දානය

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
පණුවා;16353095 said:
ethakota uba kiyanne ube jiwithaya ara marana sathage jiwithayata wada watinwwa kiyalada..okata thamai bn kiyanne minissunta kanna ona unama kabaragoyawath thalagoya karagannawa kiyala...

අනිවාර්යෙන්ම මනුස්ස ජීවිතයක් සතෙක්ගෙ ජීවිතේට වඩා වටිනව:yes:. පණුවෙක්ගෙ ජීවිතේට වඩා හුගාක් වටිනව:P.
කියල තියන 1 තේරුන් ගන්න බැරි එකට කරන්න දෙයක් නැහැ. පවට පින් දෙන්න බැහැනෙ.
මම තේරුම්කරන්න හැදුවෙ මචන් චේතනාව අනුව පව සිද්ධ වෙනව කියන 1:yes:. උබ සතෙක් මරන්නෙ මස්වල තියන රස නිසානම් ඒක පවක්. සතෙක් මරන්නෙ තමන්ගෙ ජීවිතේ බේර ගන්නනම් එතන පවක් නැහැ:no:.

හරි උබ කියහන්කො උබට කන්න නැතුව මැරෙන්න යන වෙලාවක මිනිහෙක් උබට මස් ටිකක් ගෙනල්ල දුන්නොත් උබ නොකා ඉන්නවද කියල එච්චරයි??.
 
Jun 19, 2013
437
104
0
"නමුත් කවදාවත් බුද්ධ පූජාවට උම්බලකඩ කෑල්ලක්වත් දාපු කෑමක් තියන්න එපා... ඒක කරගන්න පිනට වඩා ලොකු පවක්..."
මචන් මේක පොඩ්ඩක් විස්තර කරපංකෝ...මත මේක අහල තියනව....අම්මලත් දානේ දෙද්දී මාළු දුන්නට බුද්ද පුජාවට කවදාවත් තියන්නේ නෑ...ඉතින් මචන් ඒ කලෙත් බුද්ධ ප්‍රමුක සන්ගයවහන්සේලට ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන පිලි ගන්නුවනම් දැන් බුද්ධ පුඋජවට තියන එකේ වැරදි අයි...?????මචන් මස් තියන එක නෙමෙය්...උම්බලකඩ වගේ පොඩි දෙයක් අඩංගු වයන්ජනයක් වත් තියන්න හොඳ නැද්ද???:baffled::baffled::baffled::nerd:

සමුපූර්ණයෙන්ම වැරදි අදහසක් මචං. හිතේ තියන රාගය, ද්වේශය සහ මෝහය අයින් කරලා තමන් දානය වෙනුවෙන් සූදානම් කරපු ඕනම දෙයක් මචන් බුදිධ පූජාවට පූජාකලා කියලා පිනක් මිසක් පවක් සිද්දවෙන්න පුලුවන් කමක් නැහැ ධර්මයට සහ විනයට අනුව. ඒවගේම කාට හරි ඉන් ලැබෙන පිනෙත් අනිත්ය මෙනෙහි කරලා විදර්ශනා නුවණ සකස්කරගන්න පුලුවන්නම් ඒක තමයි දක්ෂකම. තෙරුවන් සරණයි.


මේක මචන් මම පොඩි කාලේ දහම් පාසල් යන කාලේ ඉදන් පන්සලේ හාමුදුරුවරුම උගන්වපු දෙයක් සහ අපිට ඉගෙන ගන්න දුන්න පොතක තිබුන දෙයක්. මම නම් දන්නේ නෑ දැන් ඔය අලුතින් එක එක්කෙනා කියන ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල දෙයක් මහා සාගරෙන් වතුර බින්දුවක් තරම් අපි ඉගෙන ගත්ත බුදු දහමෙන් පිට තිබුනද, නැතිනම් හාමුදුරුවරුන්ගේම වාසියට එහෙම දෙයක් ඇති කරාද කියල, හරියට ඔය අනිත් ආගම් වල වගේ එක එක දේවල් අප්ඩේට් වෙවී එන බයිබලය කුරානය වගේ දේවල් වල වගේ... අනික, ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන ගැන දාපු කෙනාම දාල තියෙනවා බුදු රජාණන් වහන්සේ මස් කෑවේ නැහැ, කැවිලා තියෙන්නේ මලපහ මත හැදෙන හතු ජාතියක් කියල. ඉතින් එහෙම නිසා "බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලා" කියල කියන්න බැහැ...

ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල එකක් ඇති ... එත් බුදු දහමේ ගැඹුරට අධ්‍යයනය කරන කම් නිශ්චිතව දෙයක් කියන්න බැහැ. පන්සිල් ගනිද්දී අපි සමාදන් වෙන්නේ "මම සතුන් නොමරමි කියල"... අනික එහෙම කැප දානයක් බුදු හාමුදුරුවෝ දේශනා කළා නම් ඒ කැප දානය ගොඩක් සීමා සහිතව ඇතුලත් කල එකක් වෙන්න ඕනේ... මොකද පෘතග්ජන කෙනෙකුට කිසිම ලෙහෙසි දෙයක් බුද්ධ දර්ශනයේ නැහැ... රාග, ද්වේශ, මෝහ වගේම..., සිත කය වචනයත් සංවර වෙන්න ඕනේ.. දැන් කොයි මනුස්සයද මැරිලා ඉන්න සතෙක් අරගෙන ගිහින් උයල කන්නේ... එහෙම කෑවත් කන කෙනා ලෙඩ නොවී තියෙනවද... ඒක නිසා දැන් මස් පිණිසම තමයි සතුන් මරන්නේ... ඉතින් ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල එකකුත් තියෙනවා නම්, අපි බුද්ධ පූජාවට දෙනවද නිකන් ඔය මැරිලා ඉන්න සතෙක්ගේ මසක්... උම්බලකඩ උනත් හදන්නේ ඒකටම කියල වෙනමනේ...
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇම්ඩගේ තාත්ත;16355210 said:
    මේක මචන් මම පොඩි කාලේ දහම් පාසල් යන කාලේ ඉදන් පන්සලේ හාමුදුරුවරුම උගන්වපු දෙයක් සහ අපිට ඉගෙන ගන්න දුන්න පොතක තිබුන දෙයක්. මම නම් දන්නේ නෑ දැන් ඔය අලුතින් එක එක්කෙනා කියන ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල දෙයක් මහා සාගරෙන් වතුර බින්දුවක් තරම් අපි ඉගෙන ගත්ත බුදු දහමෙන් පිට තිබුනද, නැතිනම් හාමුදුරුවරුන්ගේම වාසියට එහෙම දෙයක් ඇති කරාද කියල, හරියට ඔය අනිත් ආගම් වල වගේ එක එක දේවල් අප්ඩේට් වෙවී එන බයිබලය කුරානය වගේ දේවල් වල වගේ... අනික, ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන ගැන දාපු කෙනාම දාල තියෙනවා බුදු රජාණන් වහන්සේ මස් කෑවේ නැහැ, කැවිලා තියෙන්නේ මලපහ මත හැදෙන හතු ජාතියක් කියල. ඉතින් එහෙම නිසා "බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලා" කියල කියන්න බැහැ...

    ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල එකක් ඇති ... එත් බුදු දහමේ ගැඹුරට අධ්‍යයනය කරන කම් නිශ්චිතව දෙයක් කියන්න බැහැ. පන්සිල් ගනිද්දී අපි සමාදන් වෙන්නේ "මම සතුන් නොමරමි කියල"... අනික එහෙම කැප දානයක් බුදු හාමුදුරුවෝ දේශනා කළා නම් ඒ කැප දානය ගොඩක් සීමා සහිතව ඇතුලත් කල එකක් වෙන්න ඕනේ... මොකද පෘතග්ජන කෙනෙකුට කිසිම ලෙහෙසි දෙයක් බුද්ධ දර්ශනයේ නැහැ... රාග, ද්වේශ, මෝහ වගේම..., සිත කය වචනයත් සංවර වෙන්න ඕනේ.. දැන් කොයි මනුස්සයද මැරිලා ඉන්න සතෙක් අරගෙන ගිහින් උයල කන්නේ... එහෙම කෑවත් කන කෙනා ලෙඩ නොවී තියෙනවද... ඒක නිසා දැන් මස් පිණිසම තමයි සතුන් මරන්නේ... ඉතින් ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල එකකුත් තියෙනවා නම්, අපි බුද්ධ පූජාවට දෙනවද නිකන් ඔය මැරිලා ඉන්න සතෙක්ගේ මසක්... උම්බලකඩ උනත් හදන්නේ ඒකටම කියල වෙනමනේ...

    මගේ අදහසක් ඔය හා සමානයි මචන්
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මගේ අදහසක් ඔය හා සමානයි මචන්

    මචං මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල ප්‍රාණගාතයක් සිද්දවෙන්නෙ කොහොමඩද කියලා හොයහගන්න ඕනෙ. ඒක සිද්දවෙන්නෙ මෙහෙමයි.

    කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරන්නට කැමති සිත
    4. මරන්නට උපායක් සැකසීම
    5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත් සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ.

    ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.
    1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
    2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
    3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
    4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
    5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
    6. ඍධිමය ප්‍රයෝගය - අමනුෂ්‍යයන් විසින් බියකරු වේශයක් මවාපෑමෙන් ආදියෙන් වන මරණය.

    ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.
    1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
    2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
    3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    4. ආයුධය: යනු මරණය සිදුකල යුතු ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    5. ඉරියවුව: මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

    මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: counter dr

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්, ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

    මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

    එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක් කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා අය,බත් කටක් කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

    මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද? මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

    රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

    යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ.

    එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින් කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

    කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන් වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.

    ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?
    ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා.


    බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා. මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.

    තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත්
    ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.


    මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි වෘතයන් ට අයත් බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත් වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.

    බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?
    බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.


    බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?
    බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.
    1. මිනි මස්
    2. අලි මස්
    3. අශ්ව මස්
    4. බලු මස්
    5. සර්ප මස්
    6. සිංහ මස්
    7. ව්‍යාඝ්‍ර මස්
    8. දිවි මස්
    9. වලස් මස්
    10 තරස් මස් (සමහර තැනෙක මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)


    බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.

    බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය
    මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ. එම අවස්ථවේදී උන් වහන්සේලාට එම
    ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා.
    බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.

    "ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය. ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී "භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා" භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක. මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.

    මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය අකුසලයක් වන අයුරු?
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා. මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා.
    මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින් මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා. එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න

    " මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ, ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත් පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."

    ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත් මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන් අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න. ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය. මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට ආහාරය ගැන නුවණින් සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්. මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සූත්‍ර දේශානවන්හි හෝ අටුවා ග්‍රන්ථයන්හි හෝ තමා දන්නා තරමි...............................යෙන් කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි. ඉදිරි ලිපියකදී මේ පිළිබඳව කරුණූ පෙන්වා දීමට කැමැත්තෙමි. ධර්මය ගැන පරීක්‍ෂාකාරීව බැලීම ධර්මාවබෝධය පිණිස හේතුවන බවත් සත්‍යය දෙස බැලිය යුත්තේ හැඟීම්වලට වහල් නොවීමෙන් බවත් අවධාරණය කරමි.


    THankx good post :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මාංශ අනුභවය
    පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.

    කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    (පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

    කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

    මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

    උදාහරණයක් ගනිමු.

    1. ඔබ ජීවත් වේ.
    2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
    3. ඔබ පණ පිටින් බව මම දනිමි.
    4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
    5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

    කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.

    නමුත් සත්‍ය කතාව නම්,

    1. මුදලාලි ඔබව මරනවා.
    2. මට මස් කන්න හිතෙනවා.
    3. මම ඔබේ මළකුණ දකිනවා.
    4. මට මස් කන්න හිතෙනවා.
    5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

    ඔබේ අල්ලේ වණ තිබේද?
    මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

    මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

    තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."
    http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html

