දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ළමයින් නැ කියල දුක් වෙන්න එපා. අනිත් ය කියන දේවල් ගණන් ගන්න එපා. ළමයින් නැති උනාම තියෙන වාසි ගැන හිතන්න. තමන් කැමති දෙයක් කැමති වෙලාවක කරන්න පුළුවන්. ඉස්කෝල ප්‍රශ්න නැ. එක හරි නිදහස් ජීවිතයක් කියල හිතන්න. විනෝදාංශ හොයා ගන්න. පොත් කියවීම, TV Series බැලීම, Movies බැලීම, කෑම ජාති හැදීම වගේ. හැමවෙලාවෙම positive ඉන්න.

    අපි ඉන්නේ මේ විදිහට.

    අපිත් tube babies try කළා 4 පාරක්. හරිගියේ නැ. ඔක්කොම miscarriage උනා. තව කළල 4 ක් freeze කරලා තියනවා එත් අපි තීරණය කල එම කළල ගර්භාශයේ තැන් පත් නොකර ඉන්න. හේතුව දැන් අපට ළමුන් නැතුව ඉඳල පුරුදු වෙලා, ළමුන් ඉන්න එක කරදරයක් කියල හිතෙනවා. හැබැයි අපි ළමයින් ට ආදරේ නැතුව නෙවේ. අපි අපේ සහෝදර සහෝදරයින් ගේ, යාළුවන් ගේ ළමුන් ට ගොඩක් ආදරෙයි. ඒ ළමයින් අපටත් ආදරෙයි.

    දැනට tube babies වැඩේට ලක්ෂ 25 විතර වියදම් උනා. අපිට හරි ගියේ නැති උනාට, අපිත් එක්කම treatment කරපු සමහර අයට හරි ගියා. ඉතින් එකට වාසනාව හරි අවාසනාව තියෙන්න ඕනේ. සල්ලි තිබුනට මදි. එත් සල්ලි තියෙනවා නම් උත්සහ නොකර ඉන්නත් එපා. මොකද කවද හරි හිතෙන්න පුළුවන් අපි සල්ලි තිබිලත් tube babies try කලේ නැ කියල.
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    ළමයි නෑ කියලා කවදාවත් දුක් වෙන්න එපා.... වයසට ගියාම බලාගනි කියලා ළමයි හදන්නත් එපා.. දැනටත් ළමයිට බෑ දෙමවුපියො බලාගන්න... ළමයි ගොඩක් ඉඳලත් පාරවල් ගානේ දුක් විඳින... වැඩිහිටි නිවාසවල දුක් විඳින... අම්මල තාත්තල ඉන්නවා ඇති තරම්.....

    ඔබ දෙපලට ඉක්මනින්ම දරු සම්පත් ලැබේවා ... කියලා ප්‍රාර්තනා කරනවා...

    ධනාත්මකව හිතන්න .... තව උත්සහ කරලා බලන්න .......

    බුදුදහමට අනුව නම් පෙර කුසල්  තියෙන්නත් ඕනා පින්වත් දරුවන් ලබන්න .... ඔයාලා දෙන්නා දරුවන් ඉන්න නැතිබැරි අම්මලාට උදව් උපකාර කරන්න පුළුවන් විදියට.... ළමයින්ට  සතාසිවුපාවුන්ට වැඩිවැඩියෙන් ආදරය කරුණාව දක්වන්න ........
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ළමයින් නැ කියල දුක් වෙන්න එපා. අනිත් ය කියන දේවල් ගණන් ගන්න එපා. ළමයින් නැති උනාම තියෙන වාසි ගැන හිතන්න. තමන් කැමති දෙයක් කැමති වෙලාවක කරන්න පුළුවන්. ඉස්කෝල ප්‍රශ්න නැ. එක හරි නිදහස් ජීවිතයක් කියල හිතන්න. විනෝදාංශ හොයා ගන්න. පොත් කියවීම, TV Series බැලීම, Movies බැලීම, කෑම ජාති හැදීම වගේ. හැමවෙලාවෙම positive ඉන්න.

    අපි ඉන්නේ මේ විදිහට.

