දෑස් හැර බලනු උමා ඔය විනාශය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක වෙන්නේ උමග විදගෙන යන ගල porous සිදුරු සහිත නිසා භූගත ජලය වේගයෙන් උමග හරහා drain වීම...සිදුරැ වසිමට උත්සහ කලත් අධික පිඩනය නිසා කරන්න බෑ..මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රෝජෙක්ට් එකේ..එක තමා ගමට යටින් වෙන සිද්දිය...මේක කලින් බලාපොරොත්තු උන් දෙයක් නෙවේ...නමුත් තමන්ගේ ගමට මෙහෙම වෙන එක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් අසාදාරනයක් ප්‍රොජෙක්ට් එකෙන් ගොඩක් ප්‍රතිලාබ හම්බෙනවා..හැබැයි මෙ මිනිස්සු ගැන ආණ්ඩුව පොඩ්ඩක් බලන්න ඕනේ..ප්‍රොජෙක්ට් එකේ උන් ගම තියන තැනවත් දන් නෑ උන් ගමට යටින් ඉන්නේ..ප්‍රොජෙක් එක නතර කරන එක අපිට උඩින් බලල කියන්න බෑ මෙ හේතුව නිසා ප්‍රොජෙක්ට් එක නතර කරන්න කියලා ,ප්‍රතිලාබ වටිනවනන් ප්‍රොජෙක්ට් එකත් තියාගෙන ගමටත් සහනයක් හම්බෙන විදියක් බලන්න ඕනේ...මෙතන කාටවත් උවමනාවක් නෑ ගමට සහනයක් දෙන්න ..මේකේ දෙමල ගමක් මුස්ලිම් ගමක් උනානං බලන්න තිබ්බා..

    :yes::angry:
     

    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    Umbalata wandi dunne nethda ban wena thenakin geyak/idamak ganna? Wandi dunne nethnam weradi

    මම කතා කරන්නේ පුද්ගලිකව මට උන හානියක් ගැන නෙවෙයි මචං. පුද්ගලිකව මම ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ට ඇස් පනාපිටම මේ වෙන හානිය ගැන. මිනිස්සුන්ට විතරක් නෙවෙයි පරිසර පද්ධතියට මේකෙන් වෙන හානිය ඉතා අධිකයි. ඉදිරියේ නාය යෑම්, වතුර නැති වාගාබිම් මේ පළාතේ සුලභ වෙයි. රටටම එළවලු දෙන දෙන පළාත මේක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මෙහෙ වෙන්නෙ බන් ප්‍රොජෙක්ට් එකට අනුව EIA හදන එකනේ බන්..ඒක් උඩින්ම පාස් ඇති..කලින් bore hole ගහල investigation එකක් කරලා තියනවා එකෙන් මෙ සීන් එක අහු වෙන්න නැතුව ඇති...

    Ane rajaye pake parisara waartha. Kanna ona unama kabaragoya thalagoya kara ganna haththa.:angry:
     

    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    ඔය හපුතලේ කියන්නේ ලංකාවේ තියෙන unstable soil bed එකක් මහා විශ්ල කැනීම් වලදී වෙන්න පුළුවන් හානිය වැඩියි.

    ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් නැතුව කරපු වැඩක්නේ. ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීම, තාක්ෂණික දුර්වලතා වගේ දේවල් නිසා රිජකේට් වෙච්ච ප්‍රොජෙක්ට් එකක් මේක.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම කතා කරන්නේ පුද්ගලිකව මට උන හානියක් ගැන නෙවෙයි මචං. පුද්ගලිකව මම ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ට ඇස් පනාපිටම මේ වෙන හානිය ගැන. මිනිස්සුන්ට විතරක් නෙවෙයි පරිසර පද්ධතියට මේකෙන් වෙන හානිය ඉතා අධිකයි. ඉදිරියේ නාය යෑම්, වතුර නැති වාගාබිම් මේ පළාතේ සුලභ වෙයි. රටටම එළවලු දෙන දෙන පළාත මේක.

    Ithin ban parak loku keruwath minissu kotasakata paduwak wenawa.

    rate population eka wedi wenakota mona anduwa awath owa karanna wenawa.

