දියඇලි thread

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    පට්ට
    11.gif

    Rep+++
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Thanks Machan,
    හැබැහින් දකින්න බේරී උන දිය ඇලි කීපයක්ම දන ගත්තා ,නිවාඩුවක් හම්බ උන ගමන් ඒවත් බලන්න යන්න ඕන,ඉස්සර scouting කරන කලේ මේ බොහොමයක් කවර් කරලා තියනවා, job කරන්න ගත්තට පස්සේ week end 1ke film1k 2k බලල බුදිය ගන්න 1ක තමා කරන්නේ,:(:(:( අර සැර අල්ල කියල දාල තිබ්බ 1ක මට මතක විදිහට සේර ඇල්ල වගේ.

    ඔව් මචන් ඒක ඇත්ත. අපි හැමෝටම ඔය ලෙඩේ තමයි. ඔව් සේර ඇල්ල මචන්. :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩාක් ස්තූතියි මචන්.... මම හිතන් ඉන්නවා මේ දියඇලි ඔක්කොම බලන්න යන්න :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    90. ඩැල්වින් ඇල්ල

    උස මීටර් 30යි. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ රක්වාන නගරයේ ඩැල්වින් නම් වතුයායේ. ඇල්ල උඩ කොටසේ කුඩා විදුලි බලාගාරයකට ජලය එකතු වී පිට වෙන ජලයෙන් තමයි මේ ඇල්ල හැදෙන්නේ.

    2pzh6za.jpg

    පින්තූර අයිතිය දොස්තර අශාන් ගීගනගේ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Good thread :) Rep +
    Apith langadi giyaa Bakers ekata :D palaweni diyaali experience eka :love:
    wathura paara tikak saray me dawaswala:)

    මාත් එහෙමයි. ගොඩක් දිය ඇලි අපිට මෙහෙම බැලුවට ලඟට ගිහින් බලන්න විදියක් නෑ. ඒකටම සෙට් වෙලා යන්න ඕනේ ඒත් දැන් එහෙම බෑ. කොහේ හරි ගමනක් යනකොට පාර අයිනේ තියන දිය ඇල්ලක් දැකලා නවත්තලා බැලුවොත් තමයි. ලංකාවේ ගොඩක් දිය ඇලි වහින කාලෙට අලුතෙන් හැදෙනවා. ඒවත් පුදුම ලස්සනයි. ගොඩක් වහින කාලෙට දරුණු වැඩි වතුර බොර පාටයි. වැහැලා සතියක් දෙකක් ගියාම තමයි ලස්සන. ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    91. ලංකාගම බ්‍රාක්මණ ඇල්ල

    උස මීටර් 17යි. ඇල්ල පිහිටලා තියෙන්නේ මාතර> අකුරැස්ස> මොරවක> නෙළුව> ලංකාගම. නම පටබැඳුනේ වළගම්බා රජුට අයිති රන් පුහුල් ගෙඩියක් සොරාගත් බ්‍රාක්මනයෙක් පසුපස රජුගේ සෙබළු ලුහුබන්දිනකොට මේ ඇල්ලට වැටිලා මැරුණ නිසාලු. ඇල්ල පෝෂණය වෙන්නේ හිරියාව කියන දොළ පහරෙන්.

    Brakmanaella%20-Sinharaja.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    92. අහස් බෝක්කු ඇල්ල - අත්වැල්තොට

    උස මීටර් 30යි. පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. මතුගම බදුරලිය මාර්ගයේ ගිහින් අත්වැල්තොටට පැමිණ එතනින් තව 5km ක් ගමන් කර අඹතැන්න පාළම ලඟට පැමිණ මේ ඇල්ල ලඟට යන්න පුළුවන්.

    maxresdefault.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මතක විදියට ලංකාවේ දිය ඇලි ගැන හදපු පළවෙනි වාර්තා වැඩසටහන. ජාතික රූපවාහිණි එකෙන් තමයි කරේ. මේක ඉස්සර පුදුම ආසාවෙන් බැලුවා.

