මම මේක කලින් තැනකත් දාල ඇති
මම ටික කාලෙකට කලින් කාලයක්ම පැය 4ක් හරියටම එලාම් තියලා නිදාගත්තා, ගොඩක් වෙලාවට කරේ ඉන්ටනෙට් යන එක යූටියුබ් බලන එක ෆිල්ම් බලන එක සමහර දවසට නම් කෝඩ් කරනවා වගේ දේවල්
හැබැයි ටික ටික තේරෙන්න ගත්තා කෝඩ් කරද්දි ඉස්සර තරම් ස්මාට් නැති ගතියක්, මම හිතුවෙ වයස නිසා වෙන්න ඇති කියලා. ඉස්සර මාර විදියට පොත් කියෙවුවා ඒත් පස්සෙ එක දිගට පොත් කියවන් බැහැ පිටු දෙක තුනක් කියවපු ගමන් එපා වෙනවා. තව ඉස්සර ගොඩක් ආසාවෙන් කරපු හොබීස් එහෙම ඒ තරම් ආතල් එකක් නැති වගේත් හිතුනා.
පස්සෙ තමයි මේක නිදාගන්න එක අඩු නිසා වෙනව කියලා තේරුනෙ, හරියට නිදාගන්න පටන් ගත්තට පස්සෙ ටික ටික නෝමල් වෙන්න ගත්තා. පොත් කියවන එකට එහෙම ආයෙ ආස හිතුනා. වැඩ වල සීන් එකත් හරිගියා කලින් කරපු හොබීස් වලට ටික ටික ආස හිතුනා හැබැයි ඉස්සරම ඉදපු තත්වෙටම එන්න කාලයක් ගියා
නිදා ගන්න එක අනිවාර්යෙන් පැය 7ක් වත් කරන්න මොකද මොලේ හෝමෝන් වල ප්‍රශ්නයක් ආවොත් මොලේට වෙන සමහර වෙනස්කම් ගොඩක් කාලයක් ගියාට පස්සෙ ආයෙ කවදාවත් වෙනස් කරන්න බැහැ.