ලංකාව වාහන ආනයනය නැවැත් වු හේතුව
August 25, 2020 12:02 pm
ශ්‍රී ලංකාව තුළ මේ වන විට තිබෙන වාහන තොග තවත් වසර දෙකහමාරකට ප්‍රමාණවත් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර මහතා පවසයි.
ඊයේ (24) “දෙරණ 360“ සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වාහන ආනයන කර්මාන්තය බොහෝ සෙයින් විදේශ විනිමය රටින් පිටතට ගෙන යන කර්මාන්තයක් වන බව ද පැවසු ඒ මහතා, මේ වන විට රජය ආනයනය සීමා කර ඇත්තේ අනවශ්‍ය භාණ්ඩ පමණක් බව ද කියාසිටියේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට
ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 ත් 1,200 ත් අතර ප්‍රමාණයක්. නැව්
පිටින් එන්නේ.
එහෙම ඇවිල්ලා 2015-2019 කාලවල රටේ ගොඩගැහිලා තියෙන වාහන ස්ටොක් එක
අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් දැන් ගිහිං හොඳම වර්ගයේ වාහනයක් මිල දී
ගන්න පුළුවන්. ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒ තරම් වාහන තොග තිබෙනවා.
එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයනය වැඩියි කිය කියා ඉන්නවා. මොනවා ද මේ ගෙන්නන්නේ. වාහනයක් ගෙන්නලා රීකන්ඩිෂන් කරලා එක්ස්පෝර්ට් කළා නම් ඒකේ ලොජික් එකක් තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි.
ඩොලර් බිලියන 1.2 ක් අරන්, ඊට පස්සේ ඒකට තෙල්, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ඕනේ, සර්විස් ෆීස්, රෝයල්ටීස් ගෙවන්න ඕනේ. තනිකරම විදේශ විනිමය පිටතට යන කර්මාන්තයක්.
...තෙල්මිල වැඩි කාලෙට ලෝක වෙළෙඳ පොළේ තෙල්මිල වැඩි කියනවා. ඒත් තෙලුත් එහෙන්. වාහනත් පිටරටින් ගෙන්වන්නේ. එතකොට මුළු රටම දෘෂ්ට චක්රයක ආර්ථික වශයෙන් හැසිරෙනවා. එය රිවස් කරන්න නිර්භිතකමක් තියෙන්න ඕනේ. ස්ථීර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තීන්දු ඉක්මනින් ගන්න ඕනේ. ගැනෙන තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. “