තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

warwickuni

Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,074
    113
    ලංකාව වාහන ආනයනය නැවැත් වු හේතුව

    August 25, 2020 12:02 pm

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට තිබෙන වාහන තොග තවත් වසර දෙකහමාරකට ප්‍රමාණවත් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර මහතා පවසයි.

    ඊයේ (24) “දෙරණ 360“ සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    වාහන ආනයන කර්මාන්තය බොහෝ සෙයින් විදේශ විනිමය රටින් පිටතට ගෙන යන කර්මාන්තයක් වන බව ද පැවසු ඒ මහතා, මේ වන විට රජය ආනයනය සීමා කර ඇත්තේ අනවශ්‍ය භාණ්ඩ පමණක් බව ද කියාසිටියේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    “ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට
    ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 ත් 1,200 ත් අතර ප්‍රමාණයක්. නැව්
    පිටින් එන්නේ.

    එහෙම ඇවිල්ලා 2015-2019 කාලවල රටේ ගොඩගැහිලා තියෙන වාහන ස්ටොක් එක
    අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් දැන් ගිහිං හොඳම වර්ගයේ වාහනයක් මිල දී
    ගන්න පුළුවන්. ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒ තරම් වාහන තොග තිබෙනවා.

    එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයනය වැඩියි කිය කියා ඉන්නවා. මොනවා ද මේ ගෙන්නන්නේ. වාහනයක් ගෙන්නලා රීකන්ඩිෂන් කරලා එක්ස්පෝර්ට් කළා නම් ඒකේ ලොජික් එකක් තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි.

    ඩොලර් බිලියන 1.2 ක් අරන්, ඊට පස්සේ ඒකට තෙල්, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ඕනේ, සර්විස් ෆීස්, රෝයල්ටීස් ගෙවන්න ඕනේ. තනිකරම විදේශ විනිමය පිටතට යන කර්මාන්තයක්.

    ...තෙල්මිල වැඩි කාලෙට ලෝක වෙළෙඳ පොළේ තෙල්මිල වැඩි කියනවා. ඒත් තෙලුත් එහෙන්. වාහනත් පිටරටින් ගෙන්වන්නේ. එතකොට මුළු රටම දෘෂ්ට චක්‍රයක ආර්ථික වශයෙන් හැසිරෙනවා. එය රිවස් කරන්න නිර්භිතකමක් තියෙන්න ඕනේ. ස්ථීර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තීන්දු ඉක්මනින් ගන්න ඕනේ. ගැනෙන තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. “
    The same person argued on state TV few years ago during MRs first term that govt obtains tax revenue from imports hence they reduce Duty on vehicles so that there will be more imports so that there will be more tax revenue(At that time it looked absurd to me but lot of people embraced the idea as everybody likes to buy a new or used vehicle and prices were affordable to most. A Maruty Suzuki was 500,000(Brand new) at that time and now ?
    Why didnt his wisdom saw the drain of foreign currency at that time and loss of revenue due to parts, fuel etc at that time ?
    Like prof GLP who changed tuned to admit murder convict to parliament (as opposed to Court Martial on SF)
    Aren't they playing with short memories of Sinhalese voters?
    Who is fooling whom
     
    • Like
    Reactions: D_Mad

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    IMG_20200924_003919.jpg
     
    • Haha
    Reactions: vito and D_Mad