    අපිත් tube babies try කළා 4 පාරක්. හරිගියේ නැ. ඔක්කොම miscarriage උනා. තව කළල 4 ක් freeze කරලා තියනවා එත් අපි තීරණය කල එම කළල ගර්භාශයේ තැන් පත් නොකර ඉන්න. හේතුව දැන් අපට ළමුන් නැතුව ඉඳල පුරුදු වෙලා, ළමුන් ඉන්න එක කරදරයක් කියල හිතෙනවා. හැබැයි අපි ළමයින් ට ආදරේ නැතුව නෙවේ. අපි අපේ සහෝදර සහෝදරයින් ගේ, යාළුවන් ගේ ළමුන් ට ගොඩක් ආදරෙයි. ඒ ළමයින් අපටත් ආදරෙයි.

    දැනට tube babies වැඩේට ලක්ෂ 25 විතර වියදම් උනා. අපිට හරි ගියේ නැති උනාට, අපිත් එක්කම treatment කරපු සමහර අයට හරි ගියා. ඉතින් එකට වාසනාව හරි අවාසනාව තියෙන්න ඕනේ. සල්ලි තිබුනට මදි. එත් සල්ලි තියෙනවා නම් උත්සහ නොකර ඉන්නත් එපා. මොකද කවද හරි හිතෙන්න පුළුවන් අපි සල්ලි තිබිලත් tube babies try කලේ නැ කියල.

    මචන්, තරහ නැතුව කියන්න පුලුවන්ද IVF-Tube කරෙ කොහෙද කියලා, අපිටත් කියල තියෙන්නෙ IVF යන්න කියලා.. ඔයාලා ලංකාවෙද කරේ? කවුද ඩොක්ටර්?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Lamay hadanna lamainta asa nisa arenna anith unta ona nisa wath ..api wayasata giyama unta apiwa balaganna puluwan kiyana gobba sankalpa nisa nemi......

    Anyway english medicines options nattam ayurweda try karala balana...

    BUMP!
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිස්සුද බං දරුවෝ හදන්න එපා..
    උඔ උබේ රෙද්දෙ රෙවෙනකන් උන්ට කන්න අදින්න දීලා ලොකු මහත් කරාට
    උඔට හිතන්න පුලුවන්ද ඒ දරුවෝ උඔට සලකයි කියලා, මොකද ගොඩක් දෙනෙක් ළමයි හදන එකේ අරමුණ වයසට ගියහම තමුන්ට සැලකීම. ඒත් උඔට කියන්න පුලුවන්ද ඒ ළමයා උඔලට සලකයි කියලා
    අනික උබේ ළමයට හඳුනානොගත් රොගයක් හැදුනොත් ජීවිත කාලෙම විඳවන්න වෙන රෝගයක් හැදුනොත් මන්දබුද්දික වුනොත් උබේ ජීවිතේම ඉවරයි වගේම ළමයගේ ජීවිතෙත් ඉවරයි උබේ බිරියගේ ජිවිතේත් ඉවරයි.
    ළමයි හදන්න ඔනි නෑ මොකද ඉදිරියට එන සාමාජේ මිටවඩා දරුණුයි
    දැන් දෙන්නත් එක්ක ෆන් එකේ ඉදලා
    අන්තිම කාලෙදි දෙන්නත් එක්කම මහලු නිවාසෙකට පලයන් බං
    එකට දෙන්න ගානක් ඉතුරු කරගනින්.
    එක සැපක් ...

    දැන් කට්ටිය එයි කියගෙන මගේ අම්මත් එහෙම හිතුවනන් අද මම නෑ කියලා.. ඔව් අද මම හිටියෙ නැත්තන් ඒ අයට ඒ අයගේ ජීවිත කාලේ මන්නිසා දුක්විඳපු තැන් නැතිවෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    this...
     
