දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

champi159

Member
May 23, 2011
178
9
0
තෙරුවන් සරණයි...! :):)

:):)
11.gif
rep +
 

Keshantha

Active member
  • Sep 23, 2007
    610
    28
    28
    ධර්ම දානය තරම් පින් උපදවන වෙනත් දානයක් නැ&#350

    ධර්ම දානය තරම් පින් උපදවන වෙනත් දානයක් නැත මිතුර.. අන්තර්ජාලය හරහා නරක, නපුර, අවිද්‍යාව, මිත්‍යදිෂ්ටිය වපුරන සමාජයක මෙවන් උතුම්වූ සද්ධර්මය අප කෙරෙහි අනුකම්පා සිතින් සරලව අපගේ අවධානයට යොමු කිරීම මහගු පින් කමක්මය.... ඔබවන් දරුවන් ලද දෙමවුපියන් වාසනාවන්තයන්ය... මේ ධර්ම දානය ඔබට මතු මතුත් සිහි කල හැකි මහා පින් කමක්ම වේවා...!! ඔබට පින් සිදු වේවා...!!
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පින් සහ රෙප් දීපු හැමෝටම තුති!!! අද පෝය දවසෙ උදෙන්ම බම්ප් එකක් දැම්මා..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අපි දිව්‍ය ලෝක වල අනන්ත වාරයක් ඉපදිලා ඇති. එකේ තියෙන සැප සම්පත් අනන්ත වාරයක් විඳලා ඇති. එත් කෝ අපට සැනසීමක්. දැනුත් කරන්නේ පංච කාම සම්පත්තිය පස්සේ දුවන එකනේ? ඉතින් ඔය වැඩපිළිවෙල අසාරයි. ඒක නිසා පින කරලා නිවන් දකින්නම පතන්න ඕනේ.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අපි දිව්‍ය ලෝක වල අනන්ත වාරයක් ඉපදිලා ඇති. එකේ තියෙන සැප සම්පත් අනන්ත වාරයක් විඳලා ඇති. එත් කෝ අපට සැනසීමක්. දැනුත් කරන්නේ පංච කාම සම්පත්තිය පස්සේ දුවන එකනේ? ඉතින් ඔය වැඩපිළිවෙල අසාරයි. ඒක නිසා පින කරලා නිවන් දකින්නම පතන්න ඕනේ.
    මේක දැම්මෙ අඩු ගානේ ඊළඟ භවය සුවපත් එකක් කිරීමේ අදහසින්..බල්ලෙක් බළලෙක් වෙනවට වඩා ඒක හොඳයි නේ..:yes:
    නිවන තමා වැදගත්.ඒත් ඒක පැතු පමණින් වෙන්නෙ නෑ..උත්සාහයෙන් පාරමිතා ධර්ම සම්පූර්ණය කළ යුතුයි..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මේක දැම්මෙ අඩු ගානේ ඊළඟ භවය සුවපත් එකක් කිරීමේ අදහසින්..බල්ලෙක් බළලෙක් වෙනවට වඩා ඒක හොඳයි නේ..:yes:
    නිවන තමා වැදගත්.ඒත් ඒක පැතු පමණින් වෙන්නෙ නෑ..උත්සාහයෙන් පාරමිතා ධර්ම සම්පූර්ණය කළ යුතුයි..

    පින් කරලා නිවන පැතුවොත් ඒවා නිවනට උපනිශ්‍රය වෙනවා විතරයි නේද? ඒ කියන්නේ නිවනට අවශ්‍ය වෙන ආයුෂ, වර්ණ, සැප, බල, නුවණයන දේවල් ලැබෙනවා නේ?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පින් කරලා නිවනම පැතුවොත් ඒ පිනට අනුව අදාල පාරමිතා ධර්මය වැඩෙනවා...ඒ කියන්නේ දන් දීල නිවන් පැතුවොත් ඒක දාන පාරමිතාවක් වෙනවා..
    නිවනම පතනවා කියන්නේ අන් කිසි දෙයක් නොපතා භව නිස්සරණය කිරීමේ අභිලාෂයෙන් පින් කරනවා කියන එකයි..ඉතින් කොතෙකුත් ධන,සම්පත් තිබුණත් එවැනි පින් කළ තැනැත්තාගේ සිත සියල්ල හැර දමා බණ භාවනා කිරීම් ආදියට නැමෙනවා..
    නිවනට උපනිශ්‍රය වෙනව කියන්නේ
    නිවනට උපකාර වෙනවා කියන එකයි..ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥා විතරක් නෙමේ...නිවනට අවශ්‍ය සියල්ලම ලැබෙනවා.(බුද්ධෝත්පාද කාලයක උපත ලැබිම, බණ ඇසීමට ලැබීම, මහණ දම් පිරීමට සිත නැමීම ආදිය..)
    භාවනා කිරීම් ආදියෙන් සිත දියුණු කරගතහොත් බුදුවරයෙක් හමුවේදි පහසුවෙන් නිවන් දැකිය හැකියි.
     
    Last edited: