරි ටාගට් ඕඩියන්ස් එකකට දැනුම් දීමක් කරනව, එහෙම දැනුම් දෙන්නේම මේ ලියුම ප්‍රසිද්ධියෙ පබ්ලිශ් කරන අරමුණින්. ඒ කියන්නෙ ඔයාලට උනත් මේකෙ නම ගූගල් කරොත් ඒක කියවන්ඩ සහ sign කරන්ඩ පුලුවන්.

    මේකෙ මොකක්ද අභිප්‍රාය?

    මොකක්ද දැන් මේ කරන්ඩ හරි කරන්ඩ එපා හරි කියන්නෙ?
    මෙයාල කියන්නෙ "We call on all AI labs to immediately pause for at least 6 months the training of AI systems more powerful than GPT-4."
    මෙයාලගෙ ඉල්ලීම සරලව ගත්තොත් කෘතිම බුද්ධිය ගැන පර්‍යේෂණ කරන හැම ලැබ් එකකින්ම ඉල්ලනවා අඩුම තරමින් මාස 6ක් යනතුරුවත් GPT4 වලට වඩා පවර්ෆුල් කෘතිම බුද්ධි පද්ධතීන් අත්හදා බලන එක අත්හිටුවන්න කියලා.

    කවුද ඕක කරන්නෙ ?

    මේ petition එක යන්නෙ නං future of life කියන organization එක හරහා. මේකට දැනට සම්බන්ධ අයව දැක්කම මට නං පුදුමත් හිතුනා. මේකට සම්බන්ධ අයගෙන් සාමාන්‍ය non-tech ජනතාව හොඳටම දන්න කෙනා තමයි Elon Musk. Elon 2018 විතර ඉඳන්ම දත කට මැදගෙන හිටියෙ OpenAI එක අයිති කරගන්න. GPT3 එලියට එද්දිත් ඒක Elon ගෙ නමත් එක්ක පටලල තමයි ප්‍රසිද්ධ උනේ. පස්සෙ තමයි ඒක Elon විසින් fund කරපු project එකක් කියන එක එලියට ආවෙ. බැරි වෙලා හරි Microsoft වෙනුවට Elon OpenAI එකත් එක්ක හවුල් කෑව නං? අද මෙහෙම petition sign කරයිද? මට ඉතිං හරි හිනා 🙂 . එතනිං එහාට ඉන්න අයව මම නං හිතන්නේ නෑ non-tech අය දන්නව ඇති කියලා. වොස්නියැක් ඉන්නවා. යොෂුවා බෙන්ජියෝ, ස්ටුවර්ට් රසල් වගේ AI කියන එකේ pioneers ලා ඉන්නව. මෙයාල ඇවිල්ලා Internet එක එන්නත් කලින් AI concepts ගැන research කරපු පොත් ලියපු professors ලා. මෙයාලා නිසා තමයි අපි අද මේ අත්විඳින technologies තියෙන්නෙ. මීට අමතරව ඇන්ඩෲව් යං ඉන්නව. පොර 2020 ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් උනා. කලින් කිව්ව වගේ ස්ටීව් වොස්නියැක් ඉන්නව. හාවඩ්, මිචිගන්, මේල් කානගී වගේ AI ගැන ඉස්සරහින් ඉන්න universities වල professors ලා researchers ලා ඉන්නවා. කොහොම හරි point එක තමයි මුං මේ කැමරාවට පේන්ඩ රඟපාන සෙලිබ් ලා නෙවෙයි. මුං මේ සබ්ජෙක්ට් එක කාලා ඉන්නෙ. සහ සබ්ජෙක්ට් එක නිසා මුංව ෆේමස් උනා නෙවෙයි මුං නිසා සබ්ජෙක්ට් එක ෆේමස් උන සීන් එකක් යන්නෙ.

    ඇයි මේ කලබලේ?

