පින් කරලා නිවනම පැතුවොත් ඒ පිනට අනුව අදාල පාරමිතා ධර්මය වැඩෙනවා...ඒ කියන්නේ දන් දීල නිවන් පැතුවොත් ඒක දාන පාරමිතාවක් වෙනවා..
නිවනම පතනවා කියන්නේ අන් කිසි දෙයක් නොපතා භව නිස්සරණය කිරීමේ අභිලාෂයෙන් පින් කරනවා කියන එකයි..ඉතින් කොතෙකුත් ධන,සම්පත් තිබුණත් එවැනි පින් කළ තැනැත්තාගේ සිත සියල්ල හැර දමා බණ භාවනා කිරීම් ආදියට නැමෙනවා..
නිවනට උපනිශ්‍රය වෙනව කියන්නේ නිවනට උපකාර වෙනවා කියන එකයි..ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥා විතරක් නෙමේ...නිවනට අවශ්‍ය සියල්ලම ලැබෙනවා.(බුද්ධෝත්පාද කාලයක උපත ලැබිම, බණ ඇසීමට ලැබීම, මහණ දම් පිරීමට සිත නැමීම ආදිය..)
භාවනා කිරීම් ආදියෙන් සිත දියුණු කරගතහොත් බුදුවරයෙක් හමුවේදි පහසුවෙන් නිවන් දැකිය හැකියි.