    Thanks
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔික මහ ලොකුවට හිතන්න යන්න එපා,ඒක ප්‍රශ්නයක් නැහැ,කන එක නොවෙි,පමනට වඩා කන එකයි,පෙරේකමට මර මර රහ කර කර කැමයි වරැද්ද තියෙන්නෙ.හිතින් අල්ලගන්නෙ නැතුව ,තේරැමි අරගෙන කැවාට කමක් නැහැ..මස්,මාඵ,ඉස්සෝ,කුකුල්..etc දැන් සමහර හාමුදුරැවෝ ඔක්කොම ජාති කනවා.බුදු හාමුදුරැවෝත් දෙන ඔින දෙයක් කැවාලු..ඌරැ මස් කැවලු..ඒ කාලේ මස් කටු,මිනි මස් තමිබලා හමෙුදුරැවෝ බඩ පුරවගත්තට හිතින් අල්ලගත්තේ නැහැ,කොලහල ඇතිවුනෙ නැහැ.බුදු හාමුදුරැවෝ හරක් කන්න එපා කියලා කොතනකවත් කියලා නැත්තමි,ඇයි අපි බොරැවට නහින්නෙ,ඒ හාමුදුරැවෝ ඉස්සෝ,මාළු කැවා කියලා බඩ හාරලා ගන්නැ,නඩු පත්තරේට දාන්නද,ගහලා මරලා නවත්තන්නද,මොකකද් ඒ කැක්කුම,වෙන වැඩ නැතුවද?..කුස ගිනි නිවන්න,ඔින දෙයක් කැවට කමක් නැහැ..තමන් වෙජිටෙිරයන්,අර ටෙිරියන්,මංශ කාරයෝ වුනාට අනිත් අය පලි නැහැනේ..අනික ඒ හාමුදුරැවෝ කාපු දෙයක් ගැන ඔය විදියට හිතලා අමුතු විදියට ගොඩක් දුරට හිතන්න,කරදර වෙන්න ඔිනෙ නැහැ..ඒක වැරදියි,ඒක අපිට වලක්වන්න බැහැ..තමන් මස්,මාළු නොකැවා කියලා අනිත් අය කන වලක්වන්න හොද නැති වැඩක්,ඔිනාවට වඩා සිතිමෙන් නැති ප්‍රශ්න ඇතිවෙනා.හරියට මුස්ලිමි මිනිස්සුන්ට මස් කන්න එපා කියලා..ප්‍රශ්න දුර දිග ගියා වගේ වැඩක් තමා..ඒක එයාලගේ වැඩක්,එයාලානේ කන්නෙ,අපායට,දිවි්‍ය ලෝකේ හරි යන්නෙත්,පවු ගෙනියන්නෙ එයාලයි..අපි හැදුනාම ඉවරයිනේ කථාව..නැත්තමි ඔිවා කන එක නවත්තන්න ගොහින් ගහ මරා ගන්න වෙනවනේ..අපේ ගෙදර හරක් මස් ඇරෙන්න ඔින එකක් කනවා,එක අපේ කැමැත්ත.අපි නොකන නිසා,අනිත් අය කන එක වලක්වන එක අනුවන,අන්තිම මොඩ ක්‍රියාවක්.. අනේ පවි මෙි සතා කියලා ඇලිගෙන කන්න නරකයි,නොකා ඉන්නවනමි කමක් නැහැ,කනකොට එ ගැන වැඩියේ හිතන්න යන්න එපා..අපි කන්නෙ කුසු ගින්න නිවන්න කියලා විතරක් හිතලා,අවබෝධ කරගෙන කන්න ඔිනේ..එතිනින් එහාය අන්තයට හිතලා යනවානමි අපිට කන්න දෙයක් නැතුව ගිහිනි පිදුරැ,බුදු හාමුදරැවෝ වගේ ගස්වල කොල,තමා කන්න වෙන්නෙ.:rofl:බුදු හාමුරැවෝ කිවිවෙ අපේ සරිරයට වද නොදි,ඔින දෙයක් කලා,නිරෝගිව සාමයෙන්,ප්‍රේමයෙන්,ඉන්න කියලයි, එතකොට නිවන් දකින්න ලේසි,මෙි හිත තමා ඔක්කොටම මුල,ගොඩක් ප්‍රශ්න වලට මුල අපි ඔින වඩා සිතිමයි,රන්ඩු,අයහපත් ක්‍රියාවයි ගැටුමි..etc නිසා. මෙික තෙරැමි ගන්න..මචං..:yes:
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo


    මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    වැරදියට හිතන්න එපා මචන්.. මම සර විදිහකට බුදු දහම දිහා බලපු කෙනෙක්... ඒ සරල කම ම බරපතලයිද මම දන්නේ නෑ..

    ඔය කතාව මට හිතට ගන්න අමාරුයි මචන්,.
    කඩෙන් අරන් කන්න දුන්නම කන කෙනාට අකුසල් නෑ කියලා හිතන්න අමාරුයි මටනන්... හේතුවට කලින් ඵලයක් එන්නේ නෑ කියන සංකල්පයම මෙතනට ගන්න බෑ කියන එකයි මගේ අදහස,..

    රණ්ඩු කරන්න නෙමෙයි මචන්.. දන්නැති දෙයක් තියෙනවනන් කියලා දියන්. :)
    මගේ හිතටනන් ඔය කතාව ගන්න අමාරු දෙයක්
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කොට
    ඉස්පිරිතලෙට අරන් ගිය සුප් වලට මම හරක් මැරබෝන් දැම්මා
    දොස්තරයා තමා කිව්වේ එහෙම දාන්න කියලා
    ඕක් දැන ගත්ත එකා දෙන්නා මම දිහා බැලුවේ මම ඔන්දස්පොට් අපායට යයි වගේ
    කෝ ගියාද? නැහැ නෙ
    හාමුදුරුවෝ නොදැන බීපු නිසා හාමුදුරුවන්ට පව් නැහැ :)
    මම හරකා නොමරපු නිසා මටත් පව් නැහැ :)
    දොස්තරයා කිව්වා විතරක් නිසා ඌට පවුත් නැහැ :)