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වසර 23 කට පසු ග්ලෙන් ඇල්ල යළි උපදී

    සිංගල් ත්‍රී කඳුවැටියේ අනවසර වගාකිරීම් නිසා 1992 දී මුළුමනින්ම සිඳී ගිය ග්ලෙන් දියඇල්ල ඉන්පසු නියම ජීවය ලැබූයේ 2015 වප් පුන් පොහෝදාය.

    අනවසර වගාවදී නතර වී කැලෑවද වැවී වැසිද ලැබීමත් සමග ග්ලෙන් ඇල්ල අද නව ජීවයක් ලැබීය.

    ග්ලෙන් ඇල්ලෙන් පෝෂණය වනුයේ නුවරඑළියේ ග්‍රෙගරි වැවයි. අද පෙරවරුවේ සිට පැය තුන හතරක් නුවරඑළියට තද වැසි ලැබුණි.

    IMGP00034Glenn-_20151027.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    93. හෙල්බොඩ ඇල්ල

    උස මීටර් 60යි. පිහිටලා තියෙන්නේ නුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව පසුකර යන අතර තුර. මේ ඇල්ල කිට්ටුවම තව ඇල්ලක් තියෙනවා ඩෙල්ටා ඇල්ල කියලා. ගොඩ දෙනෙක් මේ ඇලි දෙක ටපලගන්නවා. මේ ඇල්ල හැදෙන්නේ හෙල්බොඩ ඔයෙන් නිසා හෙල්බොඩ ඇල්ල කියලා නම වැටෙනවා. මේ ඇල්ල ගොඩක්ම වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ වහින කාලෙට. මේ ඇල්ලේ ජලය කොත්මලේ ජලාශයට එකතු වෙනවා

    13508863044_d0d9377bcd_b.jpg


    94. ඩෙල්ටා ඇල්ල

    උස මීටර් 60යි. පිහිටලා තියෙන්නේ නුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව පසුකර යන අතර තුර 41ක් වෙනි සැතපුම් කනුව අසල තිබෙන පාළමත් එක්ක. මේ ඇල්ල කිට්ටුවම තව ඇල්ලක් තියෙනවා හෙල්බොඩ ඇල්ල කියලා. ගොඩ දෙනෙක් මේ ඇලි දෙක ටපලගන්නවා. මේ ඇල්ල හැදෙන්නේ කොත්මල් ඔයෙන්. ඇල්ලේ නම හැදෙන්නේ මේ වත්තේ නම ඩෙල්ටා නිසා. මේ ඇල්ල ගොඩක්ම වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ වහින කාලෙට. මේ ඇල්ලේ ජලය කොත්මලේ ජලාශයට එකතු වෙනවා

    3-Upper-Part-of-Delta-Falls.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    95. කූඩලු ඇල්ල

    උස මීටර් 20යි. පිහිටලා තියෙන්නේ බෙරගල, කොස්ලන්ද ප්‍රදේශයේ පූනාගල මාර්ගයේ. වෙන වැඩි විස්තරයක් නම් හම්බුනේ නෑ. :sorry:

    image0499.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    96. උඩුවර ඇල්ල

    පිහිටලා තියෙන්නේ කළුපහනේ ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද කඳු පන්තිය ආසන්නයෙමයි. උස මීටර් හරියටම ගණන් බලලා නෑ දන්න විදියට. මීටර් 60-80 වගේ තමයි ඇස්තමේන්තුව. ඇල්ල බලන්න යන්න වෙන්නේ පයින්ම තමයි.

    2hwhgtz.jpg


    97. නාගදෝව ඇල්ල

    මේ ඇල්ලත් පිහිටලා තියෙන්නේ කළුපහන බඹරකන්ද කඳු පන්තියේ. මේ ඇල්ලේ උස හරියටම මැනලා නෑ. කියන විදියට මීටර් 150කට ආසන්නයි. මේ ඇල්ලයි උඩුවර ඇල්ලයි එක සමීපයේම තමයි පිහිටලා තියෙන්නේ.

    f21v8i.jpg


    2a3fqf.jpg