    ඇයි මේ එකපාරටම GPT5 වලට කොක්ක අදින්නෙ? GPT3 වල ඉඳලා 4 වලට අප්ඩේට් වීම ගත්තම ඒක තරමක් විශාල පිම්මක්. මේකෙන් පස්සෙ එන GPT5 එක මේ scale එකේම පිම්මක් උනොත් ඒක out of control වෙයි කියලයි මේ බය. දැනටමත් rumors යනවා GPT4 එක AGI signs පෙන්නනව කියල. ඒ කියන්නෙ Artificial General Intelligence. කෘතිම සාමාන්‍ය බුද්ධිය. මේක තව පැහැදිලි කරොත් AGI කියන්නෙ මනුස්සයෙක් වගේ අලුත් දේවල් වලට හුරු වෙනවා වගේ අදහසක්. මේකෙ කීපොයින්ට් එක තමයි "හිතීම" කියන එක. හරියට මනුස්සයෙක් වගේ.

    උදාහරණයකින් පැහැදිලි කරොත් :

    ඔයාට ඉන්නව රොබෝ කෙනෙක්. මේකා නෝමල් රොබෝ කෙනෙක් නෙවෙයි. Roomba Robot කෙනෙක් වගේ බිම අතුගාන්ඩවත් chess bot කෙනෙක් වගේ චෙස් අදින්ඩවත් වගේ තනි ටාස්ක් එකක් කරන්ඩ හදපු එකෙක් නෙවෙයි. මුගෙ ලිමිටේෂන්ස් තියෙනව තමයි. ඒ උනාට මුට සෑහෙන්ඩ දේවල් කරන්ඩ පුලුවන් සහ අලුත් දේවල් ඉගෙන ගන්ඩ පුලුවන්. බයිසිකලේ චේන් එක පැන්නම හදන හැටි ඉගැන්නුවොත් උට ඒක එදා ඉඳන් කරන්ඩ පුලුවන්. ආයෙ කියල දෙන්ඩවත් අමුතුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්ඩවත් ඕනෙ නෑ. ඊටත් වඩා ඔයා "ජීවිතේ තේරුම මොකක්ද?" වගේ එකක් ඇහුවොත් කොහෙවත් තියෙන ඩේටාබේස් එකකින් උත්තරයක් ඇදලා අරගෙන කියනවා වෙනුවට ඌ විසින්ම හිතලා උත්තරයක් දෙන්න පුලුවන්. ඔන්න ඕක තමයි AGI කියන්නෙ. මේ AGI එක අපි achieve කරගත්තු දවසක ඒක milestone එකක් වේවි. ඒත් දැනට අපි ඒකට ලෑස්ති නෑ(ලු). ඒකයි(ලු) මේ දැන්ම එව්වට යන්ඩ එපා කියන්නෙ.

    මීට අමතරව මේ විරෝධය මතු කරන අයගේ තව point එකක් තමයි OpenAI ලා විසින්ම GPT4 නිසා තර්ජනයට ලක්වෙලා තියෙන job list එකක් ගැන paper එකක් release කිරීම :3 මේකෙ ගල්පැලෙන තර්ක ගෙනාවනෙ එහෙම ජොබ් වලට මොකුත් වෙන්නෙ නෑ කියලා. දැන් උන්ම පේපර් එකකුත් ගැහුවට පස්සෙ මං අහන්නෙ තාමත් කියන්නෙ ජොබ් නැතිවෙන්නෑ කියලද? ඒ නැතිවෙන ජොබ් ලිස්ට් එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නං. මාව ෆලෝ කරල තියාගන්ඩ 😌
    කොහොම උනත් මේ පෙටිෂන් එක කියවන්ඩ හරි ඔයාට සෛන් කරන්ඩෝන නං සෛන් කරන්ඩ හරි "Pause Giant AI Experiments" කියල Google කරල උඩින්ම එන link එකට යන්ඩ. නැත්තං future of life ලගෙ site එකට යන්ඩ.

