තමන්ගේ අම්මා නැති වුණ දවස

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?

    අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?

    මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    අවුරුදු 17යි මේ අවුරුද්දට. ඉස්පිරිතාලේ නැති වුනේ. අක්ක තමා අම්ම වුනේ ඊට පස්සේ. 2012න් පස්සේ මායි පියයි විතරයි.

    මේ වෙසක් එකට යන්න ඕන සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?

    අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?

    මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
    අපේ අම්මා නම් තාම ඉන්නවා. මම සැහෙන බැදීමක් අම්මා එක්ක තියනවා. තාම මට උදේ කෑම එක උදෙන්ම හදලා තියන්නේ අම්මා තමා. එයාට ලෙඩකට තියෙන්නේ සෙම විතරයි.මම නම් ඉන්නකන් ඕනේ හැම දෙයක්ම ගෙනත් දෙනවා. එයා අපිට වියදම් යයි කියලා ඉල්ලන්නේ නැ . අපේ වගකීම ගෙනත් දෙන එක. එයා ආසම කෑම ගෙනත් දෙනවා . ආසම ජරාව ඉතින් (නෙස්ටමෝල්ට් ටිෆින් බිස්කට් එක , චීස් ක්‍රැකර් , මැලිබන් කරීම් කැකර් ) ඔය ටික තමා. එත් ඉතින් එකෙන් මැරුණත් හොදට කාල බිලා නේ මැරෙන්නේ.

    අනික් හොදම දේ තමා අපි සමාජයේ වැදගත් විදිහට ජිවත් වෙන එක. ඒක අම්මලා තාත්තල වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ. එක නිසා මම නම් කොල්ලා කාලේ උනත් ගමේ චෝර උනේ නැ . කරන රෙද්දක් පිට ගිහින් කරලා එනවා (ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා ). තාම වෙඩින් එකකට ගියත් අම්මලා ඉන්නවා නම් බියර් එකක් වත් බොන්නේ නැ . එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව. තමන්ගේ පුතෙක් වැරද්දක් කරලා සමාජෙන් චොර උනාම අම්මලා තරම් දුක් විදින්නේ නැ කව්රුත්. ඉතින් ඒ අතින් මම නම් අම්මා මැරුණට දුක් වෙන්න කිසිම දෙයක් නැ බං.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අවුරුදු 17යි මේ අවුරුද්දට. ඉස්පිරිතාලේ නැති වුනේ. අක්ක තමා අම්ම වුනේ ඊට පස්සේ. 2012න් පස්සේ මායි පියයි විතරයි.

    මේ වෙසක් එකට යන්න ඕන සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න.
    2012 න් පස්සෙ අක්කා මැරුණ ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපේ අම්මා නම් තාම ඉන්නවා. මම සැහෙන බැදීමක් අම්මා එක්ක තියනවා. තාම මට උදේ කෑම එක උදෙන්ම හදලා තියන්නේ අම්මා තමා. එයාට ලෙඩකට තියෙන්නේ සෙම විතරයි.මම නම් ඉන්නකන් ඕනේ හැම දෙයක්ම ගෙනත් දෙනවා. එයා අපිට වියදම් යයි කියලා ඉල්ලන්නේ නැ . අපේ වගකීම ගෙනත් දෙන එක. එයා ආසම කෑම ගෙනත් දෙනවා . ආසම ජරාව ඉතින් (නෙස්ටමෝල්ට් ටිෆින් බිස්කට් එක , චීස් ක්‍රැකර් , මැලිබන් කරීම් කැකර් ) ඔය ටික තමා. එත් ඉතින් එකෙන් මැරුණත් හොදට කාල බිලා නේ මැරෙන්නේ.

    අනික් හොදම දේ තමා අපි සමාජයේ වැදගත් විදිහට ජිවත් වෙන එක. ඒක අම්මලා තාත්තල වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ. එක නිසා මම නම් කොල්ලා කාලේ උනත් ගමේ චෝර උනේ නැ . කරන රෙද්දක් පිට ගිහින් කරලා එනවා (ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා ). තාම වෙඩින් එකකට ගියත් අම්මලා ඉන්නවා නම් බියර් එකක් වත් බොන්නේ නැ . එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව. තමන්ගේ පුතෙක් වැරද්දක් කරලා සමාජෙන් චොර උනාම අම්මලා තරම් දුක් විදින්නේ නැ කව්රුත්. ඉතින් ඒ අතින් මම නම් අම්මා මැරුණට දුක් වෙන්න කිසිම දෙයක් නැ බං.
    ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා
    එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව

    Me tikath nokara inna thiyenawa nam godak hodai machan.
    Owagen athi prayojanayak na.

    Anith de uba ammata ochcaratama adarei nam, amma marena mohothedi(ehema noweva kiyala prarthana karamu) ubata kiuwoth raha meren nathuwa jivath wenna kiyala uba eka amma nisa karanawa neda? ithin ay amma jivath wela inna kale idala ubata eka karanna bari. Ammath dannawa athi ne uba bonawa kiyala. Mona ammada kamathi thamange putha nannathara wenna eka eka sallalayo ekka bonawata.

    owa nawaththapalla bn. Owa biwama thirisannu wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    අවු 15 දී තාත්ත නැති උනා. ඉස්පිරිතාලෙදි තමයි නැති උනෙ. මම class ගිහින් ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සේ අම්මයි නෑයො ටිකයි ගෙදර ආපු විදියට මට තේරැනා.. අක්කල අම්ම අඩන්න පටන් ගත්තට මට ඇඩුනේ නෑ. හෙන වගකීමක් ආව වගේ දැනුනා. කරකවල අතෑරියා වගේ. තාත්ත විතරයි හම්බ කරේ ඒ වෙද්දී. මම පැත්තකට ගිහිල්ල ටිකක් වෙලා හිතුව ඇයි ඇඩෙන්නේ නැත්තේ තොට කියලා. මලගෙදර වැඩත් සෑහෙන කරා. මිනිය ගෙනාපු දවසේ වත් අඩුනේ නෑ . ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවම තමයි හොදටම ඇඩුනේ බන්. 😖😭
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දුක් වෙන්න එපා මචං..අපිට ඒ දේ උරුමයි...මගේ දෙමව්පියන් තවම හොඳින් ඉන්නවා..දැනට නම් හිතන් ඉන්නවා එයාලා නැති උන දවසටත් කොහොම හරි හිත හදාගන්නවා කියලා..එත් එදාට වැඩියෙන්ම අඩන්නේ මමද කියලත් හිතේ බයක් තියනවා..:(