දරුණු`පිහිපාර..............

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එපා නො දරුවනි
    උපදින්න
    වැඩිහිටි ලොවක
    වැඩිහිටි රටක
    මුකුත් නැති හිස්ම හිස් පැල්පතක
    හිසත් ගිනි ගෙන
    හදත් ගිනි ගෙන
    නො දරු උපත ද
    ගිනි ගොඩක් උන
    දිළිඳු අම්මා කෙනෙක්ගේ බඩ
    එන්න පෙර මෙහි
    දරා මුළු වැර

    සිඳගනිවු ඔය
    නො දරු කළලය
    තවත් අම්මා කෙනෙක්ගේ ගිනි
    එවිට හැකි වෙයි නිවාලන්නට
    නො දුටු අප දරු සිඟිති කළලය
    ...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    දන්නවද ඔය ප්‍රවාත්තිය මම කොච්චර මග ඇරල හිටියද කියල. මොකද ලේසියෙන් මගේ ඇහැට කඳුළු එන්නෙ නැහැ. ඒත් මම දැනගෙන හිටිය ඔය පොඩ්ඩව මොහෙතකට හරි දැක්කොත් මට ජීවිතේට අමතක කරන්න බැරිවෙන විත්තිය. අන්තිමේදි එක උදේක පත්තරව වල විස්තර කියන වැඩසටහනකින් රේඩියො එකෙන් මට ඔය කතාව ඇහුන. හිතුවත් ‍වගේම මට ඇඬුන. අදත් මගේ හිතට මාර දුකක් දැනුන........

    නෙඉඳ කිළුටු ලොකයක
    නික්ම ගිය පුංචි සඳවත
    පිනේ මහිමය නිසයි
    ගියේ හැර අප සැවොම..............

    මේ වගේ සිදුවීම් ගැන අහන්න ලැබීම ගැන නම් ඇත්තටම මටත් දුකයි යාලුවා... ඒත් අපි ඇත්තට මුහුනදිය යුතුයි. මින්පසුවත් මෙවැනි දෑ සිදුනොවන්නට කියා අපි ප්‍රර්ථනා කරමු..:(
    ස්තුතියි අදහසට යාලුවා..:)


    සල්ලි හෑම දෙයක්ම අපෙන් දුරකට අරන් යනව මේ හෑම දේකටම මුල සල්ලි ගොඩාක් ස්තුති මේක අපි අතරේ බෙදා ගත්තට

    ඇත්ත යාලුවා ප්‍රධාන එක හේතුවක් තමයි ආර්ථික අපහසුතා......... :baffled:


    ස්තුතියි..........