'තැන්ක් යූ අප්පච්චී'
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා, බවට පත් වූයේ නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධරය.
ඔහුට ඒ සම්මානය හිමිවූයේ සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.
කෙසේවුවද ඊයේ (25) එම සම්මාන රාත්රියේදී සම්මානය ගත් අකිල මුලින්ම සිදු කරනු ලැබුවේ 'තැන්ක් යූ අප්පච්චී' කියමින් සිය පියා වන ජැක්සන්ට ස්තූති කිරීමය.
මෙය එම සම්මාන රාත්‍රියට පැමිණ සිටි පිරිසට මෙන්ම රූපවාහිනිය ඉදිරියේ සිටිමින් එම සම්මාන උළෙල නැරඹූ ප්‍රේක්ෂකයන්ටද යම් ප්‍රෙහෙලිකාවක් වූ බව පැවසේ.
ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා, නිළිය සහ ජනප්‍රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරි නමන්නේ එස්.එම්.එස්. සහ සම්මාන උළෙලේ වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුම මත බව එහි සංවිධායකයින් පවසා තිබියදී ධනුද්ධර සිය ජයග්‍රහණය වෙනුවෙන් පියාට මුලින්ම ස්තූති කිරීම නිසාය.
කෙසේවුවද මෙහි සම්මානයට නිර්දේශවී සිටි රන්ජන් රාමනායක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර හා උද්ධික ප්‍රේමරත්න යන අය පරාජයට පත්කරමින් ධනුද්ධර මේ සම්මානය දිනාගෙන තිබිනි.
කෙසේවුවද සිනමාවේ ජනප්‍රියම තරුව තවමත් රන්ජන් රාමනායක බව විචාරක මතයයි.
එසේම ඔහුට දේශපාලන හේතුවක් මත සම්මාමය නොදුන්නේ නම් ඊට පසුව ජනප්‍රියම තරුව රොෂාන් රණවන බවද ඔවුන්ගේ මතයයි.
තවද මේ තරගයේ සිටි අය සමඟ සන්සන්දනය කරන්නේ නම් අකිලට හිමි වන්නේ එහි අවසාන තැන බවද ඔවුන් කියා අප සමඟ කියා සිටියේය.

හැබැයි ඌ බැදලා නිසා කෙල්ලෝ චන්දෙ දුන්නෙ නැද්ද දන්නෙ නෑ