දයා අල්විස් සමු ගනී

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දයා අල්විස් සමු ගනී

    ප‍්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී

    DAYA-ALWIS-01.jpg



    පසුගියදා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා. පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති‍්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා ඔහුගේ හිස තැලී අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.
    ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒතතයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප‍්‍රමාණයේ ලේ ගැලීම් සහිතව අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව වාර්තාවී තිබුණා. සිදු කරන ලද ශල්‍යකර්මවලින් එම ලේ ගැලීම් නැවතීමට සමත් වුවද ඔහුගේ ජීවිතය රැුකුනේ යන්ත‍්‍රවල බලයෙන් පමණි. ඊයේ උදෑසන සිට ඔහුගේ රුධිර පීඩනය අඩු වූ අතර අවාසනාවන්ත ලෙස අද අලූයම 3.50ට පමණ ඔහු මරණයට පත්වුණා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.