77. දම්බොර ඇල්ල
උස මීටර් 10යි. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ලබුගම ජලාශ්‍රය ආශ්‍රිතවයි. මේකට ගමේ අය දෙමළ ඇල්ලත් කියනවා. ඒ ඉස්සර මේ පැත්තේ කුලී වැඩ කරන්න ආපු දෙමළ සේවකයෝ මේ ඇල්ලෙන් වැඩ ඉවර උනාට පස්සේ නාගත්ත නිසා කියලා කියනවා. වක් ඔයෙන් තමයි මේ ඇල්ල හැදෙන්නේ. හංවැල්ල ඉඳලා ලබුගමට ගිහින් එතනින් තුන්මෝදර පාළම පහු කරලා 1km ගියාම දකුණට හැරිලා දම්බොර කියන ගම්මානයට යන්න ඕනේ. ගම්මානේ ඉඳලා 3km ඈතින් තමයි මේ ඇල්ල පිහිටලා තියෙන්නේ.

