තාත්තාටත් විලිරුදාව.............

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තාත්තාටත් විලිරුදාව.............

    තාත්තාටත් විලිරුදාව.............



    අද මම කියන්න යන්නේ පුංචි ගැමි කතාවක් නිකන්ම කතාවකුත් නෙමේ පිරිමි පාර්ශවේ උදවියට ටිකක් හිතල බලන්න වටිනා කතාවක් ..

    ඔන්න බොහොම ඉස්සර කාලෙක හද්දා පිටිසර පළාතක ගොවි පවුලක් ජිවත් උනාලු .. ඉතින් මෙන්න මේ ගෙවිලියට පඩි පෙළ වගේ ළමයි හත් අට දෙනෙක් ම ඉන්නවලු ... දැන් කාලේ වගේ නෙමේනේ ඒ කාලේ ඇති පදම් ළමයි හදන්න පුළුවන් නඩත්තුවටයි කියලා වැඩි වියදමක් යන්නෙත් නැහැනේ . දැන් කාලේ එකෙක්ට වඩා හදන්න අමාරුයි ආර්ථිකය ගොඩ නැගිලා තියෙන විදිය තමයි අශ්චර්යද මොකක්ද කියනවනේ ඒකටත්..

    හ්ම්ම් ආයෙත් යමු එහෙනම් කතාවට ..

    ඉතින් කොහොමින් හරි ආයෙමත් කාලයක් යනකොට මේ ගෙවිලිය ආයෙමත් ගැබ්බර උනාලු ඉතින් බොහොම අමාරුවෙන් බඩකුත් උස්සගෙන ඇවිදින මේ ගෙවිලිය දකින කොට ගමරාලගේ හිතටත් හරිම අමාරුයි .. මොකෝ ලේසි පාසු දුකක් යෑ ළමයි හත් අට දෙනෙකුත් හදාගෙන මේ උන්දා වින්දේ ඒ මදිවට ළමයා හම්බවෙන වෙලාවට විලිරුදාවෙන් විදින වේදනාවත් සුළුපටු නැහැනේ ..ළමයි හත් අට දෙනෙක්ම ගෙදරම හම්බවෙද්දී ඇතිවුන වේදනාව ගැන හොදින්ම දාන්නා ගමරාල මේ ගැන හිතල ගොඩාක් කනගාටු උනා ...

    “ මගේ ඉවසීමක් නැති කමෙන් මේ ගෑනි දුක් විදිනවා මේකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ” කියලා හිතපු ගමයා ගම හාමිනේ කෙරෙහි ඇතිඋන දැඩි ආලයත් හිතේ තියාගෙනම.. තමන් නිතරම වැදුම් පිදුම් කරන වනන්තරේ ගහක ඉන්න ව්‍යුක්ෂ දේවතා ගස යටට ගොස් යාතිකා කරන්න පටන් ගත්තා ..

    දවස් ගානක් ඔහොම යද්දී ගසේ ඉන්න දෙය්යොත් ගමයා ගැන දුක හිතිලා අතු අතරින් ඔලුව එහෙම ටිකක් එලියට දාලා කතා කරනවා ...

    “ කිමෙක්ද ගමය තා හැමදාම මාගේ වාස භවනට විත් කන්නලව් කරනවා තට උවමනා දෑ වහාම පවසව"

    “අනේ දෙවියනි මගේ මායියට ආයෙත් ළමයෙක් ලැබෙන්න . උන්දැ ළමයා හම්බ වෙද්දී විලි රුදාවෙන්
    විදින දුක මට දරාගන්න බැහැ දෙවියනි “

    “තා කුමක්ද මාගෙන් ඉල්ලන්නේ එය ගැහැනුන්ට උරුම දෙයකි එය වෙනස් කල නොහැක “

    “එහෙනම් දෙවියනි ඒ වෙලාවට ඇතිවෙන විලිරුදාවෙන් බාගයක් උපදින්න ඉන්න ළමයාගේ පියාටත් ලැබෙන්න සලස්වන්න දෙවියනි මා ලෑස්තියි එය විදින්න “

    “හොදයි තා බලාපොරොත්තු වන ලෙසටම මවට වගේම පියාටත් විලිරුදාව හැදෙයි “

    එහෙම කියපු දෙවියා අන්තරස්දාන වෙනවා .. ගමයත් බොහොම සතුටින් ගෙදර යනවා ..

    ඉතින් කාලය සම්පුර්න වෙලා අදාල දිනේ උදාවෙනවා ගම හාමිනේට ළමයා ලැබෙන දිනේ
    දැන් දෙවියෝ කියපු විදියටම ගමරාලත් වෙදානාව විදින්න ලැස්ති වෙලා එහෙම හාමිනේට යාබද ඇදක හන්සිවෙලා ඉන්නවා ... වෙලාවක් යනකොට ගම හාමිනේට ළමයා ලැබෙන්න ආසන්න වෙලා විලි රුදාවෙන් කෑ ගහනවා ඒත් ගමරාලට කිසිම වෙනසක් නැහැ ..

    “හෑ දෙය්යන්ට පොරොන්දුව අමතක වෙලා වත්ද “ ගම රාළට එයිට වඩා දෙයක් හිතන්න ලැබෙන්නේ නැහැ

    මර ලතෝනි දීලා ගේ අද්දරින් කෑ ගහන සද්දයක් ඇහිලා ගමරාලාත් දුවලා ගිහින් බලනවා .. එතකොට තමයි ගමරාල දකින්නේ ...

    අල්ලපු ගෙදර ගමරාලට විලිරුදාව හැදිලා ...


    උපුටා ගත්තේ මෙතනින්
    චමී4යු බ්ලොගය
    http://chami4u.blogspot.com/2012/11/blog-post_23.html