දකුණේ රස කෑම

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ආහාර කියන්නෙ විවිධ ජාතීන්, පලාත් සංස්කෘතීන් ලෝබ නැතුව බෙදා හදාගන්න දෙයක්. මොන මොන දේවල් වලින් පිල් බෙදුනත් අපේ ආහාර සංස්කෘතීන් එකිනෙකා හා මිශ්‍ර වෙලා කාලාන්තරයක් තිස්සෙ අපේ දිව පිනවනව. අනිවා අපි මීට කලිනුත් එක එක පලාත් වගේම ජාතීන්ගෙන් අපේ ආහාර ලොවට දායාද වෙච්ච කෑම ගැන කතා කලා. අද අපි මේ කතා කරන්න යන්නෙ දකුණු පලාතේ කෑම වර්ග ගැන.
    දකුණු පලාත කිව්වම වෙනමම ආහාර සංස්කෘතියක් බිහි කරපු පලාතක්. මී කිරි එක්ක බත්, මාළු ඇඹුල් තියල්, ජාඩි වගේ දකුණටම ආවේණික වෙච්ච ලංකාව පුරා හැමෝම බොහොම ආසාවෙන් රස බලන කෑම වර්ග බොහොමයි. දකුණෙන් රට පුරාම විසිරුණු මේ වගේ කෑම වර්ග 5ක් හදන හැටි අපි අද අරගෙන ආව. හදමුද දකුණේ තාලෙට කෑමක් එහෙනම්.

    1. ජාඩි හොද්ද

    DeepSouthRecipes-01-768x403.jpg


    ජාඩි කියන්නෙ ඉතින් දකුණෙ මූදූබඩ පලාත් වල ජනප්‍රියම කෑමක්. දැන් දැන් ටිකෙන් ටික නැත්තටම නැති වෙලා යන කෑමක් කිව්වත් හරි. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළු වලින් තමයි වැඩිහරියක් ජාඩි දාන්නෙ. ජාඩි කියන්නෙ මාළු කල් තියාගන්න ක්‍රමයක්. අළුත් මාළු ඔලු සහ බඩවැල් ඉවත් කරල ඇල් වතුර පොඩ්ඩක්වත් ගාවන්නෙ නැතුව තනිකර ලුණු වතුරෙන්ම සෝදල පිරිසිදු කරගෙන ලුණු කැට සහ ගොරකා එක්ක අතුරල මාසයක් විතර හොඳින් වහල තියල තමා ජාඩි හදාගන්නෙ. එහෙම හදාගත්තු ජාඩි වලින් දකුණේ තාලෙට හොද්දක් හදන හැටි තමයි මේ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • සිහින්ව ලියාගත් රතු ලූනු
    • තලාගත් සුදු ලූනු
    • රම්පෙ/කරපිංචා
    • කොච්චි කරල් කීපයක් (මේ වෙනුවට අමු මිරිස් ගන්නත් පුළුවන් කොච්චි තමා රස)
    • මිරිස් කුඩු
    • ගම්මිරිස් කුඩු
    • රස අනුව ලුණු ( ජාඩි වල ලුණු රස කොහොමත් තියෙන නිසා ලුණු පදම බලා පාවිච්චි කරන්න)
    • දිය කිරි
    • මිටි කිරි


    1. ජාඩි වලට කොච්චි ටික දෙකට පලා දාගෙන මිටි කිරි හැර අනෙක් සියල්ල එක් කර මිශ්‍ර කර ලිප තබා ගන්න.
    2. හොද්ද උතුරා තැම්බීගෙන එන විට මිටි කිරි එක් කර යන්තමින් හැඳි ගාමින් හොඳි ගතිය තියෙද්දීම ලිපෙන් ඉවත් කරගන්න.

