තමන්ගේ අම්මා නැති වුණ දවස

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    අවු 15 දී තාත්ත නැති උනා. ඉස්පිරිතාලෙදි තමයි නැති උනෙ. මම class ගිහින් ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සේ අම්මයි නෑයො ටිකයි ගෙදර ආපු විදියට මට තේරැනා.. අක්කල අම්ම අඩන්න පටන් ගත්තට මට ඇඩුනේ නෑ. හෙන වගකීමක් ආව වගේ දැනුනා. කරකවල අතෑරියා වගේ. තාත්ත විතරයි හම්බ කරේ ඒ වෙද්දී. මම පැත්තකට ගිහිල්ල ටිකක් වෙලා හිතුව ඇයි ඇඩෙන්නේ නැත්තේ තොට කියලා. මලගෙදර වැඩත් සෑහෙන කරා. මිනිය ගෙනාපු දවසේ වත් අඩුනේ නෑ . ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවම තමයි හොදටම ඇඩුනේ බන්. 😖😭
    same thing machn, 18 di appachi nathi una. ammta wada appachita thamai mama godakma close. eyta cancer ekak haduna. nathi wenwa kiyala danagena hitiye . but loku shock ekak una eka. mata adune na eya nathi unama. but okkoma wada iwara unata passe thamai hodatama adune..

    eka kiyanna terenne na. adatah mata e aduwa hodata danenwa.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?

    අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?

    මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
    Nivan suva labewa!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    Mage nathi une nangi.. 2018 april eya nathi une.. dawas 3 withara icu hitiya.. man godak adarei mage nangita. Stage eken watila oluwa concrete eke wadila. Brain dead una.. awrudu 26 eyata.. architect kenek..
    Mata thama mathakai horen hospital ekata ringala operation theater eka dora gawa paya 6 operation eka iwara wenakan bima indagena hitapu hati.... Eya godak minussunta udaw karana kenek..eka hinda man hithanawa eya honda thanaka athi kiyala....
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Mage appachchi nethi une 2012di. Eyata loku stroke ekak awa 2011. Eken paralyse una . Katha karannawath beruwa masa 13k indala gedara ma nethi una. Man job ekata gihin awruddak wage athi. Malli campus first year. Amma teaching kale. Eya kalin retire una
    appachchi balaganna.

    Mata nam aththatama lokuwata shock eka awe stroke eka haduna dawase. Maruna welawe dukak danunath eya hitapu thathwen duk widinawata wada ehema una eka hondhai kiyala hithuna. Eya nethi unath amma gei apei uthsahaya hinda api hamadema karagaththa kohoma hari . Namuth prashnayak awama advice ekak ganna appachchi nethi aduwa mata digatama danei. appachchi heenen wath penne ne mata. Eya hondha thanaka athi.
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?

    අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?

    මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
    කියලා වැඩක් නෑ බන්..

    මට කතා කරලා විනාඩි තිහකින්, අම්මත් එක්ක කතා කර කරා ඉන්නගමන් මගෙත් අප්පච්චි නැති වුනේ
    හොරු අරන් ගියා වගේ තමා.

    තවම හිත හදා ගන්න බෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    නිවන් සුව ලැබේවා මචන්
    අම්මා නැතිවෙලා කියන දේ මන් හිතන්නවත් කැමති දෙයක
    දැන් 67 යි 😶

    අපේ අම්මා නම් තාම ඉන්නවා. මම සැහෙන බැදීමක් අම්මා එක්ක තියනවා. තාම මට උදේ කෑම එක උදෙන්ම හදලා තියන්නේ අම්මා තමා. එයාට ලෙඩකට තියෙන්නේ සෙම විතරයි.මම නම් ඉන්නකන් ඕනේ හැම දෙයක්ම ගෙනත් දෙනවා. එයා අපිට වියදම් යයි කියලා ඉල්ලන්නේ නැ . අපේ වගකීම ගෙනත් දෙන එක. එයා ආසම කෑම ගෙනත් දෙනවා . ආසම ජරාව ඉතින් (නෙස්ටමෝල්ට් ටිෆින් බිස්කට් එක , චීස් ක්‍රැකර් , මැලිබන් කරීම් කැකර් ) ඔය ටික තමා. එත් ඉතින් එකෙන් මැරුණත් හොදට කාල බිලා නේ මැරෙන්නේ.