    • Like
    Reactions: Aruna119

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    ඔබ දෙපලට ඉක්මනින්ම දරු සම්පත් ලැබේවා ... කියලා ප්‍රාර්තනා කරනවා...
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    පිස්සුද බං දරුවෝ හදන්න එපා..
    උඔ උබේ රෙද්දෙ රෙවෙනකන් උන්ට කන්න අදින්න දීලා ලොකු මහත් කරාට
    උඔට හිතන්න පුලුවන්ද ඒ දරුවෝ උඔට සලකයි කියලා, මොකද ගොඩක් දෙනෙක් ළමයි හදන එකේ අරමුණ වයසට ගියහම තමුන්ට සැලකීම. ඒත් උඔට කියන්න පුලුවන්ද ඒ ළමයා උඔලට සලකයි කියලා
    අනික උබේ ළමයට හඳුනානොගත් රොගයක් හැදුනොත් ජීවිත කාලෙම විඳවන්න වෙන රෝගයක් හැදුනොත් මන්දබුද්දික වුනොත් උබේ ජීවිතේම ඉවරයි වගේම ළමයගේ ජීවිතෙත් ඉවරයි උබේ බිරියගේ ජිවිතේත් ඉවරයි.
    ළමයි හදන්න ඔනි නෑ මොකද ඉදිරියට එන සාමාජේ මිටවඩා දරුණුයි
    දැන් දෙන්නත් එක්ක ෆන් එකේ ඉදලා
    අන්තිම කාලෙදි දෙන්නත් එක්කම මහලු නිවාසෙකට පලයන් බං
    එකට දෙන්න ගානක් ඉතුරු කරගනින්.
    එක සැපක් ...

    දැන් කට්ටිය එයි කියගෙන මගේ අම්මත් එහෙම හිතුවනන් අද මම නෑ කියලා.. ඔව් අද මම හිටියෙ නැත්තන් ඒ අයට ඒ අයගේ ජීවිත කාලේ මන්නිසා දුක්විඳපු තැන් නැතිවෙන්න තිබ්බා.
    This is true, we have also planned this and making a fund for the elderly home when we can not take care ourselves, or we donate our house to an elderly home and take the membership
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    හදා ගන්න දරුවො නිසා, ඒ දරුවො ලොකු උනාම අපි නොහිතන ගොඩක් ප්‍රශ්න වලට මුන දෙන්න වෙයි.
    අනික අපි අපේ අවසාන කාලෙ දරුවො අපිව බලාගයි කියලා හිතුවට, තාමත් වෙන්නෙ , දෙමව්පියන් මැරෙන කල්ම දරුවො බලන එකනෙ වෙන්නෙ.
    අනික අපේ මරනය කවදා, කොහොම වෙයිද කියලා කව්ද දන්නෙ.

    ඒ කොහොම වෙතත් තරුන කාලෙ , හැකි පමන ආර්තිකේ ශක්තිමත් කරගන්න එක වටිනවා. අපිට සමාජෙ කටවල් වහන්නත් බෑ, හදන්නත් බෑ. ඉතින් එවැනි කතා නොසලකා හරින්න.
    සියලු බලාපොරොත්තු ඉටු වෙන්න ප්‍රාර්තනා කරනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි හදන එක 'වැරදි දෙයක්'. උබට මේලෝකේ සිද්ද වෙන දේවල් control කරන්න බෑනෙ... මනුස්සයෙක් උපතේ ඉදල මැරෙනකන් කොච්චර දුක් විදිනවද.... ආතල් ජිවිත ගත කරන්නේ එහෙමත් කෙනෙක් තමයි.... එක නිසා මනුස්සයෙක්ව මේ ලෝකෙට ගෙනල්ල අතාරින්න එපා ...

    සතුටු වෙයන් ළමයි හදන්න තියන නොහැකියාව ගැන, උබලට condom නැතුව ආතල් එකේ sex කරන්න පුළුවන්...
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    දරුවො හදන එකේ අභිමතාර්ථය වයසට ගියාම සැළකීම, මැරෙනකොට වතුර බොන්න දීම කියන අශෝභන ආකල්පය තියෙන්නේ ගෝත්‍රිකයන්ට. ඒ වගේම අනුන්ගේ දරුවෙක් හැදුවොත් කොහොම හැදෙයිද දන්නෑ. අපි වගේ හැදෙන එකක් නෑ. කියන්නෙත් ආධ්‍යාත්මිකව පිරිහුණු කල්පනාවක්. ඔය වගේ ආකල්ප වල අවසාන ප්‍රතිඵලයක් ලෙස ඔහොම වුණා වෙන්නත් පුළුවන්. තමන් හදන දරුවා තමන් වගේ හැදෙන්න ඕන නෑ. ඒ වගේම ඒ දරුවා තමට වඩා ගොඩක් හොඳට හැදෙන්න පුළුවන්. ඔහොම හිතුවට කමක් නෑ චක්‍රවර්ති රජ කම දෙන්න පුලුවන් රජ පවුලක කෙනෙක්. තමාලා එහෙම නෙවෙයි නේ.