    උපුටා ගැනීම Dewyan Thilakasiri

    Code:
    https://web.facebook.com/d3wyan/posts/pfbid02xV7xZ4y1bTDJWPW7knUmMQf5rPJ7Sp6gmcRkKWjiYgtqEgFU1BGecsjK8zwkU3el
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මෙයාලා කියන්නෙ AI වලට අදාළව rules and regulations ප්‍රතිපාදනය නොකර අපි මේ කරගෙන යන විදියට පර්‍යේෂණ කරගෙන ගියොත් ශොට් එක හම්බෙනව කියලා
    menna meka nam podi sathyathawayk tiynwa machan :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජොබ් zero වෙන එකක් නෑ
    කොම්පැනියට ඕන කරන මිනිස්සු ප්‍රමානෙ අඩුවෙයි

    @EVC නම් ජාවා කඩේ සහතිකේ පැත්තකට දාලා දැන්ම ටුක්ටුක් රස්සාවට බැහැලා 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මම හිතන්නෙ ඒකට දැනටමත් පරක්කු වැඩී.
    කොහොමත් GPT5 එකක් හරියට එලියට එන්න තව අවුරුදු 5කට එහා යයි මුන් හදිසි කරල කම්පෙටිශන් එකට මේකම පොඩ්ඩක් වෙනස් කරල එව්වොත් ඇරෙන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මචං නිකමට අහන්නෙ කම්පියුටිං පවර් එක ගන්නෙ කොහොමද උබ ඔය කියන AGI කියන ලෙවල් එකට වගේ.ලොකු පවර් එකක් ඕනි වෙනවා ඇතිනේ..අනික බලශක්තිය?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඇයි මේ එකපාරටම GPT5 වලට කොක්ක අදින්නෙ? GPT3 වල ඉඳලා 4 වලට අප්ඩේට් වීම ගත්තම ඒක තරමක් විශාල පිම්මක්. මේකෙන් පස්සෙ එන GPT5 එක මේ scale එකේම පිම්මක් උනොත් ඒක out of control වෙයි කියලයි මේ බය. දැනටමත් rumors යනවා GPT4 එක AGI signs පෙන්නනව කියල. ඒ කියන්නෙ Artificial General Intelligence. කෘතිම සාමාන්‍ය බුද්ධිය. මේක තව පැහැදිලි කරොත් AGI කියන්නෙ මනුස්සයෙක් වගේ අලුත් දේවල් වලට හුරු වෙනවා වගේ අදහසක්. මේකෙ කීපොයින්ට් එක තමයි "හිතීම" කියන එක. හරියට මනුස්සයෙක් වගේ.

    මේක නන් ටිකක් වෙන්න අමාරුයි.
    AGI වලට නන් ලගවත් නෑ තාම. ඒක හැදෙන්න ML (Machine Learning) වලට විතරක් බෑ. MAS (Multi Agent System) වගේ සබ්ජෙක්ට් එරියා තව ස්ට්‍රොන්ග් වෙන්න ඕනි. ඒත් කෙනෙක්ට ක්ලේම් කරන්න පුලුවන් මෙන්න මෙහෙම නිරීක්ෂණ ටිකක් තියෙනව ඒ නිසා මේක AGI තමා කියල. ඒක සන්වාදාත්මක උනාට ඇත්තටම AGI නන් නෑ.

