අදත් ආවේ නුවර කොළඹ ඉන්ටර්සිටි එකේ. S 14 චීනේ හදපු එකේ. 1st class AC. ඇතුලට සද්දේ ඇහෙන්නේ නෑ . TV දාල එකේ අද ජුරාසික් පාර්ක් පෙන්නුවා. මම සතියට දවස් 3ක් කොළඹ යන්නේ මේ ට්රෙන් එකේ. කියන්න කණගාටුයි. මෙන්ටන්නස් නං අන්තිමයි. ලංකාවට ආවත් හරි ඉන්ටිරිඅර් ක්ලිනින්ග් එක පාරක් වත් කරලා නැතුව ඇති.
View attachment 181104
මේ ජාතියෙ නිල් පාට පවර්සෙට් එක ලංකාවට ඇවිල්ල මගීන් ප්රවාහනයට යොදාගන්න කලින්,,
2008 2009 විතර,
ටෙස් රයිඩ් එකක් යන ගමං තිබුණෙ,
ඇතුලෙ හිටියෙ චීන්නු කීපදෙනෙකුයි ලංකාවෙ නිලධාරියො කීපදෙනෙකුයි විතරයි...
වේයන්ගොඩ පැත්තෙ ඉඳන් කොළඹ පැත්තට නවත්තනෙ නැතුව යන්න එන කෝච්චිය ඉස්සරහින්, ගම්පහ ස්ටේශන් එකේදි රේල්පාර මාරුවෙන්න මනුස්සයෙක් පැන්න... මේ මිනිහට ප්ලැට්ෆෝම් එකට ගොඩවෙන්න බැරිවුණා...
කෙලගෙන ආපු කෝච්චිය අර මනුස්සයට ලං කරල එක තැන බ්රේක් කරා.... අපි වාහනයක් නවත්තන්න ගන්න දුරටත් වඩා අඩු දුරකදි බ්රේක් කරගත්ත....