දයාබර රොෂාන් මහානාම ගේ සමාජ සත්කාරයක්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    දයාබර රොෂාන් මහානාම ගේ සමාජ සත්කාරයක්

    පත්තර වල පිටු ගණන් ඉඩ නොගත්ත අපේ දයාබර රොෂාන් මහානාම ගේ සමාජ සත්කාරයක් ,චමින්ද වාස් ගේ facebook පිටුවේ තිබිල ඒක පලකරන්න හිතුන .වෙහෙර තැන්න ගමේ දුප්පත් දරුවන්ට රොෂාන්ගේ ත්‍යගය මහමෙරක් වටිනවා .කි. මීටර 14ක් පයින් ගෙවා පාසල් ගිය දරුවන්ට දැන් තමන්ගේ ගමේ ඉදලම අකුරු කරන්න පුළුවන් ...තෙත හදවතක් ඇති මිනිසෙක් ....රොෂාන් .... ඔබ රටට ණය නෑ



    13327632_10154328898302022_452897619118536007_n.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අන්න මිනිස්සු... පෙන්නන වැඩ කරන අයට වඩා ලොකු වටිනාකමක් තියනවා...

    තව තව හරියන්න ඕනේ....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රොෂාන් මහානාම මහතා විසින් සිය මූල්‍ය පරිත්‍යාගයෙන් වවුනියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීම ඊයේ(04) සිදු වුණා.

    ඒ රොෂාන් මහානාම මහතාගේ හා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    රොෂාන් මහානාම මහතාගේ මුදල් පරිත්‍යාග යටතේ අදාළ විද්‍යාලය ඉදිකරන ලද්දේ වන්නි ආරක්ෂක නිළධාරීන් ලබාදුන් ශ්‍රම දායකත්වය මතයි.

    වවුනියාව වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මෙම විද්‍යාලය ඉදිකර තිබෙනවා.


    DSC_8462.jpg

    DSC_8470.jpg

    DSC_8562.jpg