තරුණ අවශ්‍යතා නිසා හෑල්ලු වූ විවාහය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තරුණ අවශ්‍යතා නිසා හෑල්ලු වූ විවාහය






    තරුණ අවශ්‍යතා නිසා හෑල්ලු වූ විවාහය



    දිනෙන් දින සියළු දේ වෙනස්වෙයි. ඒ යටතේ ආහාර රටා, විලාසිතා, සිතුම් පැතුම් ආදිය සියල්ලක් පාහේ වෙනස් වෙයි. ඒ වෙනසත් සමග ලෝකයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ගේ විවාහය ද වෙනස් වී ඇත් බවක් දක්නට ලැබේ.
    විවාහ මංගල උත්වයක් කියූ සැනින් වර්තමාන සමාජයේ නම් එය ඉතා සරළ සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. එහෙත් අතීතයේ නම් විවාහ මංගල්‍යයක් යනුවෙන් සඳහන් කළ විට ඊට හිමිවන්නනේ ඉහළ ස්ථානයකි.
    වර්තමානයේ බොහෝ විට පෙම් සබඳතාවල අවසානය විවාහයක් බවට පත් වෙනවා. එහෙත් එය සිදුවන්නේ අල්ප වශයෙනි. දෙමව්පියන්ගේ ආශිර්වාද මග පෙන්වීම අනුව ඇතැමෙක් විවාහය සිදු කර ගන්නා අතර තවත් පිරිසක් හඳ පානේම පැන යති.
    සමාජයේ පිරිහීම් මෙවැනි සියුම් තැන්වලින් ආරම්භවනවා යැයි කීමට පුළුළුන. මන්ද අතීතයේ විවාහයක් සිදුවන්නේ සිත් සේ ගන්නා තීරණ නිසා නොවේ. ඊට ආවේණික වූ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පවතී. වෙනස් වෙමින් පවතින සමාජ රටාව හේතුවෙන් එම සිරිත් විරිත්, චාරිත්‍රවලට නිසි තැන්ක හිමි නොවන බවක් පෙනේ.
    අද සමාජයේ බොහෝ විවාහ ප්‍රේම සම්බන්ධතා මත සිදුවෙයි. පෙම්වතියකට පෙම්වතාත්, පෙම්වතාට පෙම්වතියත් ඉතා හොඳ, ඉතා අවංක, යහපත් චරිතයක් ඇති, ශීලාචාර ලස්සන අයකු ලෙස පෙනේ. නැත්නම් ජීවිත කාලය තුළම එකට සිටීමට බලා‍පොරොත්තුවෙන් විවාහ ජීවිතයට ඇතුළත් වේද? “එයා එහෙම කෙනෙක් නොවේ. එයාගෙ හැටි මම දන්නවා” යනුවෙන් තම පෙම්වතාගේ, පෙම්වතියගේ අවංකත්වය ගැන කතා කරන පෙම්වතුන්, පෙම්වතියන් කොතරම් සිටිනවා දැයි සමාජයෙන් පෙනේ.
    මෙසේ සිතන්නේ සියළුදෙනා වෙස් මුහුණුවලින් තම නියම මුහුණ වසා ගෙන සිටින නිසා බව එදාට තේරුම් ගත නොහැකිය. විවාහ වී මාස කීපයකින් වෙස් මුහුණ ඉවත් වේ. මිනිසාගේ යථා ස්වරූපය තේරෙන්නේ එවිට ය. මේ සංසිද්ධිය බොරු යැයි කිව හැක්කේ කාට ද? හිතට එකඟව කතා කරතොත් සත්‍යය එය වේ.
