තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්නේ.

    එතනට යන්න. වෙනම කොටසක් තියෙනවා ව්‍යාපාර ලියාපදිංචියට. එතන විස්තර තියෙනවා.

    ග්‍රාම නිලධාරී සහතික ගන්නත් ඕනී.

    ඔෆිස් එකක්, ගබඩා පහසුකම්, ව්‍යාපාරික ස්ථානය වගේ අදාල වෙන දේවල් තියෙන්න ඕනී.

    ගෙදර උනත් කමක් නැහැ. අදාල වෙන කොටස තියෙන්න ඕනී. බලන්න එනවා.

    එහෙම ලියාපදිංචි උනාම සහතිකයක් දෙනවා. එකෙන් කරන්ට් එකවුන්ට් එකක් හදාගෙන චෙක් පොතක් ගන්න පුළුවන්.

    ඊට පස්සේ අවශ්‍ය නම් කස්ටම් එකේ, අදායම් බදු එකේ රෙජිස්ටර් කරලා ටින් නම්බර් එක අරං EDB එකේ ලියාපදිංචි වෙන්නත් පුළුවන්.

    මේ ඔක්කොම තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඉතිං ටික දවසක් යනවා.

    ප්‍රාදේශීය ලේකම් එකේ ලියපදිංචි කරන්නම මාසයක් වත් යයි. එහෙන් බලන්නත් එනව. ග්‍රාම සේවක සහතික ගන්න ඕනී. වැඩේ ටිකක් ඇදෙනව.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆෝම් එකක් තියෙනවා , එක පුරවල ඉල්ලන ඩොකියුමන්ට්ස් එක්ක බාර දෙනවා අදාළ ගාස්තු එක්ක . මාසයක් වගේ ඇතුලත කර ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්නේ.

    එතනට යන්න. වෙනම කොටසක් තියෙනවා ව්‍යාපාර ලියාපදිංචියට. එතන විස්තර තියෙනවා.

    ග්‍රාම නිලධාරී සහතික ගන්නත් ඕනී.

    ඔෆිස් එකක්, ගබඩා පහසුකම්, ව්‍යාපාරික ස්ථානය වගේ අදාල වෙන දේවල් තියෙන්න ඕනී.

    ගෙදර උනත් කමක් නැහැ. අදාල වෙන කොටස තියෙන්න ඕනී. බලන්න එනවා.

    එහෙම ලියාපදිංචි උනාම සහතිකයක් දෙනවා. එකෙන් කරන්ට් එකවුන්ට් එකක් හදාගෙන චෙක් පොතක් ගන්න පුළුවන්.

    ඊට පස්සේ අවශ්‍ය නම් කස්ටම් එකේ, අදායම් බදු එකේ රෙජිස්ටර් කරලා ටින් නම්බර් එක අරං EDB එකේ ලියාපදිංචි වෙන්නත් පුළුවන්.

    මේ ඔක්කොම තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඉතිං ටික දවසක් යනවා.

    ප්‍රාදේශීය ලේකම් එකේ ලියපදිංචි කරන්නම මාසයක් වත් යයි. එහෙන් බලන්නත් එනව. ග්‍රාම සේවක සහතික ගන්න ඕනී. වැඩේ ටිකක් ඇදෙනව.
    තෑන්ක්ස් මචන්
    මුලින්ම කරන්න ඕනේ.. ප්‍රාදේශීය කාර්‍යාලයට යන එකනේ.. ග්‍රාමසේවක ලඟට යන්න කලින්
     
    • Like
    Reactions: snm1990

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    තෑන්ක්ස් මචන්
    මුලින්ම කරන්න ඕනේ.. ප්‍රාදේශීය කාර්‍යාලයට යන එකනේ.. ග්‍රාමසේවක ලඟට යන්න කලින්
    ඔව්. ප්‍රා. ලේ එකට.
     
    • Love
    Reactions: buddikagayan

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මම නම් මුලින්ම ගියේ ගිරාමසේවක නෝනා ගාවට. එයාගෙන් තමයි application එක ගත්තෙ. ඒක පුරවලා ඕන කරන ලියකියවිලි බාර දීල සහතික කරගෙන තමයි ප්‍රා.ලේ. ගියේ.

