දිග comment එකක් නිසා දිගටම උත්තරත් දෙන්නම්. අනේ මන්ද මොකද කියල. මම නම් දාපු හැම thread එකක්ම මට හොදට මතකයි මම මොනවද ලියල තිබුනෙ කියල. දැන් එක එක දේවල් 250 කට වැඩ වැඩියෙන් දාල තියනවා. ඒවගෙන් වැඩි හරියක්. ඔක්කොම වගේ මට නම් මතකයි. ඒකට හේතුවකුත් ඇති. මම නම් හිතන විදියට එහෙම වෙන්නේ මම ලියන විදියෙන්. මට එච්චර කඩ්ඩ ත් බෑ. සමහර වෙලාවට dictionary එක පාවිච්චි කරල වචන හොයාගෙන තමයි ගහන්නෙ. ඒක මටත් හොදයි. අනිත් එක unicode ගහනකොට ලේසිත් නෑ වැඩේ. ගොඩක් දවස් ගහන්න ඕන.unicode වල සිංහල වචන ගොඩක් වෙලාවට 50% ක් විතර ආයෙත් හදල තමයි ගහන්න ඕන.එක නිසා ආයේ ආයෙත් මතක් වෙනව. ඒක ගහල save කරලත් ආයෙත් කියවල බලනව මොනවද මගරිලා තියෙන්නෙ කියල. පස්සේ මේ smilies එහෙම දානකොට මට අයෙත් පාරක් ඕක කියවන්න වෙනව. පස්සේ thread එකට දල හරියට විස්තරේ වැටිලද කියල අයෙත් පාරක් කියනව. ඒක නිසා මට නම් ඔය හැම එකක්ම හොදට මතකයි. අර පස්සෙ වැඩි විස්තර දාන එක නම් හොද අදහසක් තමයි. මටත් හිතෙනව ඒක කරල බලන්න වෙනසකටත් එක්ක.![]()
සිරාවටම හෙන අමාරු සීනෙ කක් නේ බන් ත්රෙඩ් දානව කියන්නේ.. මොනවා උනත් කරන වැඩෙන් උබේ දැනුමත් වැඩි වෙනවා.. එල එල දිගටම දාපන්.. මමත් පුලු පුලුවන් විදිහට කියවන්නම්.. එල එල..









