ථෙරවාද ත්‍රිපිටකය

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    ථෙරවාද ත්‍රිපිටකය

    ථෙරවාද ත්‍රිපිටකය

    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.

    යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය. ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර කි.

    සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

    ශාසනාභිවෘද්ධිකාමී,
    සමින්ද රණසිංහ.
    2009.06.28


    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !


    තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !


    http://www.aathaapi.net/Thripitaka.html
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහොම ස්තූතියි..බොහොම පිං...මමත් ත්‍රිපිටකය හොය හොය හිටියෙ...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්. මේ දවස්වල මහමෙවුනාවෙ ත්‍රිපිටකයත් නැතුව අනාථ වෙලා හිටියෙ. :D