තමිල්නාඩු තරුණයෙකු දිව කපාගෙන
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය.
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ඉන්දීය පොලීසිය පවසයි.
ඔහු දිව කපා ගත් පසු වේදනාවෙන් කෑගසා ඇති අතර නිවැසියන් සහ අසල්වැසියන් පැමිණ ඔවුන් එක්ව තරුණයා රෝහල්ගත කර තිබේ.
එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය

ඇයි බන් එකෙක් ඒකත් කපනවා කියලා තිබ්බේ.