තාත්තෙකුයි පුතෙකුයි පයිංම හෝමගමට

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මං වැඩ ඇරිලා ගෙදර එන ගමන් බයික් එකේ හෝමගම පැත්තට. කොට්ටාවෙ අද musical එකකුයි කානිවල් එකකුයි. මාකුබුරෙ බෝගහ ගාවදි පොඩි කොල්ලෙක්ව ක‍රේ තියං මනුස්සයෙක් හෝමගම පැත්තට එනවා. අත දැම්මා එයා.

    කොල්ලට එන්නම ඕන කියලා ආවලු , බස් නැල්ලූ, පයින්ම එන්න ආවලු, හෝමගමලු ඉන්නෙ. කොල්ලා මොන්ඩිසෝරි යන්නෙ කොට්ටාවෙලු, අවුරුදු 4 යිලු. වයිෆ් නෑලු.

    ඔච්චරයි එයාට මට කියන්න හම්බ උනේ. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගාවදි පොලීසියෙන් නැවැත්තුවා. හෙල්මට් තිබ්බෙ මට විතරයිනෙ ඉතිං. බැන්නා මටයි අර මනුස්සයටයි. පිංසෙන්ඩු උනා මාව යවන්නය එයාලා පයිං යන්නම් කියලා.

    විස්තරත් ඇහුවා. ගෙවල් පොලොන්නරුවෙ. මෙහෙ මොකෝ කරන්නෙ? මෙහෙ ගස් කපනවා. වයිෆ් නෑ මහත්තයා. පොඩි එකාට එන්න ඔනමයි කීවා එකයි ආවේ. බීල නේද? පොඩි එකා එක්ක කොහොම බොන්නද මහත්තයා.

    ඉස්සරහ මොබයිල් එක ඇති කීවා. මං එන්න ආවා.

    පොඩි එකාව ආයිම උරිස් දෙක උඩ තියාගෙන ඒ තාත්තා හෝමගමට පයින් ගාටන්න ඇති. කොල්ලා බැනුම් ඇහුවද ගුටි කෑවද දන්නෑ. 😐
     

    Attachments

    • father-expressing-fondness-to-his-kid-holding-him-shoulders-waist-up-prtrait-view-happy-multir...jpg
      father-expressing-fondness-to-his-kid-holding-him-shoulders-waist-up-prtrait-view-happy-multir...jpg
      84 KB · Views: 75