    ප්‍රේම සම්බන්ධයකින් හෝ විවාහ යෝජනාවකින් හෝ දෙදෙනෙකු එක් වී ජීවිත ගත කළත් සතුටින් ජීවත්වන්නේ කී දෙනා ද? ප්‍රේම සම්බන්ධයකින් විවාහ වනවිට හඳහන් බැලීමක් සිදු නොවේ. එහෙත් සමහරු ප්‍රීතිමත් ජීවිත ගත කරන අතර සමහරු ජීවිත කාලය මුළුල්‍ලේම දුක් විඳිති. හඳහන් බලා කෙරෙන විවාහ ද එසේම බව සමාජය දෙස බැලීමෙන් පෙනේ. හඳහන් බැලීමෙන් විවාහවන අය නොගැළපී දුක් විඳින්නේ හඳහන් බැලීමේ දුර්වලකම නිසා ය.
    සමහර ‍ජ්‍යොතීර්වේදීහු ‍පොරොන්දම් බැලීමෙන් පමණක් සුදුසු අය තෝරති. සාමාන්‍ය ජනතාවට උගන්වා ඇත්තේ ද එයම ය. මෙය සියයට පනහකටත් වඩා වැරදි සහගත ය. විවාහ වූ නිසා කෙසේ හෝ එකට ජීවත් විය යුතු යයි සිතන, දුකින් කාලය ගෙවන විවාහකයෝ අපමණ සිටිති. වෙනත් කළ හැකි දෙයක් නැති නිසා මුළු ජීවිත කාලයම දුකින් ගෙවීමට ඔවුනට සිදුවී ඇත. ලංකාවේ තිබෙන සම්ප්‍රදායයන් නිසා වෙන්වීම අමාරුය. එහෙත් දික්කසාදවීම සුලභ ය. බටහිර රටවල එවැනි සම්ප්‍රදායයන් අඩු නිසා විවාහ බැම්ම ලිහිල් නිසා දික්කසාද වැඩි ය. කෙසේ හෝ දික්කසාද ඇතිවන්නේ නොගැළපීම නිසා ය.
    මේ නොගැළපීම දෙආකාර ය. අදහස් නොගැළපීම හා ලිංගික නොගැළපීම යනුවෙන් එය වර්ග කළ හැකි ය. ලිංගික ව ගැළපේ නම් බොහෝ විට අදහස්වල නොගැළපීම යට යයි. මේ නිසා විවාහයකට අත්‍යවශ්‍ය ප්‍රබලම සාධකය ලිංගික ව ගැළපීම බව පෙනේ. මෙම ගැළපීම නැති වුව ද ඉවසීමෙන් විවාහ ජීවිතය ගෙන යන අවස්ථා එමට ය. එහෙත් සිතේ සතුට පලා ගොස් ය. විවාහවන්නේ සතුටින් ජීවත්වීමට විනා අසතුටින්, දුකින් ජීවත්වීමට නොවේ. එසේ නම් මේ ලිංගික ගැළපීම සොයා ගන්නේ කෙසේ ද?
    මවුපියවරු තම දරුවන් විවාහ වී සතුටින් කාලය ගත කරනවා දැකීමට කැමති වෙති. තරුණ තරුණියෝ විවාහ වී මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට කැමති වෙති. මේ සඳහා අවශ්‍ය මුදල් පමණක් ද? නැත. අතු පැල්පතෙත් ඉතා හොඳ සතුට තිබේ. ඉවසීම තිබුණ පමණින් සතුට තිබේ ද? නැත. ඉවසීමෙන් අසතුටින් ජීවත් වීම බොහෝ විට දැකිය හැකිය. (ඉවසීම නරක දෙයක් යයි මෙයින් අදහස් නොකෙරේ.)
    අශ්ව රථයක් ඇදගෙන යාම සඳහා එක සමාන ජවයක් ඇති අශ්වයන් දෙදෙනෙකු අවශ්‍යය. එකකු දුර්වල වී, එකකු ජවයෙන් වැඩි ශක්තිමත් එකකු වුණොත් රථය හොඳින් ඇදගෙන යා හැකි ද? ඒ ලෙසම විවාහ ජීවිතය ගත කරන දෙදෙනා එක සමාන ලිංගික ශක්තීන් ඇති අය විය යුතු ය. දෙදෙනා අසමාන නම් ජීවන රථය කෙසේ ඇද ගෙන යා හැකි ද?