    තමන්ගෙ ළමයෙක් හැදුවත් අනුන්ගෙ ළමයෙක් හැදුවත් ඕනවට එපාවට හදන්නන් වාලේ හදන්න කිසි කෙනෙකුට කිසිම අයිතියක් නෑ. ළමයෙක් හදන්න තමන් මුලින් මානසිකව වගේම භෞතිකව දෙමාපියෙක් වෙන්න සුදුසු වෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම ආර්ථික ශක්තිය දියුණු කරගන්න ඕන. එහෙම නැතුව ළමයෙක් හැදුවොත් තමුන්ලාට තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා දරුවයි තමුන්ලයි දෙගොල්ලම දුක් විඳිනවා.

    මෙතන ඔයාගේ බිරිඳට සුව කළ නොහැකි ප්‍රති කර්ම නැති ශාරීරික දුර්වලතාවයක් තියෙනව නම් මුලින් හිත හදාගන්න. ඒක වෙනස් කරන්න බෑ. මොන වෙදා ළඟට ගියත්. ගොඩ වෙද්දුන්ගෙ ගැට වලට අහුවෙලා නට්ටං වෙනවට වඩා උගත් කෙනෙක් මේවට මුහුණ දෙන විදියට අවබෝධයෙන් මුහුණ දෙන්න. ඔයාට ශාරීරික දුර්වලතාවයක් තියෙනවද, පුරුෂ ශක්තියේ හෝ සරු භාවයේ අඩුවක් තියෙනවද කියලා ඊළඟට නිගමනයකට එන්න. එහෙම නැත්නම් ඔයාට බයෝලොජිකල් දරුවන් හදන්න පුළුවන්නම් එහෙම හදන්න ඕනනම් බිරිඳ කැමති කරවාගෙන වෙනත් ස්ත්‍රියක් භාවිතා කරලා දරුවෙක් ගන්න. එහෙම තැන් තියෙනවා. ඒකට අකමැති නම් බිරිඳගේ ආධ්‍යාත්මික දියුණුවේ අඩු කම නිසාම මේ ගැන සොයා බැලීම වැදගත් වෙනවා.

    ශ්‍රී ලංකා නීතිය අනුව යම් පුද්ගලයෙක් විවාහයට පෙරදීම බරපතල ශාරීරික ලිංගික දුබලතාවයකින් තමා පෙළෙන බව දැන දැනම එය නොපවසා වෙනත් අයෙක් සමග විවාහ වීම දික්කසාද නිමිත්තක් වෙනවා. බිරිඳ කලින් මේ ගැන දැන සිටියාද කියලා සොයා බලන්න.

    මේ කිසිවක් නැථ්ම්නම් පළමුව තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන බිරිඳගේ අවසරය ඇතිව බයෝලොජිකල් පියෙක් වෙන්න උත්සහ කරන්න. එහෙම නැත්නම් අරන් හදාගන්න. ඒකට බිරිඳ අකමැතිනම් ඇයගෙන් වෙන්වී වෙනම දරුවෙක්ට උදව් කරන්න ඔබට පියෙක් වෙන්න ඕනම නම්.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මචන්, තරහ නැතුව කියන්න පුලුවන්ද IVF-Tube කරෙ කොහෙද කියලා, අපිටත් කියල තියෙන්නෙ IVF යන්න කියලා.. ඔයාලා ලංකාවෙද කරේ? කවුද ඩොක්ටර්?

