දකුණු චීන මුහුදේ ආරවුල-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දකුණු චීන මුහුදේ ආරවුල-2

    nELUu0n.jpg

    දකුණු චීන මුහුද ආශ්‍රිතව මේවන විට දැඩි නොසන්සුන්බවක් ඇතිව තිබෙන බව ඔබ දන්නවා ඇති.ඒ දකුණු චීන මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රයෝජනයට ගත නොහැකි දූපත්,අටොලු ආදී කුඩා බොඩබිම් ප්‍රදේශවලට චීනය අත්වාසිකම් කියන්නට යෑමත්,බලහත්කාරයෙන් අල්ලා ගත් දූපත් ක්‍රමයෙන් පුලුල් කර ඒවා ජනාවසකරණයත්,හමුදාමය කටයුතු උදෙසා යොදාගැනීමත් නිසාය.වියට්නාමය,පිලිපීනය යන රටවල් මේ නිසා චීනය සමග අමනාපයෙන් පසුවේ.මන්ද චීනය විශාල වශයෙන් ආක්‍රමණය කර තිබෙන්නේ මේ රටවල් දෙකට අයත් මුහුදු ප්‍රදේශයි.චීනයේ ආක්‍රමණකාරී වැඩපිලිවෙල නිසා වඩාත් නොසන්සුන්බාවයට පත් රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.දකුණු චීන මුහුද ඔස්සේ ලොව වැදගත් මුහුදු මාර්ගයක් වැටී තිබේ.එසේම එම මුහුදු කලාපයේ තිබෙන ස්වභාවික සම්පත් තවමත් හරිහැටි ඇස්තමේන්තු කර නොමැත.ඒ නිසා චීනය සැරසෙන්නේ කුමටද දැයි ඇමෙරිකාව දනියි.මේ නිසා එක්සත් ජනපදය සිය යුද නැව් දකුණු චීන මුහුදට යවා තිබේ.ඇමෙරිකානු යුද නෞකා සිය මුහුදු ප්‍රදේශවල සැරිසැරීම ගැන චීනය සිටින්නේ කෝපයෙනි.චීනය සිය වැඩපිළිවෙල ඉදිරියටත් මෙලෙසම කරගෙන ගියහොත් මෙම කලාපය තුල යුද්ධයක් ඇතිවීමේ අවදානමක්ද නැතුවා නොවේ.මෙම අර්බුධ සම්බන්ධ කෙටි විස්තරයක් පළමු ලිපිය ඔස්සේ ඉදිරිපත් කර තිබේ.

    lihZv2A.gif

    දකුණු චීන මුහුදේ කෘත්‍රීමව දූපත් නිර්මාණය කරන්නේ හෝ තිබෙන ඒවා විශාල කරමින් ජනාවසකරණයට ලක් කරන්නේ චීනය පමණක් නොවේ.වියට්නාමයට තමන්ට හැකි පරිදි මෙම කටයුත්තේ නියැලේ.වියට්නාමය මෙම වැනි දූපත්,අටොලු 10ක් පමණ සංවර්ධනය කිරීම්වලට ලක් කරමින් ඇත.ඔවුන් දකුණු චීන මුහුදේ අක්කර 120ක පමණ ප්‍රදේශයක ඉදිකිරීම් සිදුකර තිබෙන බව වාර්තා වේ.නමුත් චීනයේ ඒ ප්‍රමාණය අක්කර 3000 ඉක්මවයි.නමුත් වියට්නාමයද මෙම කටයුත්තට එක්වීම නිසා ලැබෙන ආවරණය ප්‍රයෝජනයට ගෙන චීනය විශාල වශයෙන් උපාය මාර්ගිකව වාසියක් ලබාගෙන තිබේ.එක්සත් ජනපදය විසින් මෙම දෙපාර්ශ්වයෙන්ම ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ඉල්ලා තිබේ.

    පහත දැක්වෙන්නේ වියට්නාමය සිදුකර තිබෙන ඉදිරිකිරීම්ය.​


    Spratly Island: 2014 - 2016

    nfgJ3Ix.jpg





    Southwest Cay: 2005 - 2016

    18Ck9h9.jpg





    Sin Cowe Island: 2006 - 2016

    7ATWgR7.jpg





    West Reef: 2013 - 2016

    WptEJp3.jpg




    Sand Cay: 2011 - 2016

    Qf5OHDj.jpg





    Pearson Reef: 2014 - 2016

    YHAqJl7.jpg





    Central Reef: 2009 - 2016

    f6fK10z.jpg





    Grierson Reef: 2012 - 2016

    AeJnIQY.jpg





    Cornwallis South Reef (Southeast): 2014 - 2016

    YB4znXf.jpg





    Cornwallis South Reef (Southwest): 2014 - 2016

    q6hSsel.jpg




    දකුණු චීන මුහුදේ ආරවුල




    Source:businessinsider.com

    -HarshaLulzSec-