    2. දෙහි ආනම

    DeepSouthRecipes-02-768x403.jpg


    බොහෝ දෙනෙක් නොදන්න දකුණේ කෑමක්. ටිකෙන් ටික වියැකිලා යන පාරම්පරික ආහාර වර්ග අතරට මේ දෙහි ආනමත් එකතු වෙනව.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ඉදුණු දෙහි ගෙඩි 3ක්4ක්
    • කපාගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස්
    • රම්පෙ, කරපිංචා
    • සේර කැබැල්ලක්
    • කුරුඳු
    • අබ ඇට
    • උළුහාල්
    • සූදුරු ඇට
    • කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්
    • අමු තුන පහ, කහ සහ මිරිස් කුඩු
    • ලුණු
    • මිටි කිරි


    1. දෙහි සිහින් තීරු වලට කපා ගන්න. එයට ලුණු සහ වතුර ටිකක් එක් කර දෙහි ලෙල්ල මෙලෙක් වන තුරු තම්බා ගන්න.
    2. වෙනත් බඳුනක් ලිප තබා එයට තෙල් දමා අබ එක් කර පුපුරන්න හරින්න. එයට සීනි හැර අනෙක් පහේ සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
    3. ඒ තෙම්පරාදුවට තම්බාගත් දෙහි එක් කර මිශ්‍ර කරගෙන මිටි කිරි දමා ලුණු සහ සීනි රස අනුව එක් කර හින්දගන්න.

    3. මාළු ඇඹුල් තියල්

    DeepSouthRecipes-03-768x403.jpg


    ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලක්, ගා ගත්තු පොල් ටිකක් එක්ක කැකුළු හාලෙ බත් කියන්නෙ තනිකරම දකුණෙ කෑමක්. ඒ රස දන්නෝ දනිති. එක එක ක්‍රම වලට මේ ඇඹුල් තියල හදනව. මීට වඩා වෙනස් ක්‍රමත් ඔයාල දන්නවා ඇති. කොහොම හැදුවත් මේ ඇඹුල් තියල් එකට ගොරකා වලින් එන ඇඹුල් රස තමා ඉස්මතු වෙන්න ඕනෙ. බල මාලු හෝ කෙලවල්ලන් වගේ උෂ්ණ මාළු වර්ගයකින් හදන මාළු ඇඹුල් තියල් එක්ක පොල් ටිකක් කන කොට අර මාළු වල සැර මැකෙනව. පැරැණ්නෝ ආහාර සමබර කලේ එහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෙලවල්ලන් හෝ බල මාළු 1kg (තලපත් උනත් ගන්න පුළුවන්)
    • ගොරකා කැබලි 8ක්
    • ගම්මිරිස් ඇට මේස හැඳි 3
    • මිරිස් කුඩු තේ හැන්දක්
    • සුදු ලූනු බික් 3ක්
    • කරපිංචා ඉත්තක්
    • ඉඟුරු කෑල්ලක්
    • ලුණු
    • තෙල් මේස හැඳි 1ක්


    1. ගොරකා ටික මෙලෙක් වන තුරු තම්බා අඹරා ගන්න. ගම්මිරිස් ඇට, ඉඟුරු, සුදු ලූනු, කරපිංචා පේස්ට් එකක් වන තුරු හොඳින් අඹරාගන්න. එයට මිරිස්, තෙල් සහ ලුණු එක් කර අඹරාගත් ගොරකා ටිකද සමඟ මිශ්‍ර කරගන්න.
    2. සෝදා පිරිසිදු කරගත් මාළු වලට මේ මිශ්‍රණය හොඳින් අත ගා පැය බාගයක් පමණ වසා තබාගන්න. පසුව එයට කරදමුංගු, කරාබු නැටි කීපයක් එක් කර මාළු වැසෙන ගානට වතුර දමා හිඳෙන තුරු අඩු ගින්දරේ පිසගන්න.

    4. රුහුණු අච්චාරු

    DeepSouthRecipes-04-768x403.jpg


    නමින්ම මේක දකුණේ කෑමක්. අච්චාරුවක් එක්ක පරිප්පු ටිකක් තිබ්බත් ඇති බත් කන්න. මේ වගේ රස අච්චාරුවක් හදල තියාගන්න එක කාර්යබහුල ගෘහණියකට පහසුවක්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පිරිසිදු කරගත් හාල් වියලි හාල් මැස්සන් 100
    • රතු ලූනු කෝප්පයක්
    • අමු මිරිස් කරල් 10
    • අඹරාගත් අබ මේස හැඳි 1
    • කෑලි මිරිස්, කහ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • රස අනුව ලුණු සහ සීනි
    • විනාකිරි කප් 1\4