    මචන් අපි Lanka Hospitals ගියේ. Dr මදාර රළපනාව ගාවට. Lanka Hospital එකේ modern technology use කරන්නේ. අපේ යාලුවෙක් ඉන්නවා Austrailia වල, ඒගොල්ලන්ට Australia වලදී කරපු විදිහට තම Lanka Hospital එකේ අපිට treatment කලෙත්. බෙහෙත්, Injection ඔක්කොම සමානයි.
    පලවෙනි සැරේ Drugs, egg retrieval and embryo implant වලට ලක්ෂ 7 විතර යයි.
    මුලින්ම embryos (කළල) ගොඩක් හැදුනොත් ඒවා freeze කරනවා. පලවෙනි සැරේ හරි ගියේ නැත්නම්, freeze කරපු කළල දෙකක් warm කරලා නැවත තැන්පත් කරනවා. Freeze කරපු කළල තැන්පත් කරන process එකට ලක්ෂ 2.5 විතර යනවා.
    අපිට සජීවී කළල 24 හදුනා, ඒවා දෙක දෙක 4 පාරක් තැන්පත් කළා, තුන් සැරයක් wife pregnant උනා, ඒ උනත් තුන් සැරේම ඇබෝර්ට් උනා.
    තව කළල 6 ක් ඉතිරි වෙලා තියෙනවා (freeze කරපු කළල warm කරන කොට සමහර කළල මැරෙනවා)
    තව Colombo වල private hospitals වල IVF කරනවා (Ninewells, Nawaloka වගේ), පොඩ්ඩක් ඒවත් හොයල බලන්න, එතකොට cost එක අඩු එකක් හොයාගන්න පුළුවන්. එත් Lanka Hospitals වල process එක නම් high quality
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(
    machan 10 lacks withara wiyadan karoth india gihin oka hada ganda puluwan. mama danna 45 wayasa akka kenek indiya gihin oka hada gatha dan babata 1 yr
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන් අපි Lanka Hospitals ගියේ. Dr මදාර රළපනාව ගාවට. Lanka Hospital එකේ modern technology use කරන්නේ. අපේ යාලුවෙක් ඉන්නවා Austrailia වල, ඒගොල්ලන්ට Australia වලදී කරපු විදිහට තම Lanka Hospital එකේ අපිට treatment කලෙත්. බෙහෙත්, Injection ඔක්කොම සමානයි.
    පලවෙනි සැරේ Drugs, egg retrieval and embryo implant වලට ලක්ෂ 7 විතර යයි.
    මුලින්ම embryos (කළල) ගොඩක් හැදුනොත් ඒවා freeze කරනවා. පලවෙනි සැරේ හරි ගියේ නැත්නම්, freeze කරපු කළල දෙකක් warm කරලා නැවත තැන්පත් කරනවා. Freeze කරපු කළල තැන්පත් කරන process එකට ලක්ෂ 2.5 විතර යනවා.
    අපිට සජීවී කළල 24 හදුනා, ඒවා දෙක දෙක 4 පාරක් තැන්පත් කළා, තුන් සැරයක් wife pregnant උනා, ඒ උනත් තුන් සැරේම ඇබෝර්ට් උනා.
    තව කළල 6 ක් ඉතිරි වෙලා තියෙනවා (freeze කරපු කළල warm කරන කොට සමහර කළල මැරෙනවා)
    තව Colombo වල private hospitals වල IVF කරනවා (Ninewells, Nawaloka වගේ), පොඩ්ඩක් ඒවත් හොයල බලන්න, එතකොට cost එක අඩු එකක් හොයාගන්න පුළුවන්. එත් Lanka Hospitals වල process එක නම් high quality

    affaa eka lesi nane man dakka hospital eke gahala tibba 1500 success una kiyala :dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    අයියෝ කිසි දේකට වෝරි වෙන්න එපා දැන් හැදෙන උන් කොහොමත් දෙමවුපියන්ට සලකන උන් නෙවේ. ඒ ජෙනරේෂන් ටික ඉවරයි. උඹ කොහොමත් ළමයි හිටියත් නැත්තත් තනියම මැරෙන්නේ… ඒ නිසා ආතල් එකේ හිටපන්. :D