    ගිරාමසේවකගෙන් හරියටම අහගනින් මොනවද ඕන කරන ලියකියවිලි කියල. බිස්නස් එක කරන තැන අයිති උඹට නෙමෙයි නම් අයිතිකාරයගෙන් ලියුමක් හෝ බද්දට/කුලියට නම් ඉන්නෙ ඒකට agreement එකක් පෙන්නන ඕන. ඡන්ද හිමි නාමලෙකනයේ නම් තියෙන්න ඕන. නැත්තන් ඒකට වෙනම process එකක් තියෙනව.
    ඒ ඔක්කොම කරගත්තට පස්සෙ ගිරාමයා එනව තැන බලන්න. බලලා සහතික කරාට පස්සෙ ප්‍රා.ලේ. යන්න ඕන. එතනදි තව දෙවල් වගයක් චෙක් කරනවා. ගෙදර නම් බිස්නස් එක කරන්නෙ වරිපනම් category එක වෙනස් කරගන්න ඕනා. ආහාර සම්බන්ධ බිස්නස් එකක් නම් PHI බලල සහතික කරන්න ඕනා. professional service එකක් නම් කරන්නෙ ඒකට අදාල සහතික පෙන්නන්න ඕන (degree certificate/ qualification). මට නම් වැඩේට මාසයක් විතර ගියා.
     
    • Love
    Reactions: buddikagayan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
    Pvt Ltd ගන්න මාර ලේසි NIC Copy එක විතරයි ඕනේ

    Address එක තහවරු කරන්න , ගෙදර ඔප්පු පෙන්වන්න වගේ වැඩ ඕනේම නැහැ

    company secretary කමට ගෙදර කෙනක් ගේ නම දාන්න.

    දවස් 3-4 BR එක ගන්න පුළුවන් , තනියම කරගන්න බැරිනම් audit firm එකකට වැඩේ දෙන්න එයාලා කරනවා ඉකමනින්. හොද පිළිගැනීමක් තියෙනවා ඔය තනි පුද්ගල BR එක‍ට වඩා Pvt Ltd වලට.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
    Palayan ube business karala area eke Division Secretariat ekata... eke administration department ekata gihilla kiyapan ubata sole propritor BR ekak hadaganna oni kiyala.... eta passe un application ekak dei eke vidihata wede karanna tiyenne..... habai etin dan bank current account open karanna TIN eka oni... uba BR eka gattata passe TIN ekata apply karapan..tava prasna tibboth MSG ekak dapan
     
    • Love
    Reactions: buddikagayan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,265
    7,766
    113
    Documents tika dunnata passe mage nam 5 days walin wage BR eka lebuna.

    Municipal council ekata Rs 3000k gewala trade licence ekak ganna ona. Ekath ekka thama Documents tika Divisional Secretariat ekata denna ona.
    Business nature ekata "online" word use wenawa namPolice report ekak ona. eka lebenna 3 days wage yanawa request letter ekak policiyata dunnama.
    Grama sewakagen report ekak aran yanna ona police report eka ganna nam.

    Muncipal council eka anuwa prices poddak wenas wenawa business register karaddi

    https://bnr.wp.gov.lk/

    ai bn ara ona tharam 24000 ta wage karala denawa kiyala tynne fb eke ads
    e PVT LTD

    Sole proprietorship ekak reg karanna yanne Rs 5000k wage.
    ------ Post added on Dec 16, 2024 at 3:33 PM
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මචන්ලා .. මම දැනට පොඩි Business එකක් කරන් යනවා
    දැනට චෙක්ස් ලියන්නෙ මගෙ Personal Account එකෙන්
    bank එකෙන් ලඟදි කියුවා Business name එකට Current Account Open කරගන්න කියලා

    මම තාම බිස්නස් එක Registered කරලා නෑ
    Business current Account Open කරන්නත් BR එක අවශය වෙනවා
    කොහොමද තනි පුද්ගල බිස්නස් එකක් Register කරන්නේ
    AG Office එකට ගිහින් ඇප්ලිකේෂන් එකක් පුරවලා දීපන්. උඹේ බිස්නස් එකේ ස්වභාවය අනුව ප්‍රොෙසස් සිස්ටම් එක වෙනස්. උදාහරණ කෑම ව්‍යාපාරයක් නම් PHI Recomodation එක ඕනි. සමහර ව්‍යාපාර වලට වෘත්තීය සුදුසුකම් ඕනි. සමහර ඒවට පරිසර බලපත්‍රය ඕනි. කොහොමත් අඩුම මාසයක් යනවා. ඊට පස්සේ BR එකේ කොපි එකක් බෑන්ක් එකට දීලා බිස්නස් එකේ නමින් එකවුන්ට් එකක් අරින්න පුලුවන් . උඹට පුලවන් නම් බිස්නස් එක Pvt ltd එකක් විදිහට රෙජිස්ටර් කරපන්. කරන්ට් එකවුන්ට් වලට මාර Option හම්බෙන්නේ