අපේ පාරටත් ලොට් නම්බර් ඔක්කොම තිබ්බ. සීය අතින් ගෙවල කනු 10ක් දාල කරන්ට් අරන් තිබ්බෙත්. පස්සෙ ඉඩම් කෑලි කරල ගෙවල් ගාන වැඩි උනාම පාර නැති උනා. තාමත් ඔප්පුවක් තියෙනව පාරට ඒත් දැන් අපිට අයිති නෑ. සභාව ඉන්නෙ නීතිය විමසන්න නෙමේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක අභියෝග කරන්න නම් අධිකරනයට යන්න ඕනෙ. උබේ ඔය ගේට්ටු කට තිබ්බ එකා පාර ඉල්ලල නඩුවක් දැන්මොත් පාර ගන්නත් පුලුවන්. සභාවෙන් තාරයි ලයිටුයි දුන්න නම් ඕක නිකන්ම දින්න පුලුවන් නඩුවක්. සල්ලි පාස් උන ටෙන්ඩර් එක පෙන්නුව ගමන් ඌ නඩුව දිනුම්. උබලට හුලන්කවුද බං ඔහොම කියන්නේ. මම ඉන්නෙත් වෙන්දේසි ඉඩමක. ඉඩම් කට්ටි 24ක් තියෙනවා. දැනට පදිංචි 14යි. මහපාරේ ඉදලා ගමේ ඉඩම් දෙකක් මැද තියෙන පාරෙන් තමයි ඉඩමට එන්න තියෙන්නේ. මගේ ඔප්පුවේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා පාරට ලොට් නම්බර් එකකුත් දාලා ඒක මාස්ටර්ප්ලෑන් එකට අයිති නේවාසිකයන්ට විතරයි කියලා. අපි පාරත් තාර දාගත්තා ප්‍රාදේශීය සබාවට කියලා. පාරට ලයිටුත් උන්ම දාලා දුන්නා. ඉස්සරහා ඉඩමේ ගමේ එකා අපේ වෙන්දේසි පාරෙනුත් පාරක් ගන්න තාප්පයක් බැන්දා ඒ පාරට කට තියලා. අපි ප්‍රාදේශීය සබාවට කිවුවා. උන් ආවා. ඒ පාර උන්ට අයිති නැහැ කිවුවා. වහාම ගේට්ටු කට වහන්න කිවුවා. ගමේ එකාට හැම තැනම හිතවත්කම් තිබ්බ පොරක්. ඒත් ඔප්පුවල / ප්ලෑන් වල සදහන් වෙලා තියෙන දේට පිටින් සභාවටවත් වැඩ කරන්න බැහැ.
උබලත් යකෝ පුදුම කුහකයොනෙ. පාර පෞද්ගලිකයි කියල අයිතිවාසිකම් කියල වෙන එකෙකුට පාර දෙන්නෙත් නෑ. ඒත් මහජන බදු වලින් තොපේ පෞද්ගලිකයි කියන පාර තාරත් දාගෙන. හෙන ඕනෙ නැද්ද? පුදුම අවස්තාවදී පරහැත්තක් තමා මේ රටේ ඉන්නෙ
Last edited: