තුනපහ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    යකෝ මේවා මිනිස්සුන්ට තියා ඌරොන්ටවත් කන්න පුලුවන්ද.මේ ජරාව කෑවහම ඉතින් පිළිකා හැදෙන එක අහන්නත් දෙයක්ද.:growl:කන බොන දේටත් හොර වැඩ කරන උන් නේ දැන් ලංකාවේ ඉන්නේ..ෂික්:angry:


     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තුන පහ කිව්වම මතක් උනේ. ඇත්තටම 3න 5හ වල තියෙන්නේ මෙනවද? :eek:

    සූදුරු
    මාදුරු
    හීන්දුරු
    ගම්මිරිස්

    :confused::sorry::sorry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    කිව්වම මතක් උනේ. ඇත්තටම 3න 5හ වල තියෙන්නේ මෙනවද? :eek:

    සූදුරු
    මාදුරු
    හීන්දුරු
    ගම්මිරිස්

    :confused::sorry::sorry:



    මොනවද මේ තුනපහ



    අපේ ආහාර රටාව අනුව අපි තුනපහ ටිකක් වැඩිපුර යොදා ගන්නවා. එහෙත් මෙහි වචනාර්ථය දන්නෙ කීයෙන් කී දෙනාද? “තුනපහ” කියන්නෙ කුළුබඩු හා වෙනත් ද්‍රව්‍ය කීපයක එකතුවකට. තුනපහ හැදිලා තිබෙන්නෙ වචන දෙකකින්. “තුන” සහ “පහ” තුන යන්නට ලුණු, මිරිස් හා ඇඹුල් අයත් වෙනවා. ආහාරයට එකතු කරන ඇඹුල් වර්ගත් කීපයක්ම තිබෙනවා. ඒ අතුරින් සියඹලා, ගොරක සහ දෙහි කාටත් පුරුදු ඇඹුල් ද්‍රව්‍ය. මේවා ආහාර රසවත් කිරීමේදී නැතුවම බැරි සංඝටක වෙනවා. “පහ”ට සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ සහ උළුහාල් යන කුළුබඩු වර්ග අයත් වෙනවා.

    මේවා තුනපහ ලෙස හැඳින් වූවාට ආහාරවලට එකතු කරන්නෙ තනි මිශ්‍රණයක් විදියට නෙවේ. ලුණු, මිරිස් සහ ඇඹුල් එකතු කරන්නේ වෙන වෙනමයි. එහෙත් පසුව කිව්වා “පහේ ද්‍රව්‍ය” ටික සම සමව මිශ්‍රකර කුඩු කරනවා.

    රෝග සුව කිරීමේ ගුණය
    මේ තුන පහට අයත් සෑම ද්‍රව්‍යයකම ආහාර රසවත් කිරීමේ මෙන්ම විශේෂ ඔෟෂධීය ගුණයකුත් තිබෙනවා රෝග වැළැක්වීමට වගේම රෝග සුව කිරීමත් මේ මඟින් ජපානය වැනි රටවල ආහාර පිසීමේදී මිරිස් තුනපහ භාවිතය අඩුයි. අනෙක් අතට මේ අයට ආහාර මාර්ග පද්ධතිය ආශි්‍රත පිළිකා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මේකට හේතුව තුනපහ භාවිතය අඩුවීම වෙන්නත් පුළුවන්.
    අද මේ ලිපියෙන් කතා කරන්නෙ තුන - පහට අදාළ වන ඇඹුල් වර්ග පිළිබඳය.

