same thing machn, 18 di appachi nathi una. ammta wada appachita thamai mama godakma close. eyta cancer ekak haduna. nathi wenwa kiyala danagena hitiye . but loku shock ekak una eka. mata adune na eya nathi unama. but okkoma wada iwara unata passe thamai hodatama adune..අවු 15 දී තාත්ත නැති උනා. ඉස්පිරිතාලෙදි තමයි නැති උනෙ. මම class ගිහින් ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සේ අම්මයි නෑයො ටිකයි ගෙදර ආපු විදියට මට තේරැනා.. අක්කල අම්ම අඩන්න පටන් ගත්තට මට ඇඩුනේ නෑ. හෙන වගකීමක් ආව වගේ දැනුනා. කරකවල අතෑරියා වගේ. තාත්ත විතරයි හම්බ කරේ ඒ වෙද්දී. මම පැත්තකට ගිහිල්ල ටිකක් වෙලා හිතුව ඇයි ඇඩෙන්නේ නැත්තේ තොට කියලා. මලගෙදර වැඩත් සෑහෙන කරා. මිනිය ගෙනාපු දවසේ වත් අඩුනේ නෑ . ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවම තමයි හොදටම ඇඩුනේ බන්.![]()
Nivan suva labewa!තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?
අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?
මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
කියලා වැඩක් නෑ බන්..තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?
අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?
මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
අපේ අම්මා නම් තාම ඉන්නවා. මම සැහෙන බැදීමක් අම්මා එක්ක තියනවා. තාම මට උදේ කෑම එක උදෙන්ම හදලා තියන්නේ අම්මා තමා. එයාට ලෙඩකට තියෙන්නේ සෙම විතරයි.මම නම් ඉන්නකන් ඕනේ හැම දෙයක්ම ගෙනත් දෙනවා. එයා අපිට වියදම් යයි කියලා ඉල්ලන්නේ නැ . අපේ වගකීම ගෙනත් දෙන එක. එයා ආසම කෑම ගෙනත් දෙනවා . ආසම ජරාව ඉතින් (නෙස්ටමෝල්ට් ටිෆින් බිස්කට් එක , චීස් ක්රැකර් , මැලිබන් කරීම් කැකර් ) ඔය ටික තමා. එත් ඉතින් එකෙන් මැරුණත් හොදට කාල බිලා නේ මැරෙන්නේ.
අනික් හොදම දේ තමා අපි සමාජයේ වැදගත් විදිහට ජිවත් වෙන එක. ඒක අම්මලා තාත්තල වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ. එක නිසා මම නම් කොල්ලා කාලේ උනත් ගමේ චෝර උනේ නැ . කරන රෙද්දක් පිට ගිහින් කරලා එනවා (ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා ). තාම වෙඩින් එකකට ගියත් අම්මලා ඉන්නවා නම් බියර් එකක් වත් බොන්නේ නැ . එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව. තමන්ගේ පුතෙක් වැරද්දක් කරලා සමාජෙන් චොර උනාම අම්මලා තරම් දුක් විදින්නේ නැ කව්රුත්. ඉතින් ඒ අතින් මම නම් අම්මා මැරුණට දුක් වෙන්න කිසිම දෙයක් නැ බං.