    Anduwata puluwan hoda wandiyak denna witharai- Ehema wandi nodi me wede karanawa nan sampurna weradi.

    (apeth kada,gewal kedila thienawa parawal hadaddi anduwen samaniya wandiyakuth gewala thienawa)
     

    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0

    Ithin ban parak loku keruwath minissu kotasakata paduwak wenawa.

    rate population eka wedi wenakota mona anduwa awath owa karanna wenawa.

    Anduwata puluwan hoda wandiyak denna witharai- Ehema wandi nodi me wede karanawa nan sampurna weradi.

    (apeth kada,gewal kedila thienawa parawal hadaddi anduwen samaniya wandiyakuth gewala thienawa)

    පාරක් ලොකු කරන එකයි, වැවක් හදන එකයි මේකයි අතර පැහැදිලි වෙනසක් තියනවා බං. මෙතනදි වෙන හානිය ඉතා වැඩී. සමස්ථයක් විදිගකට ගමකට නගරයකට වෙන හානියක් නම් ඒක විකල්ප දීලා සාධාරණීය කරණය කරන්න පුලුවන්. නමුත් මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ පහල ඡේදේ කියවලා බලපං.

    පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප‍්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු ප‍්‍රමාණයක් අහිමි වීම ය.

    මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ ප‍්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප‍්‍රධාන ජල ප‍්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන ප‍්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැවූ අති විශාල ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප‍්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත.

    මේ ව්‍යාපෘතියේ වැඩි කොටසක් කි‍්‍රයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප‍්‍රධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්‍යාපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන ප‍්‍රදේශ උග‍්‍ර නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උග‍්‍රවීම, පාංශු ඛාදනය උග‍්‍රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඔය පළාතේ. වෙන විනාශය පේනවා ඇහෙනවා :( කරන්න දෙයක් නැති කමට අද බිහිරෙකු සේ ඉන්නවා :dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    Uva district wathura Hambanthota geniyanna neda oka karanne. Thawa waw 2 kuth hindenawalu. complete karala masa 18n okkoma hariyanawalu. :baffled:

    07a.jpg

    07b.jpg


    - http://epaper.ada.lk/ 2017/01/06

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම

    - ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට වාරි ජලය සැපයීමේ අරමුණින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අතරතුර එහි ප්‍රධාන උමඟ තුළ සිදු වූ ජලය කාන්දු වීම හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 08ක ළිං සිඳී යාම, නිවාසවල ඉරි තැළීම් සිදුවීම වැනි අහිතකර බලපෑම් උද්ගත වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානි සිදු වී ඇති අතර, ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ග කෙරෙහිද විශාල බලපෑමක් සිදුව ඇත. උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමනය කර එම ජනතාවගේ දෛනික ජීවනෝපාය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ‍ෙවනුවට නව නිවාස ඉදි කිරීම, පානීය ජල සම්බන්ධතා නොමිලේ ලබා දීම ආදී අවශ්‍ය සහන කඩිනමින් සැලසීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-01-10
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aluthen honda pahasukam sahithawa gam pitin janawasa hadanna oone. labena prathilaba walin reimburse karaganna plan karala.

    eeka e minissunge ayitiya.

    Un patan gatta unge manapeta:dull:
    Mun karan yanawa Untama samana nisa:dull:
    Arun ge kiyawilla witarai:angry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    othana wenne ara thetha mati welenakota parimawa aduwela crack wena scene eka wage deyak neda oya bitthi ehema kadila yanna hethuwai(polawa bahina eka) lin wala wathura hidenna hethuwai? pase thiyena wathura tika ara wadi thane idala adu thanata yanawa wage scene ekak nemeda wenne. project eka complete karala wathura yanna patangattata passe oka hariyana ekak nadda.
     

