දුක සහ මායාව

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
අපි දන්න කෙනෙක් මැරුනොත් , ඌව නොදන්න උන්ට ඒකෙන් දුකක් නෑ, අපි කොච්චර ඇඩුවත් උන්ට ගානක් නෑ, ඒත් ඌව නොදන්න උන් දන්න, අපිත් නොදන්න එකෙක් මැරුනොත් ඒකෙන් අපිට දුකකුත් නෑ, උන් කොච්චර ඇඩුවත් ඒකෙන් අපිට දුකක් ඇතිවෙන්නේ නෑ, ඒත් සිද්ද වෙලා තියෙන්නෙ එකම දෙය,

ඒත් ඇයි කොටසකට දුක දැනිල අනික් කොටසට දුක නොදැනෙන්නේ? කෙනෙක්ම තමාගෙ වටේ තියන දේවල් එක්ක හැගීම් , බැදීම් වැඩි කරගන්න නිසා දුක ඇති වෙන්නේ :)

දුක කියන්නෙ අපේ මතකේ තියන එක් තරා රූප පෙලක් පමණ ඉක්මවා රී ප්ලේ වීමක් වගේ දෙයක්, එක පිට එක පිට අපිට පරන සිදුවීම් මතක් වෙන්න ගන්නවා, පමණ ඉක්මවා අපිට හිතෙනව අතීතය කොච්චර සුන්දරද වගේ දේවල්, අපිට අපි අදුරන්නෙ නැති කෙනෙක්ගෙ දුකක් නොදැනෙන්නේ අපිට ඒ පුද්ගලා එක්ක ඒ වගේ මතක අපේ මතකයෙ නැති නිසා,, ඒත්? "මරණය" තැන් දෙකේම උනේ එකම දෙයක්, සමහරු අඩද්දි සමහරුන්ට ඒක නොදැනෙන දෙයක් ඇයි සමහර මිනිස්සු හිතට අරගෙන විදවන්නේ? මේ ගේම් එක සිද්ද වෙන්නෙ අපේ මනසෙ විතරයි, හැබැයි උබත් දන්න මාත් දන්න කෙනෙක් මැරිල උබේ මතකෙ ක්ෂනයකින් නැති උනොත්? උබට කිසිම දුකක් ඇති වෙන එකක් නෑ, අවසානෙදි අපි හැමෝම හැගීම් සහ මායාවන් එක්ක ජීවිතේ විදවනවා, විදිනවා... මන්නං හිතන්නේ බුදු හාමුදුරුවොත් මේක ලස්සනට පෙන්වල දීල තියනව..
 
Last edited:

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි කොච්චර ලස්සන කෙල්ලො හිටියත් ආදරේ කරන කෙල්ල ම දකින්න ආස....

    මේකත් ඒ වගේම තමයි......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි කොච්චර ලස්සන කෙල්ලො හිටියත් ආදරේ කරන කෙල්ල ම දකින්න ආස....

    මේකත් ඒ වගේම තමයි......

    මේක කියෙව්වම පපුව මොනාද වෙනව ..:( fuck!
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඔක්කොටම මුල බැඳීම තමය්.:yes: අපි දන්න කෙනෙක් වෙනුවෙන් අපි දුක් වෙන්නෙ ඒ කෙනා ගැන අපිට තිබුන බැඳීම නිසා. අපි නොදන්න කෙනෙක් වෙනුවෙන් දුකක් නොදැනෙන්නෙ අපිට එයත් එක්ක බඳීමක් නැති නිසා.
    දුකට හේතුව බැඳීම හෙවත් තන්හාව තමය්.

    තන්හාය ජායතී සෝකෝ
    තන්හාය ජායතී භයං
    තන්හාය විප්ප මුත්තස්ස
    නත්ථි සෝකෝ කුථෝ භයං
     
    blue_in_rio

    Well-known member
  • හේතුව උපාදානය

    ඔව්, තව ටිකක් විස්තර කලොත්, අපි හැම දෙයක්ම, මගේ, මගේ කියලා, තමුන්ගේ කරගෙන ඉන්නවා.ඒ කියන්නේ උපාදාන කරගන්නවා.ඊටම ඇලෙනවා.එහෙම ඒවා නැති වෙනකොට, ඒවට පොඩි හෝ කරදරයක් වෙනකොට ඔන්න ඉතිං අපේ මනස දුක් විඳින්න ගන්නවා.වෙන දෙයක් තියා, මේ කුණු ශරීරයවත් අපිට අයිති නැති කොට, අනිකුත් දේවල් ගැන කුමන කතාද ? :sorry::sorry:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හේතුව උපාදානය

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔව්, තව ටිකක් විස්තර කලොත්, අපි හැම දෙයක්ම, මගේ, මගේ කියලා, තමුන්ගේ කරගෙන ඉන්නවා.ඒ කියන්නේ උපාදාන කරගන්නවා.ඊටම ඇලෙනවා.එහෙම ඒවා නැති වෙනකොට, ඒවට පොඩි හෝ කරදරයක් වෙනකොට ඔන්න ඉතිං අපේ මනස දුක් විඳින්න ගන්නවා.වෙන දෙයක් තියා, මේ කුණු ශරීරයවත් අපිට අයිති නැති කොට, අනිකුත් දේවල් ගැන කුමන කතාද ? :sorry::sorry:

    මේ විශ්වයෙ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් අංශු මාත්‍රයක් අපි විසින් උපාදානය කරගෙන ඒ උපාදානය කරගත් සුලු කොටස අපේ කැමැත්තට අනුව වසඟයේ පවත්වන්න උත්සාහ කරනව.එසේ අප වසඟයෙහි පවත්වන්නට නොහැකි වන විට එතුලින් දුක හටගන්නව.අපි ඒවා උපාදානය කර නොගෙන සිටියානම් දුකක් හටගන්නත් හේතුවක් නෑ.