තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්
Share
ගොතපු නෙමේ අහපු ඇත්ත කතා තුනක්.
1.
මරණය අතේ තියාගෙන හිටියත් ලොක්කගේ ඉඳලා සොක්කා දක්වාම ආරක්ෂක හමුදාවල හිටය කට්ටියට යුද්දෙ කියන්නෙ හැම ආකාරයකම සැප උල්පතක්.යුද්දෙ ඉවර වුණා විතරයි ලොක්කන්ට සැප ඉතුරු වෙලා සොක්කන්ගෙන් මේ සැප කෑල්ල ගැලවුණා විතරක් නෙමෙයි තැන තැන පීචං වෙන්නත් සිද්දවුණා. පාරවල් හැදිලි, වල් කෙටිලි, බදාම ඇනිලි, මුට්ට කර ගැහිලි එකී මෙකී නොකී සියළු ආකාරයේ කට්ටවල් මේ දවස්වල අපේ රණවිරු සොල්දාදුවෝ කනවා එපා නොකියන්න. කන්දොස්කිරියාවල කෙළවරක් නැහැ. සාජන්ල කැප්ටන්ල සෝල්ජර්ස්ලගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නකොට අරුං නාහෙන් අඬනවා මොකක්ද සර් මේ කරුමෙ කියලා. ඒ වගේ වෙලාවක ආමි එකේ එක ගජබා කැප්ටන් කෙනෙක් මෙහෙම කිව්වලු.
‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’
තාත්තා කෙනෙක් වගේ කිව්වෙ ප්රභාකරන්ට.
2.
උතුරු නැගෙනහිර වනාන්තර කියන්නෙ කොටි සංවිධානයේ දැඩි නීති යටතේ යුද්දය ඉවර වෙනකම්ම හොඳින් ආරක්ෂාවුණු වනානතර කලාපයක් බව කොටි සංවිධානයට එරෙහිව මතවාද දරණ අයගේ වුවත් පිළිගැනීමක්. කපන කපන ගහක් ගානේ නැවත පැල සිටුවීම පමණක් නොවෙයි ඒවා නිසි පරිදි උස මහත් වෙනතම් රැක බලා ගැනීමත් වගකීමෙන් යුක්තව සිදුවුණා. හොරෙන් ගස් කපන්නන්ට දැඩි දඬුවම් ලැබුණා. ඒත් යුද්දෙ ඉවර උනත් හරි සිංහල දේශපාලුවො ආණඩුවේ අනුදැනුම ඇතිව ඒ පලාත් වල ගස් කපන්න ගත්තෙ හිටු කියල. ජාතික වනාන්තර බහුජාතික සමාගම් වලට විකුණල දාන්නෙ අම්මා අප්පගේ බූදලය වගේ.මේ යන විදියට වැඩි කලක් නොගිහින්ම එක පැලයක්වත් ඉතුරු වෙන්නෙ නැති බව මෙන්න මේ ටිකත් එක්කම කිව්වේ ගහකොළ මත්තෙම නැහෙන පරිසර හිතකාමියෙක්.
‘අර යකා රටෙන් කෑල්ලක් ඉල්ලුවා තමයි. ඒ වුනාට මචං රුක් දෙයියෙක් වගේ ඒ මනුස්සය රැක බලාගත්ත කැලෑ ටික....මුං වනසනවා පුතෝ උතුරු නැගෙහිර සහරාව වෙනකම්ම’
3
යූඑන්පී එක ඉවරයි. ෆොන්සේකා ඔරු කඳේ පාරු කවි කියනවා, ජවිපෙ පණ අදිනවා, වැඩක් වෙයි කියල හිතුවට පෙසපෙ කරන කියන දෙයක් උන් වත් දන්නෙ නැතිව ළදරු මරණනෙකට ගොදුරු වෙලා. මිනිස්සු හැමෝම තම තමන්ගෙ පාඩුවෙ ගතමනාවක් හොයාගෙන පවුලෙ වැඩක් බලාගෙන ටෙලියක් වැඳගෙන ගෙවල් අස්සසෙම ඉන්නවා. කවදාද මේ රාජපක්ෂ කරුමෙන් ගැලවෙන්න කියන බලාපොරොත්තුවක් තියාගන්න මොකෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ නන්නත්තාර වෙලා ගිය අපේ හිතවතෙක් මෙහෙම කිව්වා.
‘ඉස්සරත් මෙහෙම කාලවල් තිබුණා බං ගැලවීමක් පේන තෙක්මානෙක වත් නැති. ඒත් මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණා මරාගෙන මැරෙන එකෙක්වත් ඇවිල්ල බදාගෙන මුංව වාශ්ප කරල දායි කියල. දැං ඉතිං හිටපියව් ඇටි කෙහෙල් කාපු එවුන් වගේ..... හාට් ඇටෑක් එකක් වත් වරෝ.....කියලා හිත හිත’