මම නම් වැරැද්දක් කියන්නේ නැ බන් බුද්දිමත් උන් උත්සහයෙන් මහන්සි වෙලා හොයාගත්ත දෙයක් පිට රටකටවික්කට. ලන්කාවේ කබුරලා මොනවා කරන්නද? අට පාස් උන උන් ඇමතිලා, මහාචාර්යවරු කියන නිර්දේශ අට පාස් වෙච්ච එකාගේ අත්සනට යටයි. කලකිරෙනවනේ බන්. එහෙම උනාම ඒ මිනිස්සු වෘත්තීය ගරුත්වය දෙන තැනකට සෙට් වෙනවා. ඇමෙරිකාවේ කොච්චර ඉන්නවද ලන්කාවේ බුද්දිමතුන්. උන් ලන්කාවේ හිටියනම්, හම්පඩ බැග් එකක් අරන් ජිවිතේ පුරා ඔෆිස් එකට බඩගාලා අන්තිමට 55න් ගෙහර යනකොට etf,epf එකේ සල්ලි වලින් ලමයෙකුට උගන්නන්න බැ. කාලා ඇදලා ඉන්න නැ. රස්සවට යන කාලේ ගත්තු නිවාස නය 55 වෙනකන් ගෙවලත් ඉවර නැ. ඒකත් ගේ බාගේට. අන්තිමට මැරෙන්න වෙන්නේ පින්පඩි කාලා පෙන්ශන් එකට. මහා අසික්කිත සමාජ රටාවක් එක්ක දුවන රටක්. උගත් මිනිහට තැනක්. නැ. පිලිගත්ත වෘතීන් දෙකයි. එක්කො දොස්තර, එක්කො ඉන්ජිනියර්. අනික් ඔක්කොම උන් වැඩක් නැ. කිසි වෘත්තීයකට ගෞරවයක් නැ. වෘත්තීය සුදුසුකමක් නැ. ට්‍රේනින් එකක් නැ. මිනිස්සුන්ගේ ආචාරශීලීකමක් නැ. බල්ලො බලල්ලු වගේ. උදේට ඔෆිස් එකකට පලයන්කො. කොටුවෙන් කොච්චියෙන් බහින්නේ ගැනු මාරා වේස වෙලා. උන් ඔෆිස් එකේ ප්‍රසන්නව ඉදීද? හතරට ඔෆ් වෙලා 5ට කොච්ච්යේ නගින උන් ගෙහර යද්දි 7යි. කැම උයලා, බුදියල ආයේ 4ට නැගිටලා 6ට කොච්චියේ ගොඩ වෙලා 8ට ඔෆිස් එන උන් වෘත්තිය ගැන සතුටුද? තමන්ගේ රස්සාව සතුටින් කරන මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද?