රජය වී මිලදී ගත්තේ 14%ක් වෙනකම් වේලපු වී පමණයි. දැන් මැෂින් වලින් ගොයම් කපන නිසා අමු වී තමයි ලැබෙන්නේ. ඒවා නැවත වේල වේල ඉන්නේ නැතිව අමු වී ටික මුදලාලිට දෙන එක ගොවියට පහසුයි. අනික රජය ගන්න වී ටික දෙන්න ගබඩා වෙත ප්‍රවාහනය කරන්න ඕන. ඒවාට ප්‍රවාහන ගාස්තු, කම්කරු කුළිය ආදිය දී වද විදිනවට වඩා ගොවියාගේ පැත්තෙන් කොහොමත් වාසියි ළගට එන මුදලාලිට දෙන එක. ඔය මෙවර දෙනවා කියන පොහොර සහනාධාරයෙන් ගන්න පුළුවන් අක්කරයකට එක පොහොර මිටියක් විතරයි.