දරුණු ගනයේ දළඹුවෙක්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    දරුණු ගනයේ දළඹුවෙක්

    905aef457fc25e1cd8904250b8652234_XL.jpg




    ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබෙනවා.

    සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්, වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්‍රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (07) දින පස්වරුවේ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ කළා.

    නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබනවා.

    එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිඝ්‍රයෙන් සිදු වනවා.

    මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා අවශ්‍ය කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා.

    සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරෙනවා. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “‍ය” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් දැකගත හැකියි.

    එම නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගනයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගාවන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් පුද්ගලික අංශයේ සහයෝගය ද මෙම සත්වයා මර්ධනය සඳහා ලැබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සියලුම ගොවීන් මෙම දළඹු විශේෂය පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    source :nethnews
     
    • Like
    Reactions: IKL

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    කලින්නම එළකිරියේ දාල තිබුන කෙනෙක් ඉක්මනට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මාසකිපෙකට කලින්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර


    මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    source :nethnews




    ඇප් එකක් හදමු
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔන්න ඕව හින්ද තමයි පිට රටවල් වලින් පලතුරු එහෙම ගේන්න දෙන්නේ නැත්තේ. අපේ මිනිස්සු ඒවා වැරදියටයි තේරුම් ගන්නේ.