    ඔය LLM(Large Language Model) වල තියෙන ප්‍රධානම අවුල තමා මිනිස්සුන්ගෙ හිතීමේ හැකියාව ලිමිට් කරන එක. අපි ඉස්සර දත්ත ගොඩකින් අපිට ඕනි හරිම එක තොරගන්න අපි තර්ක කරල අපේ දැනුම එක්ක පරීක්ෂා කරල කරපු වැඩේ අපිට දැන් වෙන කෙනෙක් කරල දෙනව. මේක මිනිස්සු විදියට ගත්තම ලොකු අවුලක්. අපි මෙච්චර කල් පරිණාමය වෙනකොට අපේ දැනුම එකතු කරගත්ත විදි වලින් එකක් සම්පූර්ණයෙන්ම වහගන්නව. අපි පෘතුවිය ඇතුලෙ සර්වයිවල වෙලා ඉන්නෙම අපේ දැනුම නිසා ඒක අවුරුදු ලක්ෂ ගාණක් තිස්සෙ මිනිස්සු එකතු කරගෙන පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආපු ශීල්ඩ් එකක්. දැන් මේ වැඩෙන් ඒ ශීල්ඩ් එක අප්ඩේට් වෙන්න තිබ්බ එක සොස් එකක් අඩු වෙන්න පටන් ගන්නව. අපිම ලිමිට් වෙනව අන්තිමට LLM එක ට්‍රෙන් කරන්න යූස් කරපු දැනුමට
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මචං නිකමට අහන්නෙ කම්පියුටිං පවර් එක ගන්නෙ කොහොමද උබ ඔය කියන AGI කියන ලෙවල් එකට වගේ.ලොකු පවර් එකක් ඕනි වෙනවා ඇතිනේ..අනික බලශක්තිය?
    AGI ලෙවල් එකකට යන්න අමාරුයි දැන්ම, මං Tweets ටිකක් දැක්කා දැනට AI War එකේ නිහඩව ඉන්න Giants ලා (AWS, Oracle, Aliyun, Tencent, Yandex) වගේ අය Trained Generative AI Concept එකට වැඩිය Predictive AI මොඩල් ටිකකට ට්‍රයි කරනවා කියලා. Bard AI නම් දැනටම Predictive Experiments කරනවා. Economy Crysis එකත් එක්ක සිලිකන් වැලි එවුන් අදිමදි කරත් චයිනීස් කම්පැනි මොකක් හරි ලොකු දෙයක් කරනව. Aliyun (Alibaba Cloud) & Tencent ලගදි කරපු කැම්පේන්ස් දැක්කම ඒක තේරෙනවා. GPT3, GPT4 ගැන මුළු ලෝකෙන්ම වැඩිම Interest එකක් තියෙන්නේ චීනේ එවුන්ට. අපිට ගොඩක්ම High Demand කියලා වැටෙන්නේ චීනේ එවුන් නිසා. අපි හිතුවට AI War කියන්නේ කම්පැනි කිහිපයක යුද්ධයක් කියලා නෑ මේක රටවල් තුනක් අතර යුද්ධයක්. US, Russia & China
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Is Bing AI Using AGI ?
    Sent message. Is Bing AI Using AGI ?
    Searching for: Is Bing AI Using AGI?

    Generating answers for you…

    Microsoft Bing uses a new large-scale sparse model called “Make Every feature Binary” (MEB) that improves results for its search engine. MEB is designed to complement Transformer-based deep learning models such as OpenAI’s GPT-3, Google’s Switch Transformer, or Microsoft’s own Turing NLG1. Microsoft has also detailed a large neural network model it’s been using in production to improve the relevance of Bing searches.

    Is there anything else you would like me to help you with?

    S Bing AI is based on LLM?
    Sent message. IS Bing AI is based on LLM?
    Searching for: Is Bing AI based on LLM?

    Generating answers for you…

    Yes, Bing AI uses LLMs (Large Language Models) to understand and communicate with users. Microsoft has confirmed that its artificial intelligence-powered Bing chatbot runs on OpenAI’s next-generation GPT-4 language model.

    Is there anything else you would like me to help you with?


    Which ML model using Bing AI ?
    Sent message. Which ML model using Bing AI ?
    Searching for: Which ML model using Bing AI?

    Generating answers for you…

    Bing web search uses large neural network models such as MT-DNN, Unicoder, and UniLM to maximize the search experience for customers. However, I’m not sure which specific ML model Bing AI uses. Would you like me to look up more information?

