තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

nikz_01

Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ලංකාව වාහන ආනයනය නැවැත් වු හේතුව

    August 25, 2020 12:02 pm

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට තිබෙන වාහන තොග තවත් වසර දෙකහමාරකට ප්‍රමාණවත් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර මහතා පවසයි.

    ඊයේ (24) “දෙරණ 360“ සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    වාහන ආනයන කර්මාන්තය බොහෝ සෙයින් විදේශ විනිමය රටින් පිටතට ගෙන යන කර්මාන්තයක් වන බව ද පැවසු ඒ මහතා, මේ වන විට රජය ආනයනය සීමා කර ඇත්තේ අනවශ්‍ය භාණ්ඩ පමණක් බව ද කියාසිටියේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    “ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට
    ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 ත් 1,200 ත් අතර ප්‍රමාණයක්. නැව්
    පිටින් එන්නේ.

    එහෙම ඇවිල්ලා 2015-2019 කාලවල රටේ ගොඩගැහිලා තියෙන වාහන ස්ටොක් එක
    අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් දැන් ගිහිං හොඳම වර්ගයේ වාහනයක් මිල දී
    ගන්න පුළුවන්. ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒ තරම් වාහන තොග තිබෙනවා.

    එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයනය වැඩියි කිය කියා ඉන්නවා. මොනවා ද මේ ගෙන්නන්නේ. වාහනයක් ගෙන්නලා රීකන්ඩිෂන් කරලා එක්ස්පෝර්ට් කළා නම් ඒකේ ලොජික් එකක් තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි.

    ඩොලර් බිලියන 1.2 ක් අරන්, ඊට පස්සේ ඒකට තෙල්, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ඕනේ, සර්විස් ෆීස්, රෝයල්ටීස් ගෙවන්න ඕනේ. තනිකරම විදේශ විනිමය පිටතට යන කර්මාන්තයක්.

    ...තෙල්මිල වැඩි කාලෙට ලෝක වෙළෙඳ පොළේ තෙල්මිල වැඩි කියනවා. ඒත් තෙලුත් එහෙන්. වාහනත් පිටරටින් ගෙන්වන්නේ. එතකොට මුළු රටම දෘෂ්ට චක්‍රයක ආර්ථික වශයෙන් හැසිරෙනවා. එය රිවස් කරන්න නිර්භිතකමක් තියෙන්න ඕනේ. ස්ථීර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තීන්දු ඉක්මනින් ගන්න ඕනේ. ගැනෙන තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. “
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒ තරම් වාහන තොග තිබෙනවා.

    ඕන්නැති අයත් වාහන ගන්නවනෙ, ඒ හන්දා මෙහෙම කරපු එක හොදයි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    Pissuda bn... Kauda case danne?
    Mama nam kiyanna meka hoda decision ekak karanawa nam.
    Economy eka hadanna ba vahana genna dunnoth ayeth. Thawa Thawath minissu amaruwe vatenawa badu mila wadi wela ehema unoth.

    Export wadi kara ganna one mekath ekkama.

    business un and pitaratawal. next year aga wage oka lift karai
     
    • Like
    Reactions: lakmal561 and D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉන්ද්‍රා traders එකේ තියෙන වාහන ප්‍රමාණය කොපමණද ? (ශාඛා ඇතුළුව)

    අනිත් ආයතනවල කොපමණ තියෙනවද ?

    මේ සියල්ල පාරට දැම්මොත් දැනට තියෙන පාරවල් ඉඩ මදි වෙනවා.

    අපේ රටේ තියෙන මිනිහාටමයි තව එකක් ඕන වෙන්නේ. නැති මිනිහා තියෙන මිනිහා පට්ට ගහපු එකක් හැමදාම ගන්නේ. (ගණන් අඩු නිසා) තමන්ට තියෙන බව පෙන්නන මිනුම් දණ්ඩක් ලෙස වාහනයක් ගන්නේ. තමන්ගේ වැඩ පහසු කරගන්නයි වාහනයක් වුවමනා වෙන්නේ. (මෙය බොහෝ දෙනෙක් අමතක කරලා)

    සිංගප්පුරුවේ වගේ එකක් තියෙන කෙනෙක් තව එකක් ගන්නවනම් අදාළ වාහනේ වටිනාකම ලියාපදිංචි ගාස්තු වශයෙන් ගත්තනම් මේ ගැටලුව විසඳෙනවා.

    වාහනයක් නැති කෙනෙකුට මුලින්ම ගන්න වාහනයට මිල අඩු කිරීමකුත් කරන්න ඕන.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    වාහනයක් නැති කෙනෙකුට මුලින්ම ගන්න වාහනයට මිල අඩු කිරීමකුත් කරන්න ඕන.
    දැනටමත් වාහන දෙක තුනක් තියන කෙනෙක්ට ඕනේ නම් පවුලේ කෙනෙක්ගේ නමට දාල තව එකක් අඩුවට ගන්න පුළුවන් වෙනවා එතකොට :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දැනටමත් වාහන දෙක තුනක් තියන කෙනෙක්ට ඕනේ නම් පවුලේ කෙනෙක්ගේ නමට දාල තව එකක් අඩුවට ගන්න පුළුවන් වෙනවා එතකොට :P
    ඕක තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: lakmal561 and D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැනටමත් වාහන දෙක තුනක් තියන කෙනෙක්ට ඕනේ නම් පවුලේ කෙනෙක්ගේ නමට දාල තව එකක් අඩුවට ගන්න පුළුවන් වෙනවා එතකොට :P
    ඕක තමයි වෙන්නෙ

    Ahu unoth rajasanthaka karanna one vehicle eka.
    Nithi nathuwa dewal karanna ba bn.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    දැනටමත් වාහන දෙක තුනක් තියන කෙනෙක්ට ඕනේ නම් පවුලේ කෙනෙක්ගේ නමට දාල තව එකක් අඩුවට ගන්න පුළුවන් වෙනවා එතකොට :P
    ඇයි මැරිච්ච උනුත් වාහන ගනී එතකොට. :lol:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඉන්ද්‍රා traders එකේ තියෙන වාහන ප්‍රමාණය කොපමණද ? (ශාඛා ඇතුළුව)

    අනිත් ආයතනවල කොපමණ තියෙනවද ?

    මේ සියල්ල පාරට දැම්මොත් දැනට තියෙන පාරවල් ඉඩ මදි වෙනවා.

    අපේ රටේ තියෙන මිනිහාටමයි තව එකක් ඕන වෙන්නේ. නැති මිනිහා තියෙන මිනිහා පට්ට ගහපු එකක් හැමදාම ගන්නේ. (ගණන් අඩු නිසා) තමන්ට තියෙන බව පෙන්නන මිනුම් දණ්ඩක් ලෙස වාහනයක් ගන්නේ. තමන්ගේ වැඩ පහසු කරගන්නයි වාහනයක් වුවමනා වෙන්නේ. (මෙය බොහෝ දෙනෙක් අමතක කරලා)

    සිංගප්පුරුවේ වගේ එකක් තියෙන කෙනෙක් තව එකක් ගන්නවනම් අදාළ වාහනේ වටිනාකම ලියාපදිංචි ගාස්තු වශයෙන් ගත්තනම් මේ ගැටලුව විසඳෙනවා.

    වාහනයක් නැති කෙනෙකුට මුලින්ම ගන්න වාහනයට මිල අඩු කිරීමකුත් කරන්න ඕන.

    ඔව් මචං සුපිරි කතාව