    1. හාල් මැස්සන් ගැඹුරු තෙලේ බැදගන්න. ඒ රත් වු තෙලටම දමා රතු ලූනු ටිකද විනාඩි 2ක් පමණ බැදගන්න.
    2. ලිප නිවා තෙල් වල රස්නය තිබියදීම අමු මිරිස් ටික තෙලට දමා යන්තම් බැදගන්න.
    3. මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ටික එකතු කරගෙන එය උතුරන විට එයට පහේ ටික, ලුණු සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.
    4. එයට බැදගත් ලූනු, හාල් මැස්සන් සහ අමු මිරිස් එක් කර විනාකිරි සිඳෙන තුරු අඩු ගින්දරේ ලිප තබා නිවෙන්නට තබන්න. නිවුනු පසු බෝතලයකට දමා කල් තබා ගන්න පුළුවන්.

    5. දකුණේ තාලෙට මාළු කරියක්

    DeepSouthRecipes-05-768x403.jpg


    මේ දකුණේ තාලෙට මාළු කරියක් හදාගන්න හැටි. දකුණු ලක මුහුදුබඩ කලාපයේ කාන්තාවන්ට මාළු හොද්දක් රසට හදාගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. එහෙම රසට දකුණේ තාලෙට මාළු කරියක් හදන හැටියි මේ. මෙහි විශේෂත්වය නම් ලූනු එක් නොකර පිස ගැනීමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෑලි කපාගත් කැමති මාළු වර්ගයකින් 500g
    • පොල් මේස හැන්දක්
    • හාල් මේස හැන්දක්
    • තලාගත් ඉඟුරු, සුදු ලූනු
    • ගොරකා කැබලි 2, 3ක්
    • කපාගත් තක්කලි ගෙඩියක්
    • රම්පෙ, කරපිංචා, සේර
    • කුරුඳු පොතු
    • අමු මිරිස්
    • උළුහාල්
    • මිරිස් කුඩු
    • ගම්මිරිස්
    • අමු තුනපහ ටිකක්
    • කහ
    • ලුණු


    1. මාළු වලට මිරිස්,ගම්මිරිස්,ලුණු, කහ, තුනපහ සහ තලාගත් ඉඟුරු සුදු ලූනු යන සියල්ලෙන්ම කොටසක් එක් කර හොඳින් අතගා පසෙකින් තබාගන්න.
    2. හාල් පොල් රන් වන් පැහැ වන තුරු බැද අඹරාගන්න. මැටි ඇතිලියක් ලිප තබා එයට තෙල් ටිකක් රත් වෙන්න දමා ගන්න. රත් වූ තෙලට ඉතිරි කරගත් ඉඟුරු සුදු ලූනු, රම්පෙ, කරපිංචා, සේර, උලුහාල්, අඹරාගත් හාල්, පොල්, තක්කලි, ගොරකා සහ කුරුඳු පොතු දමා තෙම්පරාදු කරගන්න.
    3. එයට ඉතිරි කරගත් පහේ සියල්ලද එක් කර මිශ්‍ර කරගෙන මාලු ටිකද එක් කරගන්න. වැසෙන ගාණට වතුර දමා පිස ගන්න.
    http://www.aniwa.lk/2016/11/25/1611242-deep-south-recipes-from-sri-lanka/

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ කටට කෙලත් ආව දක්කම් .පට්ට කෑම බන් kfc / buriyaani / burger /pizza කැලේ මෙව්වා එක්ක ම බත් හරි පාන් හරි කැහැකි

    :love::love::love::love:

    රේප් +11
     
    • Like
    Reactions: jodubaba

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මරුසිරා;20953180 said:
    අඩෝ කටට කෙලත් ආව දක්කම් .පට්ට කෑම බන් kfc / buriyaani / burger /pizza කැලේ මෙව්වා එක්ක ම බත් හරි පාන් හරි කැහැකි

    :love::love::love::love:

    රේප් +11

    පාන් :cool: :cool: :cool:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lankawe minissunge e kale idalama thibba higana kama pennana kama thamai owa..
    Kal thiyagena kanna pulwuan wenna hadapuwa..
    Dan atu kos kiyanne monawada... thiyagena kanna, higana kama hinda minissu hoyagaththu kamak... dan unta ewa nikan majic kama wage... bambuwa thanai..