    සමහරු අඩු ලිංගික ශක්තියක් ඇති අය විවාහයට සුදුසු නැතැයි කියා බැහැර කරති. මෙය වැරදි ය. මෙම ශක්තිය අඩු හෝ වැඩිවීම ලෝක ස්වභාවයයි. කළ යුත්තේ ගැළපීමය. අඩු ශක්තියක් ඇති අයකු වැඩි ශක්තියක් ඇති අයකු හා විවාහවීම දෙදෙනාගේ ම ජීවිත අවුල් කර ගැනීමකි. දෙදෙනාම දුකට පත්වීමකි. ඒ නිසා අඩු ලිංගික ශක්තියක් ඇති අයෙකුට ඒ හා සමාන අයෙකුත්, වැඩි ලිංගික ශක්තියක් ඇති අයෙකුට එවැනි අයෙකුත් ගළපාදීම ‍ජ්‍යොතීර්වේදියෙකුට කළ හැකිය.
    අද සමහර දෙනෙක් ‍ජ්‍යොතිෂය නොපිළිගැනීම “පැෂන් එකක්” ලෙස කරති. “මම ඕව පිළිගන්නේ නැහැ”, “මට ඕව ගැන වැඩි විශ්වාසයක් නැහැ” යනුවෙන් ආඩම්බරයෙන් කියති. සත්‍යය බැලුවොත් ඒ හිත රවටා ගැනීමකි. ඔවුහු හිත ඇතුළෙන් ‍ජ්‍යොතිෂය පිළිගනිති. එය පැහැදිලිවන්නේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක හෝ ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්නා බැවිනි. විවාහය, නිවාස සෑදීම, ව්‍යාපාර ආරම්භ කිරීම, අකුරු කියවීම, හිසකෙස් කැපීම හා කන් විදීම වැනි අවස්ථාවල දී ‍ජ්‍යොතිෂ්‍යය පිහිට කර ගන්නේ නැද් ද?
    අද සමාජයේ බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා පහත සඳහන් කරුණ ගැන ඔබේ අවධානය යොමු කරවමි. පෙම්වතුන්, පෙම්වතියන් වැරදි විදිහට තේරුම් ගන්නා මෙම කරුණ ජීවිතවලට තදින්ම බලපාන දෙයකි. අවුරුදු හත අටක් යහළු වී දැන හඳුනා ගෙන විවාහවන අය සිටිති. ඒ කාලය තුළ කිසිම ගැටළුවක් භේදයක් වී නැත. ඔවුන් බලා‍පොරොත්තුවන්නේ විවාහයෙන් පසුවත් ඒ අයුරින් සුහදව ජීවත්වීමටය. මේ අදහස ඉතා හොඳ වුවත් එසේ විවාහ වූ අය විවාහයෙන් පසුවත් ඒ අයුරින් කල් යවනවා ද? බොහෝ විට නැත. මිත්‍ර ධර්මයට නම් ඉහත අදහස ප්‍රමාණවත් වේ. එහෙත් විවාහය යනු මිත්‍ර ධර්මයට වඩා බොහෝ දුර දිග යන බැඳීමකි.


     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ඔක්කොම කියවන්න කම්මැලි බන්:baffled:..දෙදෙනාගේම ලින්ගික ශක්තිය සමාන වෙන්න ඕනා කියන කතාවනම් හරි:yes::yes:(ලින්ග පොරොන්දම):cool:;)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    ඔක්කොම කියවන්න කම්මැලි බන්:baffled:..දෙදෙනාගේම ලින්ගික ශක්තිය සමාන වෙන්න ඕනා කියන කතාවනම් හරි:yes::yes:(ලින්ග පොරොන්දම):cool:;)

    magei kellage ane manda dakapu sex matchekn eka nam 100% galpenawa kiyala kiiwa :P:P:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම් එන එක කියන්නේ නැ
    නරකද මෙතන මේවා කියා කියා ඉන්න එකේ හොද එකක් කරගත්තා නම්