    අනික් හොදම දේ තමා අපි සමාජයේ වැදගත් විදිහට ජිවත් වෙන එක. ඒක අම්මලා තාත්තල වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ. එක නිසා මම නම් කොල්ලා කාලේ උනත් ගමේ චෝර උනේ නැ . කරන රෙද්දක් පිට ගිහින් කරලා එනවා (ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා ). තාම වෙඩින් එකකට ගියත් අම්මලා ඉන්නවා නම් බියර් එකක් වත් බොන්නේ නැ . එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව. තමන්ගේ පුතෙක් වැරද්දක් කරලා සමාජෙන් චොර උනාම අම්මලා තරම් දුක් විදින්නේ නැ කව්රුත්. ඉතින් ඒ අතින් මම නම් අම්මා මැරුණට දුක් වෙන්න කිසිම දෙයක් නැ බං.

    මන් වගේ බෝඩිමේ නටන නැටුම් ටික නටලා
    ගෙදර ගිහින් බබා වගේ ඉන්නවා 🤪
     
    • Haha
    Reactions: HAneo

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මටත් නිතරම හිතෙන දෙයක් මේක. මේ Corona කාලේ අම්මලා නැති වෙයිද කියලා. අම්මලා දැං වයසයි.
    මං ටිකක් රළු පුතෙක් නමුත් අම්මලා සතුටු වෙන හොඳ රස්සාවක් කරනවා දැං.
    සංසාරේ හැටි තමා මේ, අපිට අම්මලා වයසට යන එක මැරෙන එක වලක්වන්න බැහැ. අම්මලාට අපි වයසට යන එක මැරෙන එක නවත්තන්න බැහැ. අමාතාපටත්ත බය ගැන සූත්‍ර දේශනාවක් තියනවා අහන්න / කියවන්න.
    මගේ රස්සාවෙ හැටියට මිනිස්සු මැරෙන හැටි දකිනවා ඕන තරං, අපිට ගොඩක් වයසක නැත්නම් මැරෙන මට්ටමේ ලෙඩ තියන අය මැරෙන එක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනත් ගෙදර අයට ලමයින්ට ඒ අන්තිම හුස්ම වැටෙන එක බලං ඉන්න එක කොච්චර වේදනාවක් ද කියලා ආය මතක් වෙනවා මෙවා කියවද්දි. මට මතකයි එක පුතෙක් හිටියා ඔහොම ගොඩක් දුර්වල ක්ෂය රෝගය තියන තාත්තා ළඟ, වෙනම කාමරයක හිටියේ අනිත් අයට බෝ වෙන නිසා. ඒත් පුතා දාලා ගියේ නැහැ. එක දවසක රැ 1 ට විතර ඔය විදිහට පුතා ඇවිත් කීවා තාත්තා හුස්ම ගන්නෙ නැහැ කියලා.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වියෝ වූ සියළුම මව්පියන්ට නිවන් සුව අත්වේවා....මගේ අම්මයි තාත්තයි හොඳින් ඉන්නවා.මම ඉන්නකම් ඒ දෙන්නටත් මම එක්ක ඉන්න ලැබේවා කියලයි මම හැමවෙලේම හිතන්නේ... :yes:
     
    • Love
    • Like
    Reactions: SpinXO and HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අපිට කවදා හරි මේකට මුන දෙන්න වෙනවා මචං . මේක තමා ලෝක ස්වාභාවය . ඇති වීම සහ නැතිවීම . කැමති උණත් අකමැති උනත් මේකට නම් මුන දෙන්න වෙනවා .
    නොකළේ මොනවද කියලා හොයන වට වඩා මම දෙමවුපියන්ට කළේ මොනවද කියලා හිතලා සතුටු වෙන්න.

    ඔයා අම්මට මැරෙනකම් ම උදවු කරා ඒකම ඇති හිතලා සතුටු වෙන්න . කරපු දෙය ගැන . පුළුවන් තරම් අම්මාගේ නමින් පිංකම් කරන්න. දැන් කරන්න පුළුවන් එකම දෙය අම්මාගේ හිතට කථා කරන එක විතරයි . පුළුවන් තරම් පින් කරන්න අම්මා ඉන්න තැනකින් පින් අනුමෝදන වෙන්න එක තමා දැන් කරන්න තියෙන එකම දෙය. ඔයාගේ අම්මට නිවන් සුව ලැබේවා කියලා පතමු 🙏🙏🙏🙏