තෙල්_ප්‍රතිකාරය

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක ඇත්ත මචන්. ඉස්සර අපිට ප්‍රශ්න කියල දෙයක් නැහැ බන්. අද ඇහැරෙනකොට මතක් වෙන්නේ මොන බැංකුවෙන් කතා කරයි ද , ක්‍රෙඩිට් කාර්ඩ් එකට කතා කරයිද වගේ දේවල්.

    වික්කමසිංහත් එක්ක මහබැංකුව කඩලා ඇති උනේ නැද්ද බන්. :growl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බටු තෙල් ප්‍රතිකාරය

    Slider_1.jpg


    සෙම තියන උන් ඉන්නවනම් මෙන්න ප්‍රතිකාරයක්. පුළුවන් නම් කරලා බලන්න. අනිවා ගුණ දෙනවා.

    මම මචන් වයස 15 වගේ ඉඳලම දැඩි සෙම් රෝගවලින් පිඩා විදිනවා. උදේට නැගිටිනකොට ඔලුව උස්සගන්න බැහැ. ඔලුව කැක්කුමයි බරයි. කොයි වෙලාවෙත් ඔලුවේ කැක්කුම එනවා. හැම තිස්සෙම වේදනා නාශක පෙති ළඟ තබාගෙන ඉන්නේ. ඇන්ටි බයෝටික්ස් බීලා ඇති සැහෙන ප්‍රමාණයක්.

    මේ ලඟකදී ෆීල්ඩ් ට්‍රිප් එකකට ගියා උහන පැත්තේ. එහෙ ගිය වෙලාවේ කඩේට ගියා ප්ලේන්ටියක් බොන්න. ප්ලේන්ටියක් ගහල පැනඩෝල් දෙකක් ගැහුවා. ඒක දැකපු වයසක සියා කෙනෙක් මට කතා කළා.. එයා ගමේ වේද මහත්මයෙක්. සියා අහනව ඇයි මහත්තයා පෙති බිවුවේ. අසනිපයක් ද කියල . මම මට තියන සෙම කතාව කිවුවා. මම දැඩි ඔලුවේ කැක්කුමකින් පෙළෙනවා කියලා තේරුම් ගත්ත වෙදමහත්මයා කිවුව මහත්තයෝ වැඩ ඇරිලා යන ගමන් අපේ ගෙදරට ඇවිත් යන්න එන්න කියලා. මම යන ගමන් නිකමට ගොඩ වෙලා ගියා.

    එවේලේත් මම තද ඔලුවේ කැක්කුමකින් හිටියේ. දවසෙම අවුවේ හිටපු නිසා. පැනඩින් ගහල හිටියේ . එත් අඩුවක් නැහැ. වෙදමහත්මයා හැන්දකට තෙල්වගයක් දාලා අරන් ඇවිත් ඔලුවට දැම්මා. ඒ තෙල් උනුයි. සියා ඔලුවට දාල අතගාලා කිවුවා දැන් ඔලුව හෝදන්නේ නැතුව රෑට නිදා ගන්න කියලා. මමත් ඉතින් හරි කියලා වේදමහත්මයට ස්තුති වන්ත වෙලා යන්න ගියා.

    පහුවෙනිදා උදේ ඇහැරෙනකොට ඔලුවේ බර කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. හිසේ රුදාව පලාතක නැහැ. අපි පොඩි කාලේ ඇහැරෙනකොට දැනෙන සනීපය වගේ දැනෙනවා. පස්සේ උදේට නාල වැඩට ගියා. දවසම ෆ්‍රෙෂ්. පස්සේ හවස වැඩ ඇරිලා එන ගමන් වේද මහත්මයට කියලා තෙල් ටිකක් ඉල්ලගන්න ඕනේ කියලා ගෙදරට ගියා. එවිට වේද මහත්මය කියනවා මහත්තයෝ මම ඊයේ කලේ බටු තෙල් ප්‍රතිකාරය. මහත්තයා මෙන්න මේ බටු තෙල් කුප්පිය ගෙදර අරන් යන්න . සතියට තුන් වරක් වගේ ඔලුවට දාන්න. හැබැයි නිකන් දාල වැඩක් නැහැ. ගන්න හොඳ පිරිසිඳු මේස හැන්දක්. ඒකට රතු ලුණු ගෙඩියක් තලලා දාන්න. ඒ එක්කම කරපිංචා කොළ දෙකක් තුනක් තලලා දාන්න. ඊට පස්සේ බටු තෙල් ටිකක් හැන්දට දාල පහනකට අල්ලලා නටවන්න. හොඳට තෙල් ටික නිවෙන්න හැරලා මද උණුසුම තියනවත් එක්කම හිස් මුදුනට දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි හවසට නාන්න එපා. උදේට නාන්න. උදේට නෑවත් කොන්ඩේ හොඳට වියලා ගන්න. පුළුවන් නම් කොන්ඩේ වේලන මැෂිමක් ගන්න. මේ ප්‍රත්කාරය සතියට තුන් පාරක් වගේ කරන්න. ( හැමදාම ) ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා කොලබ ඇවිත් පහුගිය මාසෙම මම මේ ප්‍රතිකාරය කළා. දැන් මම සතියට එක පාරක් දෙපාරක් වගේ කරන්නේ. සෙම නැහැ. හැබැයි මේක තාවකාලික ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. නිට්ටාවට සුව කරගන්න නම් නිවැරදි ප්‍රතිකාර ගන්න ඕනේ. එළකිරියේ කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතුනා නිසා දැම්මා.

    good post
    rep 5+
     
    • Like
    Reactions: 50KG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    අප්පා බටු තෙල් පොඩි බෝතලයක් ගත්තා , එකෙන් පොඩ්ඩක් දවස් 2 දෙකක් දැම්ම කිබුහුම් යන්න ගත්තා :baffled:, පස්සේ නැවතුව බටු තෙල් ගාන එක
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අප්පා බටු තෙල් පොඩි බෝතලයක් ගත්තා , එකෙන් පොඩ්ඩක් දවස් 2 දෙකක් දැම්ම කිබුහුම් යන්න ගත්තා :baffled:, පස්සේ නැවතුව බටු තෙල් ගාන එක




    එහෙම තමයි බන් . සිංහල වේද කමේ හැටි. සෙම හොඳට කෝප කරලා අවුස්සලා තමයි ඉවත් කරන්නේ. හැබැයි මටනම් කිවිසුම් ගියේ නැහැ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    thanks mama ada batu tel ekak genawa dawas 3k tisse oluwe kakkuma


    ඔය කියපු විදිහට හැමදාම දාපන්. ටික දවසක් යනකොට සෙම ගතිය අඩුවෙලා යයි. හැබැයි වේද මහත්තයෙක් හම්බ වෙලා නිවැරදිව නිට්ටාවට සුව වෙන්න බෙහෙතක් ගනින්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    apoi :baffled:






    එහෙම තමයි බන් . සිංහල වේද කමේ හැටි. සෙම හොඳට කෝප කරලා අවුස්සලා තමයි ඉවත් කරන්නේ. හැබැයි මටනම් කිවිසුම් ගියේ නැහැ.