    දෙහි ඇඹුල්
    දෙහි ඇඹුල්වලින් සෙම හා වාතය සමනය කරනවා. ඒ වගේම මෙය ආහාර රුචිය වැඩි කරනවා. බඩගින්න වැඩි කරනවා වගේම ආහාර ජීර්ණය හොඳින් සිදුවීමට උදවු වෙනවා. දෙහිවලට විටමින් “සී” ඛ් අඩංගු වෙන නිසා දත් හා විදුරු මස් ශක්තිමත් කරනවා. මේවා රෝගවලින් ආරක්‍ෂා කරනවා. විදුරු මස්වල ඇතිවන ප්‍රදාහ (gingiritis) තත්ත්වයන් සුව කරනවා. දෙහි ඇඹුල් අජීර්ණ තත්ත්වය මඟහරවනවා. ආමාශයේ ඇතිවිය හැකි අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා. දෙහිවලට. අධික තරබාරුකම පාලනය කරන්නත් පුළුවන්. දෙහිගෙඩි 2ක විතර ඉස්ම වතුර වීදුරුවකට මිශ්‍රකර දිනපතා පානය කිරීමෙන් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්.

    දෙහිවල විටමින් සී අඩංගු නිසා ඒ මඟින් ප්‍රති ඔක්සිකාරක ක්‍රියාවලියක් සිදුවෙනවා. මේ නිසා රුධිර නාළවල මේද තැන්පත් වී සිදුවන අවහිර වීම් පාලනය කරනවා වගේම හෘද රෝග ඇති වීමෙන් අඩු කරනවා. ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කර රෝග ඇතිවීම වළක්වනවා.
    පිළිකා වළක්වනවා
    දිනපතා දෙහි ගෙඩි භාගයක ඇඹුල් ඔබේ කෑම වේලට එකතු කරගන්න පුළුවන් නම් ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිලාභ ලබන්න පුළුවන් වගේම ඔබ පිළිකාවලිනුත් ආරක්‍ෂා කරනවා.

    දෙහි ඇඹුල්වල Flavanoids නම් වූ ප්‍රතිඔක්සිකාරකය තිබෙන නිසා පිළිකා සෛලවල අස්වාභාවික සෛල බෙදීම නතර කරනවා. මේ නිසා තමයි දෙහිවලට පිළිකා හැදීම වළක්වන්න පුළුවන්. මීට අමතරව දෙහිවල Limonin කියන පිළිකා වළක්වන රසායනිකයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් ඔෟෂධීය ශාකවල තිබෙන මෙම පිළිකා වළක්වන විවිධ රසායනිකයන් රුධිරයේ තිබිය හැක්කේ පැය 4 - 5ක් පමණ කෙටි කාලයක් පමණයි. එහෙත් Limonin නොනැසී පැය 24ක් තරම් දිගු කලක් පවතිනවා. මේ අනුව දැන් ඔබට වැටහෙනවා ඇති දෙහි ඇඹුල් ස්වල්පයක් කෑමට එකතු කිරීමෙන් කෑම වේල රසවත් වෙනවා වගේම කොපමණ රෝග ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්ද කියලා.

    සියඹලා
    සියඹලා වාත සාමකයි. ආහාර රුචිය වැඩි කරයි. එසේම බඩගින්නද වැඩි කරයි. මේ නිසා අජීර්ණය සහ හෘද රෝගවලට සියඹලා ඇඹුල් හිතකර වෙනවා. සියඹලා ඇඹුල් ටිකක් වැඩිපුර ආහාරයට ගත්තොත් මලබද්ධය සුව කරනවා. මේ නිසාම අර්ශස් රෝගය වගේම ලේ ධාතුව දූෂණය වීමෙන් හටගන්නා විවිධ රෝග සුව කරන්නත් පුළුවන්. මේ නිසා සමේ රෝගවලටත් සියඹලා හොඳ ඔෟෂධයක්. සියඹලා ඇඹුල් විසබීජ නාශකයි. ඒ නිසා මුඛයේ, උගුරේ හටගන්නා වේදනාකාරී තුවාල සුවකරනවා.