    DMSJD

    Junior member
  • Jun 28, 2013
    62
    17
    8
    thamange gedara balan iddima kadan wetena eka, linda balan iddima hidila yana eka kohomada ban me minissu dara ganne.siraawata mewa hena gahana aparaada ban
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිදිච්ච ලිං නම් හිදිලා ඉවරයි. ඒ මිනිස්සුන්ට සාධාරනයක් කරලා තව දුරටත් වෙන විනාසෙ වත් නැවැත්තුවනම්. :(

    උමා ඔය ප්රොජෙ‍ක්ට එකට පොඩි සම්බන්ධයක් තියෙන කෙනෙක් නිසා මේක කියන්නෙ... ඔය ළිං හිදෙන එක වෙන්නෙ කන්ද ඇතුලින් ටනල් එක විදින නිසා... ඒක විදින කොට ටනල් එක විදින සීමාවේ උල්පතක් තිබුනොත් උල්පතේ වතුර ටික ටනල් එකට වැටෙනවා... හැබැයි ටනල් එකේ කොන්ක්රීට් ලයිනින් එක දැම්මට පස්සෙ නන් වතුර ටනල් එකට ලීක් වෙන්න විදියක් නෑ.... එතකොට ළිං වල වතුර මට්ටම පරණ ගානටම එන්න ඕනි.... ඇත්ත කතාව ඕකයි කියල තමා මට අහන්න ලැබුනේ... ඔතන පොඩි දේශපාලන ගේම් එකකුත් යනවලු වන්දි ගන්න..... ඔය උද්‍‍ෙඝෝශන ඔක්කොම තියෙන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ විතරයි... කන්දෙන් එහා ඒ කියන්නෙ වැල්ලවාය පැත්තෙ ඔක්කොම මිනිසසු කැමති ප්රොජෙක්ට් එකට....
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    උමා ඔය ප්රොජෙ‍ක්ට එකට පොඩි සම්බන්ධයක් තියෙන කෙනෙක් නිසා මේක කියන්නෙ... ඔය ළිං හිදෙන එක වෙන්නෙ කන්ද ඇතුලින් ටනල් එක විදින නිසා... ඒක විදින කොට ටනල් එක විදින සීමාවේ උල්පතක් තිබුනොත් උල්පතේ වතුර ටික ටනල් එකට වැටෙනවා... හැබැයි ටනල් එකේ කොන්ක්රීට් ලයිනින් එක දැම්මට පස්සෙ නන් වතුර ටනල් එකට ලීක් වෙන්න විදියක් නෑ.... එතකොට ළිං වල වතුර මට්ටම පරණ ගානටම එන්න ඕනි.... ඇත්ත කතාව ඕකයි කියල තමා මට අහන්න ලැබුනේ... ඔතන පොඩි දේශපාලන ගේම් එකකුත් යනවලු වන්දි ගන්න..... ඔය උද්‍‍ෙඝෝශන ඔක්කොම තියෙන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ විතරයි... කන්දෙන් එහා ඒ කියන්නෙ වැල්ලවාය පැත්තෙ ඔක්කොම මිනිසසු කැමති ප්රොජෙක්ට් එකට....
    මචන් ල්යිනින් එක ගහන්න බෑ වතුර එන pressure එකට..pores වහන්න grout ඉන්ජෙක්ට් කරන්න ගිහින් ඉන්ජෙක්ට් කරන එකේ pressure එක මදිලු වතුර pressure එක බලපුවම ...අලුත් තත්වේ දන් නැ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ල්යිනින් එක ගහන්න බෑ වතුර එන pressure එකට..pores වහන්න grout ඉන්ජෙක්ට් කරන්න ගිහින් ඉන්ජෙක්ට් කරන එකේ pressure එක මදිලු වතුර pressure එක බලපුවම ...අලුත් තත්වේ දන් නැ..

    ප්රෙශර් එකෙන් නන් වතුර විදින්න දෙයක් නෑ.. සීප්ඒජ් එකක් තියෙන්නෙ.... ඕකෙ මම දන්න විදියට ප්රීකාස්ට ලයිනින් එකක් ගහන්නෙ. අනික ප්රෙර් එකේ ආවත් වතුර ටික ඇවිල්ලා ඉවර වෙනවා... ‍මොකද කන්ද ඇතුලේ දිය ඇලි මුකුත් නෑ නේ...