දකුණු ආසියාවේ විශාලතම හාල් මෝල පිහිටා ඇත්තේ පොළොන්නරුවේය. එය නමින් "අරලිය" වේ.එහි හිමිකරු වන්නේ තරුණ ප්‍රජාව අතර මෙන්ම ව්‍යාපාරික අදහස් ඇති බොහොදෙනාගේ සිත් ගත් චරිතයක් වූ සෘජු හා වක්‍ර රැකියා 20000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ ඩඩ්ලි සිරිසේන මහතාය.
2015 සිට සයිලෝ තාක්ෂණය භාවිතා කර වී ගබඩා කිරීමේ පුරෝගාමීයා වූ ඩඩ්ලි සිරිසේන පසුව එතුමාගේ පුත් දිමිත්ර සිරිසේන සමග එක්ව ල් සයිලෝ 20 ක් දක්වා එය වර්ධනය කලේ ඉතාමත් දැඩි අවධානමක් අරගෙනය. බොහෝ දෙන මේ පිම්ම දෙස ඇස් යොමු කර බලා සිටියා මොකද ඉන්දියාවේ විශාලම හාල් මෝලේද පැවතියේ සයිලෝ 16 ක් පමණි. එනිසා "දකුණු ආසියාවේ විශාලම හාල් මෝල ලංකාවේ ඇත" යන අභිමානය රටට එක් කල මොහු මාෆියා කරයෙක් නොව සයිලෝ තාක්ෂණයේ පියා ලෙස සැලකිය හැක.
කාලයක් ගොවියාට වී අස්වැන්න රු:20-30 කට වත් විකුණාගන්න බැරුව සිටියා. ඒ වගේම ලංකාවේ වී ටික රජය හා මෝල් සියල්ල එකතු වුනත් මිලදී ගත නොහැකි තත්වයක් පැවතුනා, එසේම ඉල්ලුමට සැපයුම ප්‍රමාද වීම නිසා සහල් ආනයන කොට ගොවියන් වස බිවූ වාර එමටය.
නමුත් අද එම ප්‍රශ්න නැත. 14% ක තෙතමනය වෙනුවට දැන් වැඩි තෙතමනයෙන්ද වී ගෙන ගබඩා කිරීමේ තාක්ෂණය ඔහු සතුය. ලංකාවේ සහල් කර්මාන්තය කාර්යක්ෂම වීමට ප්‍රධාන සාධකය වන්නේ ඩඩ්ලි සිරිසේන විසින් ගෙනා තාක්ෂණයයි.
වී 1kg කෙටූ විට සහල් 1kg ලැබෙන්නේ නැත.
ගල් වැලි, කළු ඇට, බොල්, දහයියා හා එහි මිශ්‍රව ඇති වෙනත් බජිරි වැනි ඇට ඉවත් කල යුතුය. මේ සඳහා කෝටී ගණන් වියදම් කරමින් නව යන්ත්‍රෝපකරණ ගෙන්වා සහල් කර්මාන්තය කාර්යක්ෂම කරන මොහු ව්‍යවසාය හා අවදානම් ගැනීමෙ ප්රතිලාභ ලැබිය යුතු නැතිද?
වී පැටවුම් හා බෑමේ කුලී, සහල් බෑමේ සහ පැටවුම් කුලී, වී ඇසුරුම් මලු සඳහා මෙන්ම සහල් අසුරුම් මලු , එසේම සහල් හා වී ප්‍රවාහන වියදම් , එසේම කෝටී ගණන් වූ විදුලි හා ජල බිල්පත්,සේවක වැටුප්, නඩත්තු වියදම්, සිල්ලර හා තොග වෙළඳ කොමිස් , ඒ විතරක් නොව බැංකු වල ණය පොලී , ආදායම් හා රජයේ බදු යන මේ සියල්ල සහල් 1Kg පිටුපස ඇති බව බොහෝ දෙනා අද අමතක කිරීම කණ්ගාටුවට කරුණකි.සීනී කර්මාන්ත , ධාන්‍ය කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්ත වැසී යනවිට සහල් කර්මාන්තය තුල දේශීය සන්නාම ගොඩ නගාගත් ව්‍යාපාරිකයන් අප සතු වීම ගැන අප සතුටු විය යුතු නැතිද!...

ඒ උනාට එකාධිකාරිය රටකට අහිතකරයි... හාල් වලට විතරක් නෙවෙයි දැන් ටයිල් වලට වෙලා තියෙන්නෙත් ඒකමනේ... හැම ක්ශේත්රයකටා මම කිව්ව tax system එක ගේන්න ඕනේ... පොඩි ව්‍යාපාරිකයින්ට සෑහෙන අඩුයි.. හැබැයි එක විශාල මට්ටමකින් පස්සේ ටැක්ස් එක සෑහෙන වැඩී 50% විතරවත් ගන්න ක්‍රමයක්...