තවත් බරක් සහ තවත් කතා
එක සුමානයක්
‘යුෂ්මතා කැමැති නැද්ද මේ තැනැත්තිය එක්ක සමාදාන වෙලා නැවතත් දීග කන්ඩ.’ විනිශ්චයකරු විත්ති කූඩුවේ සිටි අනෝමා දෙසට අත දිගු කරමින් පැමිණිලි කූඩුවේ සිටි නිහාල් ගෙන් විමසීය.
‘තමුන්නාන්සේ එක සුමානයක් මේ ගෑනිත් එක්ක දීග කාලා බලන්ඩ හාමුදුරුවනේ, පුළුවන් ද කියල.’ නිහාල් වහා පිළිතුරු දුන්නේ ය.
________________________________________ _________________________
තවත් බරක්
පියදාස තැපැල් කාර්යාලය වෙත ගියේ ඉතාලියේ සිටින තම බිරිඳ ඉල්ලා එවා තිබු විස්තර රැසක් ගුවන් තැපැල් මඟින් යැවීමටය.
කවුන්ටරයේ සිටි සේවකයා ලිපිය රැගෙන එය කිරා බලා මෙසේ කීවේය.
‘මේ ලියුම බර වැඩියි. මේකට තවත් මුද්දරයක් අලවන්ඩ ඕනෙ.’
‘එතකොට මහත්තයෝ ඕකේ බර තව වැඩි වෙනව නෙ.’ පියදාස කීවේ බයාදු සිනාවක්ද පාමිනි.

වුණේ මේකයි
දුම්රියේ ගාඩ් මැදිරිය වෙත අපහසුවෙන් පිය නැඟූ තරබාරු කාන්තාව ඉතා ආචාරශීලීව ගාඩ්වරයා ගෙන් මෙසේ ඇසීය.
‘ඊළඟ ස්ටේෂන් එකේදි කරුණාකරලා මට බිමට බහින්න පොඩ්ඩක් උදව් කරනව ද?’
‘ඇයි නෝනා, බඩු මොනවාවත් බිමට බාන්න තියෙනවද?’ ගාඩ්වරයා පෙරළා ප්‍රශ්නයක් නැඟුවේය.
‘නෑ. මං මහත හින්දා බිමට බහින්නෙ පිටිපස්සම හැරිලා. මං එහෙම කරන කොට බිම ඉන්න අයගෙ හිතේ මං අමාරුවෙන් කෝච්චියට නගින්ඩ හදනවයි කියල. ඒ ගොල්ලො ඉදිරිපත් වෙලා මට තල්ලුවක් දීලා උඩට දානවා. පහුගිය ස්ටේෂන් තුනේදිම වුණේ ඔන්න ඕකයි.’ තරබාරු කාන්තාව පිළිතුරු දුන්නාය.

නව ස්වරූපයක්
පින්තු කාර්යාලයේ වැඩ අවසන් වී නිවෙස බලා යාමට පාරට ආවේ නන්දවීර සමඟිනි. දෙදෙනා කතා කරමින් බස් නැවතුම වෙත යමින් සිටියදී ඔවුන් පසු කරමින් පාපැදියකින් ගිය පුද්ගලයකු දුටු පින්තු, නන්දවීරට ඔහු පෙන්වා මෙසේ කීය.
‘අර යන හාදයා තමයි විශ්ව විද්‍යාලයට නව ස්වරූපයක් ලබා දුන්න කෙනා.’
‘මොනවා කොහොමද බං ඒක එහෙම වෙන්නේ?’ නන්දවීර ඇසුවේ පුදුම වෙමිනි.
‘ඇයි බං ඔය මනුස්සයටනෙ මේ පාර විශ්ව විද්‍යාලෙ කලර්වොෂ් කරන්න කොන්ත්‍රාත් එක ලැබුණේ.’ පින්තු කීය.

බත් වෙනුවට පාන්
ජයසේකර ගේ බිරිඳ හදිසියේ අසනීප වූ බැව් දැනගන්නට ලැබුණු රාමවික්‍රම, ජයසේකර හමුවූ විටෙක බිරිඳගේ සුවදුක් විමසීය.
‘පවුලව හදිස්සියේම ඉස්පිරිතාලෙට ඇතුල් කළයි කියල පනිවුඩේ ආවම මට කටට ගත්ත බත් කට ගිලින්ඩ බැරි වුණා.’ ජයසේකර කීවේ ශෝකයෙනි.
‘හැබෑට...! ඉතින්...’ රාමවික්‍රම ද ජයසේකරගේ දුක බෙදා ගනිමින් විමසීය.
‘පස්සෙ මං පාන් කෑවා.’ ජයසේකර කීවේය.

ගොරවන්න එපා
නගරයේ සිනමා හලක පෙන්වන අලුත්ම සිංහල චිත්‍රපටය නැරැඹීමට ගොස් සිටි සුනිල් මඳ වේලාවකින් හෙම්බත්ව නින්දට වැටුණා පමණක් නොව මහ හඬින් ගොරවන්නට ද විය. අල්ලපු අසුනේ සිටි තැනැත්තා සුනිල්ගේ උරහිසින් අල්ලා සොලවා මෙසේ කීය.
‘මේ අයිසේ, ඔච්චර හයියෙන් ගොරවන්න එපා.’
‘මේ කසිකබල් පික්චර් එකේ මොන කෙහෙල්මලක් බලන්ඩද ඕයි!’ නින්ද කැඩුණු සුනිල් කෝපයෙන් ඇසීය.
‘පික්චර් එක බලන්ඩ නෙමෙයි ඕයි. මටත් ටිකක් නිදා ගන්ඩ ඕනෑ.’ අනිකා පිළිතුරු දුන්නේය.
Extra Jokes

හොදයි නම් ඉතින් Comment එකක් ඕන මචංලගෙන්