    සියඹලාවල ඇති ඔෟෂධීය ගුණය නිසා වැඩිපුර ඇති කොලෙස්ටරෝල් ඉවත්කර රුධිර නාළ හා හෘදය පිරිසුදු කරනවා, ශක්තිමත් කරනවා.
    ගොරකා
    මාළු ඇඹුල්තියල් සෑදීමට පමණක් නොව ආහාර රසකාරයක් විදියටත් ගොරකා භාවිත කරනවා. ගොරකා නිසා ආහාර රුචිය අඩු වෙනවා, ආහාර ජීර්ණය නම් ඉක්මන් කරනවා. මලබද්ධය වගේම උදරය පුරවා දැමීමත් නැති කරනවා. ගොරාකාවලට සෙම අඩු කරන්නත් පුළුවන්. ගොරක ඉතාම ඉහළ ඔෟෂධීය වටිනාකමක් සහිත ආහාර රස කාරයකි.
    ප්ලීහාව ආශි්‍රත රෝගවලට
    ප්ලීහාව (Spleen) ආශි්‍රත රෝගවලදී ගොරක ඔෟෂධයක් වශයෙන්ද යොදන්න පුළුවන්. ගොරකා, මුරුංගා පොතු, තිප්පිලි සහ ගම්මිරිස් කෂාය කර එයට සහිඳ ලුණු ස්වල්පයක් දමා බීමෙන් එවැනි රෝග සුවකර ගැනීමේ හැකියාවක් ඇත.

    ශරීරයේ බර අඩු කරනවා
    ශරීරයේ අධික බර සැහැල්ලු කරන ඔෟෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්‍රෑම් 500ක් පමණ සති අටක්, දහයක් කෑමට පැය 1/2කට පෙර උණු වතුර සමඟ පානය කිරීමෙන් ශරීර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බීමෙන් ආහාර රුචිය අඩුවේ. මෙහිදී වන්නේ රුධිරයේ ඇති Seratonin සාන්ද්‍රණය අඩු වීමයි. මේ නිසාද ශරීර බර අඩුවීම සිදුවේ.
    ගොරක ආහාරයට එක් කර ගැනීමෙන් ආමාශ බිත්තියේ ඇති ශ්ලේෂ්ම පටලය ආරක්‍ෂා වෙනවා.
    රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු කරනවා
    ගොරකාවලින් ලැබෙන ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ Hydroxy Cytric acid (HCA) ය. සාමාන්‍ය තත්ත්වයේදී අප වැඩිපුර පිටි ආහාර, පැණි රස ආහාර ගන්නා විට ඒවා මේදය බවට (Lipogenesis) පත්කර ශරීරයේ යම් යම් ස්ථානවල හා රුධිර නාළවල තැන්පත් කරනවා. එවිට අපට තරබාරු වීම හා හෘද රෝග හැදීමේ අවදානමක් තිබෙනවා.

    ගොරකා වැඩිපුර ආහාරයට එක්කර ගත්විට වන්නේ වැඩිපුර මේද සෑදීම අඩු කිරීමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරුවීම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇතිවන ආබාධ අඩු කරනවා. මේ නිසාම අධි රුධිර පීඩනය ඇති වීමෙන්ද වළකිනවා.
    ගොරකාවලින් ශරීයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒ නිසාම පිළිකා හැදීමේ ප්‍රවණතාව අඩු වෙනවා.
    ආසාත්මිකතා
    මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඹරා ඒවාට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් Histamin නම් රසායනිකය 80%ක් පමණ උදාසීන කරනවා. එම නිසා එම මාළු ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගීන් හා ඒ සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනීමෙන් වළකින්න.

    මේ අනුව ගොරකා මඟින් ආහාර රුචිය අඩු කරනවා වගේම ශරීරයේ මේද තැන්පත් වීමත් අඩු කරනවා. අනෙක් අතට මේද දහනය ඉක්මන් කරනවා. මේ නිසා ගොරකා ආහාරයට දිනපතා එකතු කර ගැනීමෙන් රුධිරයේ අධික කොලෙස්ටරෝල් අඩුකර හෘද රෝගවලින් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ශරීර බරත් අඩු වෙනවා. දැන් බලන්න තුනපහවලට අයත් ගොරකා, සියඹලා වැනි ඇඹුල් වර්ග ආහාරයට ඇතුළත් කර ගැනීමෙන් කොතරම් යහපත් ප්‍රතිඵල උදාවෙනවාද කියලා.




