තරුණයා රෝහලේදී තරුණියක වෙලා....

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තරුණයා රෝහලේදී තරුණියක වෙලා....

    තරුණයා රෝහලේදී තරුණියක වෙලා....

    වෙන්නප්පුව - ස්‌ටැන්ලි පතිරාජ

    වස පානය කොට හලාවත මහරෝහලට ඇතුළත් කළ විවාහක තරුණයකු යෑයි කියන අයකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී තරුණියක වීම නිසා පෙරේදා (24 දා) හලාවත මහරෝහලේ කාර්ය මණ්‌ඩලය මහත් අපහසුතාවකට පත්වූහ.

    තම නීත්‍යනුකූල සැමියා වස පානය කළ බව පවසමින් පැමිණි තරුණියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැමියා රෝහලට ඇතුළත් කොට ඇත. වෛද්‍යවරුන් විසින් රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර මුත්‍රා පිට නොවීම නිසා සාත්තු සේවකයකු ඔහුට මුත්‍රා බටය සවිකිරීමට යැමේදී රෝගියා පිරිමියකු නොව තරුණියක බවට අනාවරණය කරගෙන ඇත.

    පසුව රෝගියා භාරදුන් තරුණිය පවසා ඇත්තේ තමන් දෙදෙනා මෙයට මාස දෙකකට පෙර විවාහ වූ බවත් දින කීපයකට පෙර රහස එළිවීමෙන් අනතුරුව ඇය වස බී ඇති බවත්ය. රෝගියා කොණ්‌ඩය කොටට කපා නියම පිරිමියකු ලෙස වෙස්‌වලාගෙන සිටි බවත් පැවසේ. මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ බදුවත්ත ප්‍රදේශයේය.