තුන-පහ

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ). මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.

    “පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ.” ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා පාඩමට ලෑස්ති උනා.

    “ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම එක කියලා කලිසමේ සිප් එක අරින්න. දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න. තුන කියලා චුට්ටක් පස්සට කරන්න. හතර කියලා මූත්‍රා කරන්න. පහ කියලා ඉස්සරහට කරන්න. හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න. හත කියලා සිප් එක වහගන්න. ඔය විදිහට කරලා බලන්නකෝ”. කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ කරන්න පටන් ගත්තා.

    දැන් නම් කොල්ලා කලිසමේ මුත්‍රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක් කොළුවා මුත්‍රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන හිටියා. කොළුවා පාඩම කටින් කිය කියා මුත්‍රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට ඇහෙනවා කොල්ලා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

    “තුන-පහ තුන-පහ තුන-පහ තුන-පහ තුන-පහ...............”
     
    • Like
    Reactions: 577

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    laugh8kb.gif