තරුණියක් අලි අමාරුවේ

kickmeo

Member
Nov 30, 2010
529
25
0
තරුණියක් අලි අමාරුවේ

දොස්තර නෝනාගේ වැරදි නිගමනයෙන් තරුණියක් අලි අමාරුවේ ගමේ වෙද මහතා පිහිටට එයි:shocked::shocked:








බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට බදුල්ල මහ රෝහලේ බාහිර අංශය වෙත ගිය අවිවාහක තරුණියක පරීක්ෂා කළ එක්තරා වෛද්‍යවරියක් ඇය ගැබ්ගෙන ඇති බවට කර ඇති වැරදි නිගමනයක් නිසා සිදුවන්නට ගිය අවාසනාවන්ත සිදුවීමක් පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් නිසා වැළකී ගිය පුවතක් හාලිඇල කීරියගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ පෑ තරුණියගේ මව වන ඒ. එස්. ගුණවතී (45) මහත්මිය සිද්ධිය විස්තර කළේ මෙසේ ය.:shocked::shocked::shocked:
“මගේ දුවගේ වයස අවුරුදු 21යි. ඇය අවිවාහකයි. ළඟදී දවසක් බඩ රිදෙනවා කීවා. බැලින්නම් දුවගේ බඩ ඉදිමෙලා. කකුල් අතපය තඩිස්සි වෙලා. මම දුවව බදුල්ල මහ රෝහලට එක්ක ගියා. දොස්තර නෝනා කෙනෙක්ට පෙන්නුවා. දොස්තර නෝනා දුවගේ මුත්‍රා පරීක්ෂණයක් කළා. පසුව දුව ගැබ්ගෙන ඇති බව කීවා. දුව එය පිළිගන්නේ නැහැ. අඬාගෙන ආපහු ගෙදර ආවා.
පහුවදා අපි ගමේ දොස්තර නෝනා ළඟට ගියා. දොස්තර නෝනා දුව පරීක්ෂා කළා. දුවගේ කුසට මාස 6ක් විතර වෙනවා කියා අදම බෑණාව හොයාගෙන බන්දලා දෙන්න කීවා. අද හෙටම දුවව ක්ලිනික් එකට එවන්න කියා උපදෙස් දුන්නා.
මේ සිද්ධිය නිසා දුව හිටියේ මහත් ලැජ්ජාවෙන්. හිත් වේදනාවට දුව ජීවිතය නැති කර ගනීවිද කියලා මට බයක් දැනුනා.
චිත්ත ශක්තියේ බලෙන් ලෙඩ්ඩු සුව කරන පාරම්පරික වෙද මහත්මයෙක් හාලිඇළ ප්‍රදේශයේ ඉන්නවා කියා අක්කා මට කීවා. අපි ඒ වෙද මහත්තයා ළඟට දුවව එක්ක යමු කියා අක්කා කිව්වා. පස්සෙ අපි ඒ වෙද මහත්තයා හමුවෙන්න ගියා. වෙද මහත්තයා දුවගෙන් විස්තර අසා තැඹිලි ගෙඩි තුනක් අරගෙන එන්න කීවා. මම තැඹිලි ගෙනත් දුන්නා. වෙද මහතා එය රැගෙන උඩු මහලට ගියා. පැය භාගයකට විතර පස්සෙ ආපසු ආවා. එක තැඹිලි ගෙඩියක් ඒ වෙලාවේම දුවට බොන්න දුන්නා. ඉතිරි දෙක බොන්න කියා කසාය තුන්ඩුවක් ලියා දුන්නා. සල්ලි සතයක්වත් ගත්තේ නැහැ. තැඹිලි කසාය බීලා ගුණ අගුණ විතරක් ඇවිත් කියන්න කීවා.
දවස් තුන යන කොට මගේ දුවගේ බඩ පිපුම, අත පය ඉදිමුත් කොහෙන් ගියා ද නැහැ. බඩ විරේකයත් ශුද්ධ වීමත් හොඳින් සිදු වුණා. මගේ දුවට බබෙක් තියා මී පැටියෙක් වත් හම්බෙන්න හිටියේ නැහැ. දොස්තර නෝනලාගේ කීම අහලා කටයුතු කරන්න ගියා නම් මහා නස්පැත්තියක් වෙන්න තිබුණා. අපේ වෙද මහත්තයාට පිංසිද්ධ වෙන්න මගෙ කෙල්ල අද හොඳ සනීපෙන් ඉන්නවා. ලෝක අපවාදවලින් මගේ කෙලීව බේරා ගත්තාට වෙද මහත්තයාට බුදු බව අත්වෙන්න ඕනෑ, යැයි කීවාය.


උපුටන:


 
  • Like
Reactions: Rockey_ssr

kingdewi

Well-known member
  • ස්කෑන් එකක් නොකර HCG test එකකින් විතරක් බබෙක් හම්බෙන්න ඉන්නව කියල නිගමනය කලේ මොන මනුස්සයද මන්ද? මෙහෙමත් දොස් තොර ලා!!