    What is MT-DNN?
    Sent message. What is MT-DNN?
    Searching for: What is MT-DNN?

    Generating answers for you…

    MT-DNN stands for Multi-Task Deep Neural Networks. It is a neural network model for learning representations across multiple natural language understanding (NLU) tasks1. MT-DNN not only leverages large amounts of cross-task data but also benefits from a regularization effect that leads to more general representations to help adapt to new tasks and domains. MT-DNN is an open-source natural language understanding (NLU) toolkit that makes it easy for researchers and developers to train customized deep learning models.

    What is UniLM?
    Sent message. What is UniLM?
    Searching for: What is UniLM?

    Generating answers for you…

    UniLM stands for Unified Language Model Pre-training. It is a pre-trained language model that can be fine-tuned for both natural language understanding and generation tasks12. The model is pre-trained using three types of language modeling tasks: unidirectional, bidirectional, and sequence-to-sequence prediction. The unified modeling is achieved by employing a shared Transformer network and utilizing specific self-attention patterns.

    What are some other ML models used by Bing?
    Sent message. What are some other ML models used by Bing?
    Searching for: What are some other ML models used by Bing?

    Generating answers for you…

    Microsoft Bing uses a new large-scale sparse model called “Make Every feature Binary” (MEB) that improves results for its search engine1. MEB is designed to complement Transformer-based deep learning models such as OpenAI’s GPT-3, Google’s Switch Transformer, or Microsoft’s own Turing NLG1. Microsoft has also detailed a large neural network model it’s been using in production to improve the relevance of Bing searches.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    AGI ලෙවල් එකකට යන්න අමාරුයි දැන්ම, මං Tweets ටිකක් දැක්කා දැනට AI War එකේ නිහඩව ඉන්න Giants ලා (AWS, Oracle, Aliyun, Tencent, Yandex) වගේ අය Trained Generative AI Concept එකට වැඩිය Predictive AI මොඩල් ටිකකට ට්‍රයි කරනවා කියලා. Bard AI නම් දැනටම Predictive Experiments කරනවා. Economy Crysis එකත් එක්ක සිලිකන් වැලි එවුන් අදිමදි කරත් චයිනීස් කම්පැනි මොකක් හරි ලොකු දෙයක් කරනව. Aliyun (Alibaba Cloud) & Tencent ලගදි කරපු කැම්පේන්ස් දැක්කම ඒක තේරෙනවා. GPT3, GPT4 ගැන මුළු ලෝකෙන්ම වැඩිම Interest එකක් තියෙන්නේ චීනේ එවුන්ට. අපිට ගොඩක්ම High Demand කියලා වැටෙන්නේ චීනේ එවුන් නිසා. අපි හිතුවට AI War කියන්නේ කම්පැනි කිහිපයක යුද්ධයක් කියලා නෑ මේක රටවල් තුනක් අතර යුද්ධයක්. US, Russia & China
    මේක තමා නෙක්ස්ට් සුපර් වෙපන් එක. මුලින්ම ගන්න උන් ගොඩ. ඒත් ඔය කියන AGI එක හදන්න පෙරදිග දැනුමත් ඕනි වෙනව. ගොඩක්ම මනස ගැන කරල තියෙන පරීක්ෂණ තියෙන්නෙ ඉන්දියාවෙ ආගම් අස්සෙ. ඔක්කොම මරාගන්න අස්සෙ ඉන්දියන් සෙට් එකක් ඕක හදල තියෙන්නත් පුලුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මොකද්ද ඔයි වෙලා තියෙන්නෙ. වෙන නූලක ඔය වලිය ඇදගනින්කො
    skeleton-meme.gif


    මු මගේ Thread වල වලි දාගන්න කොටත් මෙන්න මේ වගේ කොමෙන්ට් දාපන් http 🤩
    ------ Post added on Mar 30, 2023 at 8:55 AM
     
    • Dislike
    Reactions: hasithayad