ඕස්ට්‍රේලියාවේ ඉන්ධන තියෙන්නේ දින විස්සකට සෑහෙන්න පමණයි කියන එක ඇත්තයි. ලංකාවේ එහෙම ඔය වගේ පුවතක් මාධ්‍ය මගින් අනාවරණය කළා නම් වාහන දුවන, නොදුවන, වාහන ඇති නැති සියල්ලෝම පෙට්‍රල් ෂෙඩ් ගාව පෝලිං ගැහිලා දින විස්සක් පාවිච්චියට සෑහෙන තෙල් තොගයම පැය කිහිපයකින් අවසන් කරනවා. අවුරුද්දකට සැරයක් වත් එලියට නොගන්නා වාහන වලටත් ෆුල් ටෑන්ක් ගහලා තවත් ටිකක් ගහනවා. මෙහෙ(ඕස්ට්‍රේලියාවේ) කිසිම කෙනෙක් මේ පුවත නිසා තෙල් ගහන්න හදිස්සි උනේ නැහැ. වෙනදා වාගේම පැට්‍රොල් අඩු වෙනකොට පුරුදු පරිදි තෙල් ගහනවා මිසක්.
ලංකාවේ මිල වැඩි වෙන්න පෙර පෙට්‍රල් ගහලා ඉතිරි කරගන්න සුළු මුදලට වඩා විශාල පාඩුවක්, මහන්සියක්, අනවශ්‍ය වියදමක්, පැයක් හමාරක් පෝලිමේ ඉඳලා අනවශ්‍ය විදියට පෙට්‍රල් තොග ගොඩ ගසාගැනීමෙන් සිදු වෙනවා කියන එක අපේ රටේ බහුතරයකට තේරෙන්නේ නැහැ.