    mawbima
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් දැක්කා බන් ඕක. ඕවා කරන එවුන් කරගන්න පව් ගෙවල ඉවර කරන්න බැරිවෙයි බන්. මතකද තව අර හොරට Medical Tests කරන තැනකුත් මේ වගේ ඇල්ලුවා? එතන ඉන්න එකා Lab එකක් කියල බොරුවට ඌට හිතෙන අගයක් දාල දෙනවා report එකට. Report එක ගන්න එන අයාගෙන අහනවා මොකක්ද අමාරුව කියල. ඒකට හරියන්න report එකේ අගයන් දාල දෙනවා. මුන් නම් එල්ලන්න ඕනේ බන් ඇත්තටම. කුලියට මිනී මරණ එවුන් තව හොඳයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    අපි නම් 3 5 කඩෙන් ගන්නෙම නෙ, ගෙදරම හදාගෙන මෝලට දීල ග්‍රයින්ඩ් කරගන්නව. .සල්ලි දීල ඔය කුනු කන්න ඕනෙ නෑනෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    මමත් දැක්කා බන් ඕක. ඕවා කරන එවුන් කරගන්න පව් ගෙවල ඉවර කරන්න බැරිවෙයි බන්. මතකද තව අර හොරට Medical Tests කරන තැනකුත් මේ වගේ ඇල්ලුවා? එතන ඉන්න එකා Lab එකක් කියල බොරුවට ඌට හිතෙන අගයක් දාල දෙනවා report එකට. Report එක ගන්න එන අයාගෙන අහනවා මොකක්ද අමාරුව කියල. ඒකට හරියන්න report එකේ අගයන් දාල දෙනවා. මුන් නම් එල්ලන්න ඕනේ බන් ඇත්තටම. කුලියට මිනී මරණ එවුන් තව හොඳයි.

    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    අපි නම් 3 5 කඩෙන් ගන්නෙම නෙ, ගෙදරම හදාගෙන මෝලට දීල ග්‍රයින්ඩ් කරගන්නව. .සල්ලි දීල ඔය කුනු කන්න ඕනෙ නෑනෙ

    මේවා ගන්නේ ගොඩක්ම හෝටල් කාරයෝ බන්.හෝටල් වලින් කන උන්ට ඉතින් අබ සරණයි..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    මම පත්තරේ දැක්ක, බැදපු අල පෙති හදනකොට, මදක් රත් වෙච්ච තෙල් වලට plastic බෝතල් දෙක තුනක් දානවා. එතකොට අලපෙතිවල plastic layer එක නිසා කැඩෙන්නේ නැහැ. ගොඩක් කල් තියාගන්න පුළුවන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    මම පත්තරේ දැක්ක, බැදපු අල පෙති හදනකොට, මදක් රත් වෙච්ච තෙල් වලට plastic බෝතල් දෙක තුනක් දානවා. එතකොට අලපෙතිවල plastic layer එක නිසා කැඩෙන්නේ නැහැ. ගොඩක් කල් තියාගන්න පුළුවන්.

    :shocked::shocked::shocked::shocked:

    යකෝ ඔව්ව කරන බල්ලො හිරෙ යවන්න ඕනෙ බන් ජිවිත කාලෙටම්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් දැක්කා බන් ඕක. ඕවා කරන එවුන් කරගන්න පව් ගෙවල ඉවර කරන්න බැරිවෙයි බන්. මතකද තව අර හොරට Medical Tests කරන තැනකුත් මේ වගේ ඇල්ලුවා? එතන ඉන්න එකා Lab එකක් කියල බොරුවට ඌට හිතෙන අගයක් දාල දෙනවා report එකට. Report එක ගන්න එන අයාගෙන අහනවා මොකක්ද අමාරුව කියල. ඒකට හරියන්න report එකේ අගයන් දාල දෙනවා. මුන් නම් එල්ලන්න ඕනේ බන් ඇත්තටම. කුලියට මිනී මරණ එවුන් තව හොඳයි.

    :shocked: අඳෝමැයි...!